Saturday, March 19, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා Sri Lankan media   And contemporary trends / ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතා Media Trends in Sri Lanka

                                   ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රවණතා  Media Trends in Sri Lanka


 සන්නිවේදන ප්‍රවණතා යනු කාලාන්තරයක් තිස්සේ වැඩෙමින් පවතින විෂය ක්ෂේත්‍රයක ඇතිවන නව්‍යතාවයන්ය. සන්නිවේදනය ගතික සංකල්පයකි. එය කාලානුරූපිය නව තාක්ෂණික සොයාගැනීම් හා මානව ක්‍රියාකාරකම් සමග ඉදිරයට ගමන් කරයි. එම ගමන් මග සන්නිවේදන ප්‍රවණතා වේ


  1. තාක්ෂණික ප‍්‍රවණතා (Technology trends)
  2.  ආයතනික ප‍්‍රවණතා (Corporate trends)
  3.  අන්තර්ගතය (contents)
  4. ග‍්‍රාහකයා (Receiver)




1. තාක්ෂණික ප‍්‍රවණතා (Technology trends)

.
තාක්ෂණය හා මිනිසා අතර අත්තේ සමීප සම්බන්ධතාවයකි. ප්‍රාග්  ඓතිහාසික යුගයේ පටන් සිය ජීවන ක්‍රමය පහසු කර ගැනීමට නව උපකරණ හා සොයගෙැනීම් එක්කරගන්නා ලදී. මානව අවශ්‍යතාවයන් වෙනුවෙන් තාක්ෂණික සොයාගැනීම් හා භාවිත කිරීම සිදුවන බව හදුනාගත හැකිය.ගෝලීය මාධ්‍ය ප්‍රවණතාවයන් නව්‍යකරණයන් සමග නිරන්තරයෙන් වැඩෙමින් පවතියි. එහිදී නවතම මාධ්‍ය  තාක්ෂණික ක්‍රම හා උපකරණ හදුන්වා දෙයි. ගෝලීයකරණ හේතුවෙන් ලොව පුරා ඇතිව තිබෙන මාධ්‍ය වෙළදපොළ යාන්ත්‍රණය හා ජනතාවගේ ඉල්ලුමට සරිලන ලෙස සෑම රටක්ම ලොව බිහිවන ඕනෑම තාක්ෂණයක් ඉල්ලා සිටියි. එබැවින්  ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප‍්‍රවණතාවලට ඍජු ව ම බලපාන්නේ ගෝලීය මාධ්‍ය තාක්ෂණික ප‍්‍රවණතා ය. එහි ප‍්‍රමුඛ ප‍්‍රවණතාවක් ලෙස සැලකිය හැකි වන්නේ පැරණි මාධ්‍ය නව මාධ්‍ය බවට පත් වෙමින් තිබීම යි. පැරණි මාධ්‍ය යන්නට පුවත්පත, රූපවාහිනිය හා ගුවන්විදුලිය අයත් වේ.
නව මාධ්‍ය ලෙස ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටර්ගෑම් ආදි සමාජ මාධ්‍ය හා
අතථ්‍ය යථාර්ථය  (Virtual reality)  වැනි වෙනත් උපමාධ්‍ය ගණනාවක් බිහි ව තිබේ. මෙලෙස
පුරවැසියා සමාජ මාධ්‍ය වේදිකාවකට පැමිණ සිටියි.



අන්තර්ජාල තාක්ෂණය

 සංඛයාංන (ඩිජිටල්) තාක්ෂණයේ වර්ධනයෙන් අන්තර්ජාලය බිහි වේ. අන්තර්ජාලය සෙසු මාධ්‍යයන්ගෙන් වෙනස් වීමට හේතු රාශියක් බලපානු ලබයි. එය පාලනය කිරීමට අසීරුය. භූගෝලීය සීමාවන් අතික‍්‍රමණය කරමින් ලොව පුරා ව්‍යාප්තව පවති. මාෂල් මැක්ලූහන් නම් සන්නිවේදන විද්‍යාඥයා පවසන්නේ ‘‘තොරතුරු තාක්‍ෂණයේ හා සන්නිවේදනයේ දියුණුව නිසා මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බවයි’’ එයට සෘජුව අන්තර්ජාලයේ ව්‍යාප්තිය හේතු වෙයි.  නව මාධ්‍ය දියුණුවට බලපාන්නේ අන්තර්ජාල
තාක්ෂණය යි.

‘‘ලොව පුරා විසිරුණු පරිගණක ජාලකරණය’’ කෙටියෙන් අන්තර්ජාලය යන නමින් හ`දුන්වනු ලබයි. නව මාධ්‍යයේ ස්වභාවය හ`දුනා ගැනීමේදී  ඕනෑම ඩිජිටල් උපකරණයක් භාවිතා කරමින් අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. අන්තර් ක‍්‍රියාකාරිත්වය හා ප‍්‍රතිපෝෂණය ඉතා වේගවත්ය. ප‍්‍රජා සහභාගිත්වය සහිත මාධ්‍ය ස්වරූපයක් ක‍්‍රියාත්මක වේ. නව මාධ්‍යයේ ප‍්‍රවණතාවන් වශයෙන් කෙටි පණිවිඩ හුවමාරු සේවාව (sms),  දුරකථන ඇමතුම් ලබා  ගැනීමේ පහසුව, කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ හැකියාව(like) උඩුගත (Upload)   හා බාගත(Download)  කිීරීමට ඇති හැකියාව, වීඩියෝ, ඡායාරූප නැරඹීමට, තම අදහස් විවෘතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇත. විවිධ භාවිතයන් සම`ග සමාජයේ ප‍්‍රචලිත, බලයක් සහිත නිදහස් විවෘත මාධ්‍ය ධාරාවක් ලෙස හදුනාගනු ලබයි.



අන්තරජාලය හා සබැදි  නව මාධ්‍යක් ලෙස වෙබ් අඩවි (web site), විද්‍යුත් තැපෑල (Email),  බ්ලොග් (blogger),  යු-ටියුබ්  (you tube),  ඇප් (App), මුහුණු පොත (Face book),  ටුවිටර් (Twitter),  ලිඉන්ක්ඞ් - ඉන් (Linkd in),  මැසෙන්ජර් (Messenger),  වයිබර් (Viber) ස්කයිප් (skpe)  වට්ස්අප් (whatsapp)                                                      බ්ලොග්ස්  (blogs)  (බ්ලොග්ස් යනු දිනපොතක ආකාරයෙන් පෙළ ඇතුළත් කළ හැකි වෙබ් අඩවි විශේෂයකි  ව්ලොග්ස් (vlogs) (වීඩියෝ සබැඳියාවක් සහිත වෙබ්රූ පවාහිනියකි. (podcasts)  (බාගත හැකි සංඛ්‍යාංක ශ‍්‍රව්‍ය ගොනු වැනි මාධ්‍ය තාක්ෂණ බිහි ව ඇත.  ආදී තාක්‍ෂණික ක‍්‍රමෝපායන්  දැක්විය හැකි වේ.




2019 ජනවාරි වන විට ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන් ගණන මිලියන 7.13ක් වූ
අතර එහි වාර්ෂික වර්ධන ප‍්‍රතිශතය 6.2% ඉක්මවා සිටී. ජාල තාක්ෂණයෙහි සමාජ මාධ්‍ය ඇසුරු කිරීමේ
ප‍්‍රවණතාව වඩාත් කැපී පෙනේ. https://www.slideshare.net/DataReportal/digital-2019-sri-lanka-january-2019-v01





නූතන අන්තර්ජාලය ප‍්‍රමුඛ සංඛ්‍යාංක තාක්ෂණය සන්නිවේදන තාක්ෂණය ඔස්සේ මාධ්‍යවල (Media)
සිට අන්තර්ගතය  (Content) දක්වා සන්නිවේදන හැසිරීම මාරු වී ඇත. එනම් කවර මාධ්‍යයකින් වාර්තා
කරන්නේ ද යන්න වැදගත් නොවන අතර අවශ්‍ය ව ඇත්තේ විවිධ අන්තර්ගත සොයා යාම යි.
උදා - FB post, youtube thumbnail  තොරතුරු සොයාගැනීමේ කුතුහලයපවා වර්ධනය කරයි.


අන්තර්ජාල වස්තු   (Internet of Things - IOT)

21 වන සියවසයේ ආගම සන්නිවේදනයයි. එලෙස මාධ්‍ය ‘තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය’ ඔස්සේ ගොඩනැගෙන අතර එහි උච්චතම අවස්ථාව ‘අන්තර්ජාලය’ සොයා ගැනීමයි අන්තර්ජාලය හා එහි ප‍්‍රවණතාවන්ට, සහ එහි ව්‍යුහගත ලක්‍ෂණයන්ට අනුව නව මාධ්‍ය රාශියක් ආරම්භ වේ. තාක්‍ෂණික බහු කාර්ය උපකරණ, සමාජ ජාල මාධ්‍ය සියල්ලක්ම නව මාධ්‍ය ගණයට අයත් වේ. ඒවා අන්තර්ජාල වස්තු ලෙස හැදින්වේ. මිනිසාගේ  අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට පහසුවන පරිදි මෙය ගොඩනැගී තිබෙයි.  ”අන්තර්ජාල වස්තු” යන ප‍්‍රවණතාව පරිගණක තාක්ෂණික උපාංග උපයෝගී කොට ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ට තම තමන්ගේ වාහන, නිවාස, කාර්යාල හා සම්බන්ධ වෙනත් දෛනික සන්නිවේදන වුවමනාවන් ඉටු කර ගැනීමට, දත්ත යැවීම හා ලබා ගැනීම වැනි දත්ත ගනුදෙනු, විවිධ පරිගණක උපාංග හා අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීම, සන්දේශ සන්නිවේදනය, දත්ත විශ්ලේෂණය, දත්ත හා මානව අගයන් වර්ධනය කර ගැනීම ආදි මානව සන්නිවේදන වුවමනා ඇති කර ගැනීමට ”අන්තර්ජාල වස්තු” මඟින් අවස්ථාව ලැබේ. විද්‍යුත්උ පාංග, මෘදුකාංග (sensors)  හා ජාල සම්බන්ධතා මේ සඳහා උපයෝගී කර ගැනේ. අන්තර්ජාල භෞතික උපාංග හා දෛනික සන්නිවේදන කි‍්‍රයාකාරකම් අතර සම්බන්ධතාවක් මෙම ගින් ඇති කොට තිබේ.

රූපවාහිනි තාක්ෂණය

රූපවාහිනි යනු යම්කිසි දුර ප‍්‍රමාණයක් හරහා චලනය වන රූප හා ශබ්ද ලබාගැනීම හා විකාශනය ස`දහා බහුලව  භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියක්වෙයි.රූපවාහිනි තාක්ෂණයේ ප‍්‍රධාන කොටස් 2 කි.යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රෝන වෙයි. 1980 වනවිට රූපවාහිනි තාක්ෂණය ප‍්‍රාථමික තත්වයේ යුතුවුවත් වර්තමානය වනවිට ඉහළ තාක්ෂණයෙන් යුක්තවෙයි.රූපවාහි තාක්ෂණය දියුණුවීමට හේතුපාදකවී ඇත්තතේ දුරස්ථ චන්ද‍්‍රිකා සන්නිවේදනය ,සෘජු සන්නිවේදන විකාශනය, අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනි නැරඹීම වෙයි,එමනිසා සාර්ථක මාධ්‍ය කළමණාකරුවෙකුහට මෙම තාක්ෂණික කුසලතා පිළිබ`ද මනා වු අවබෝධයක් පැවතිය යුතුයි. රූපවාහිනී යනු  යම්කිසි දුර ප‍්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. අතීතයේ බහුලව භාවිත වුයේ CRT - cathode-ray tube රූපවාහිනී වේ. මාධ්‍ය නාලිකාවක සම්ප්‍රේශණ කුළුණු මගින් විකාශිත සංඥා ග්‍රාහණය කරන ටියුනරයක් හා ඇනෝඩ - කැතෝඩ නල ක්‍රියාකාරීත්වය මත රූපය මොනිටරයක්  මතට ලබාගත හැකි වුයේය.    රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ.

 නුතන රූපවාහිනී යන්ත්‍ර වල ඇත්තේ පරිපත වේ. එය motherboard හෙවත්   මව් පුවරුවකින් සමන්විතය  HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී. එසේ ම ප‍්‍රතිසම  (Analog)  තාක්ෂණයෙන් සංඛ්‍යාංක  (Digital)  තාක්ෂණයට පැමිණීමත් සමඟ මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට එළඹීම තවත් මාධ්‍ය තාක්ෂණික ප‍්‍රවණතාවකි. මෙමගින් මාධ්‍ය තාක්ෂණික වශයෙන් ඍජු විකාශ චන්ද්‍රිකා  (Direct Broadcast Satellite) අන්තර්ජාල ප්රොටෝකෝල රූපවාහිනී (IPTV) කේබල් රූපවාහිනී (cable television) පුළුල් කලාප (Broad band) හා චන්ද්‍රිකා වැනි විවිධ මාධ්‍ය තාක්ෂණ පුළුල් විය. ඒ ඔස්සේ මාධ්‍ය පරිහරණය වේගවත් ව ව්‍යාප්ත ව ඇත.




HDTV (High-definition television) 

රූපවාහිනී පද්ධතියක් විස්තර කරන්නේ පෙර පරම්පරාවේ තාක්‍ෂණයට වඩා සැලකිය යුතු ඉහළ විභේදනයක් සහිත රූප විභේදනයක් ලබා දෙමිනි. මෙම පදය 1936 සිට භාවිතා කර ඇත,  නමුත් නූතන කාලවලදී High-definition television පරම්පරාව බොහෝ විට කෙටියෙන් හැඳින්වෙන්නේ ්‍ HDTV හෝ HD-TV.ලෙසිනි. එය බොහෝ විකාශනයන්හි භාවිතා කරන වර්තමාන සම්මත වීඩියෝ ආකෘතියයි: භෞමික විකාශන රූපවාහිනී , කේබල් රූපවාහිනී , සැටලයිට් රූපවාහිනී , බ්ලූ-රේ තැටි , සහ එකම වෙනස වන්නේ picture quality  පින්තූරයේ ගුණාත්මකභාවයයි .
Video - 720p, 1080p, 1080p+,Ultra HD,  4k, 5k, 8k , 10k


LED - light-emitting diode






LCD - liquid-crystal display



















IPTV



Broad band





Smart TV

Android තාක්ෂණයෙන් බල ගැන්වී ඇති නුතනයේ ජනප්‍රියතම Smart TV යනු සම්ප‍්‍රදායික රූපවාහිනී යන්ත‍්‍රයක් වන අතර නමුත්  ඒකාබද්ධ අන්තර්ජාල හා අන්තර්ක‍්‍රියාකාරී  විශේෂාංග වලින් සමන්විත වන අතර එමඟින් පරිශීලකයින්ට සංගීතය සහ වීඩියෝ ප‍්‍රවාහනය කිරීමට, අන්තර්ජාලය පිරික්සීමට ඉඩ සලසයි. ස්මාර්ට් ටීවී යනු පරිගණක, රූපවාහිනී යන්ත‍්‍ර සහ සෙට්-ටොප් පෙට්ටිවල තාක්‍ෂණික අභිසාරීතාවයකි .



 වලාකුළු පරිගණක  (Cloud Computing)

වලාකුළු පරිගණක  (Cloud Computing) තාක්ෂණික ප‍්‍රවණතා සමාජ, අධ්‍යාපනික, ආර්ථික ආදි ක්ෂේත‍්‍රවල
සේ ම නව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද බොහෝ ප‍්‍රවණතා ඉදිරියට පමුණවා තිබේ. පරිගණක පද්ධති සම්පත්
ඇසුරින් දත්ත ගබඩා කිරීම හා ඒවා නැවත නැවත ලබා ගැනීම කළ හැකි දත්ත ගබඩා මේ නමින්
හැඳින්වේ. මාධ්‍ය අන්තර්ගත ගබඩා කිරීම සම්බන්ධ ව වලාකුළු තාක්ෂණය ආරක්ෂිත හා අතිශය ඵලදායි
ක‍්‍රමයකි.











ඒක මාධ්‍යවලින්  (Mono media)  හා බහු මාධ්‍යවලට  (Multi media

ඒක මාධ්‍යවලින්  (Mono media) බහු මාධ්‍යවලට  (Multi media) පැමිණීම මඟින් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ
ප‍්‍රවණතා රැසක් ඇති ව තිබේ.

 ඒක මාධ්‍ය යනු - ජාතික, ප‍්‍රාදේශීය ආදි ලෙස ඒක හිමිකාර බවක් සහිත මාධ්‍ය සන්නිවේදනයේ යෙදවීම යි.

බහු මාධ්‍ය යනු -  මාධ්‍ය ගණනාවක් භාවිත කිරීම වන අතර පෙළ, ශ‍්‍රව්‍ය, දෘශ්‍ය, ප‍්‍රතිරූප, ග‍්‍රාහක හා වීඩියෝ වැනි දේ ඇසුරින් අන්තර් කි‍්‍රයාකාරි ලෙස සන්නිවේදනය කිරීම මෙහි දී සිදු වේ. පොදු ග‍්‍රාහකයා බහු මාධ්‍ය ඇසුරු කරයි. ග‍්‍රාහකයා ඒවායෙහි විවිධ වූ අන්තර් කි‍්‍රයාකාරි සන්නිවේද කාර්යවල නිරත වේ. ඔවුහු බහු මාධ්‍ය ඇසුරේ විවිධ අන්තර්ගත නිර්මාණය කරති.


 මාධ්‍ය බෙදා හැරීම  (Distribution)

තාක්ෂණික ප‍්‍රවණතා ලෙස මාධ්‍ය බෙදා හැරීම  (Distribution)  යන්න ප‍්‍රවේශ  (Access)  බවට පත් ව
තිබීමෙන් ඉතා ඉක්මනින් සන්දේශවලට ළගා වීමේ හැකියාව ග‍්‍රාහකයාට ලැබී තිබේ. අතීතයේ සිට  ඇනලොග් තාක්ෂණය මේ සදහා බහුලව භාවිත කර ඇත. එහි නව ප්‍රවණතාවයක් වන්නේ ඩිජිටල් ක්‍රම වට යොමු වීමයි. තාක්ෂණික දියුණුව සමග රූපවාහීනී නාලිකා හා ගුවන්විදුලි නාලිකා සිය සම්ප්‍රේශන ක්‍රියාවලියේදී ඩිජිටල් සම්ප්‍රේශනය කෙරෙහි යොමුව ඇත.


ඩිජිටල් සම්ප්‍රේශනය පිළිබදව සරල ලෙස කිවහොත් රූප හා ශබ්ද මෙගාහර්ට්‌ස්‌ ඵය‘ 8 ක හෝ 7 ක නාලිකාවක්‌ තුළ 1 ක 0 ධාරාවන් බවට පත් කොට එක්‌ වාහකයෙකු වෙනුවට දහස්‌ සංඛ්‍යාත ඩිජිටල් වාහකයන් මගින් එම දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබයිග ඒ සෑම නාලිකාවකටම තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක්‌ ගෙන යා හැකියග ශ්‍රී ලංකාවට උචිත ලෙස තෝරාගත් ක්‍රමවේදය අනුව ඩිජිටල් නාලිකාවක ධාරිතාවයල ඒ හා සමාන ඇනලොග් නාලිකාවන් 6-10 දක්‌වා සංඛ්‍යාවකින් ඉහළය එසේම .ආසන්න ලෙස ඇසිරීම. සහ සංඛ්‍යාතයන් නැවත භාවිතා කිරීමට හැකි වීම හේතුවෙන් ඇනලොග් රූපවාහිනි නාලිකා වෙනුවට භාවිතා කළ යුතු ඩිජිටල් නාලිකා සංඛ්‍යාව ඉතා අඩුයග ඒ හේතුවෙන් එමගින් වැඩි වාසියක්‌ අත් වේ

ඩිජිටල් සම්ප්‍රේෂණයන් ඇනලොග් සම්ප්‍රේෂණයන්ට සාපේක්‌ෂව වඩා ඵලදායී වනවා සේම එහි මෙහෙයුම් වියදමද ඉතා අඩුයග ඒ තුළ VHF සහ UHයන තරංග වර්ග ද්විත්වයම භාවිතා කෙරෙන නමුත් UH සම්ප්‍රේෂණ සහ ප්‍රතිග්‍රාහක කාර්යක්‌ෂමතාවය VHF තරංග වලට වඩා අඩු බැවින් බොහෝ රටවල්  UHතරංග භාවිතා කිරීමට වැඩි කැමැත්තක්‌ දක්‌වයි.
https://www.divaina.com/2016/06/08/feature02.html

අනාගතයේ දී අපේක්ෂිත මාධ්‍ය තාක්ෂණ ප‍්‍රවණතා ලෙස -

 අතථ්‍ය යථාර්ථය(Virtual Reality)
අතථ්‍ය යථාර්ථය ( VR) යනු සැබෑ ලෝකයට සමාන හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි අනුකරණ අත්දැකීමකි. අතථ්‍ය යථාර්ථය වේ.



කෘත‍්‍රිම බුද්ධිය  (Artificial Intelligence)
කෘතිම බුද්ධිය  යනු පරිගණක වැඩසටහනකට හෝ යන්ත‍්‍රයකට සිතීමට හා ඉගෙන ගැනීමට ඇති හැකියාවයි. එය පරිගණක ”‍බුද්ධිමත්”‍ බවට පත් කිරීමට උත්සාහ කරන අධ්‍යයන ක්ෂේත‍්‍රයකි. විධාන සමඟ කේතනය නොකර ඔවුන් තනිවම වැඩ කරති. ජෝන් මැකාති 1955 දී ”‍කෘතිම ඉන්ටලිජන්සන්ස්”‍ යන නම ඉදිරිපත් කළේය. වර්ථමානය වන විට මෙම තාක්ෂණය වඩාත් දියුණු වී ඇත. නිදසුන් google assistant, apple iPhone siri






අධිවේගී පළල් කලාප ජාල ( High-speed broadband networks)
බ්‍රෝඩ්බෑන්ඩ් යනු පුළුල් කලාප පළල දත්ත සම්ප්‍රේෂණය වන වේගවත් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශයක් අදහස් කිරීමයි

 සංඛ්‍යාංක විකාශ අල්ප පරාස  (Narrow casting)
පටු විකාශනය සම්ප‍්‍රදායිකව වටහාගෙන ඇත්තේ තොරතුරු (සාමාන්‍යයෙන් අන්තර්ජාලය, ගුවන්විදුලිය, පුවත්පත හෝ රූපවාහිනිය හරහා පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙත ලබාදෙන බවයි. පටු විකාශනය සමග ඉලක්කගත හා ප්‍රමාණාත්මක  පටු පේ‍්‍රක්ෂක පිරිසකට තොරතැරු බෙදා හැරීමට හැක.


 ගුවන්විදුලි පද්ධති - (Radio Systems)
වර්තමානයේ ලොව  බොහෝ ගුවන් විදුලි මධ්‍යස්ථාන විවිධ ඇනලොග් සහ ඩිජිටල් ආකෘතිවලින් විකාශනය වේ


 සංවේදක ජාල  (Sensor networks)
මිනිසාට අවශ්‍යය පාරිසරික  තොරතුරු දැන ගැනීම උදෙසා මෙම තාක්ෂණය භාවිතා වෙි. කාලගුණ වෙනස්වීම් ආදිය පිළිබද දැන ගැනීමට, ජංගම දුරකථනයට හිත මිතුරන් සිටින ස්ථානය දැන ගැනීමට, ආරක්ෂක කැමරා දර්ශන සජීවිව නැරඹීම ආදිය දැක්විය හැකිය.

 දැල් ජාල (Mesh networks)
router මගින් අන්තරජාල සම්බන්ධතා සැපයීම. මෙහිදී එක් උපකරණයකින් බොහෝ දෙනෙක්ට සම්බන්ධතා ලබාගත හැකිය.




 බහු මාධ්‍ය විකාශන

 සන්දර්භ දැනුම්වත් තාක්ෂණය (Context-aware technology) 
පරිශීලකයා සන්දර්භය මත භෞතික පරිසරයක උපාංග භාවිත කිරීම  චන්ද්‍රිකා තාක්ෂණික සේවා හා නැනෝ තාක්ෂණික ප‍්‍රයෝග යනාදිය අනාගත තාක්ෂණික ප‍්‍රවණතා අතර දක්නට ලැබේ.



2. ආයතනික ප‍්‍රවණතා (Corporate trends)

ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ වේගවත් ප‍්‍රමාණාත්මක වර්ධනයක් දක්නට ලැබේ. මාධ්‍ය ආයතන
නිරන්තරයෙන් බිහි වීම හඳුනා ගත හැකි ප‍්‍රවණතාවකි.

 හිමිකාරිත්වය
මාධ්‍ය ආයතන බිහි වීම දිගින් දිගට ම වර්ධනය වීමෙන් රාජ්‍ය මාධ්‍ය කොටස (පංගුව* අවම වෙමින්
පවතී.

ප‍්‍රාදේශීය මාධ්‍ය
කොළඹ කේන්ද්‍රීය ව පවතින මාධ්‍ය ආයතන ක‍්‍රමික ව වෙනත් පළාත් කරා ගමන් කිරීම දක්නට
ලැබේ. යාපනය නගරය කේන්ද්‍ර කර ගත් පුවත් පත්, ගුවන්විදුලි හා කේබල් රූපවාහිනි නාලිකා
ආරම්භ වීම කැපී පෙනෙන තත්ත්වයකි.

මාධ්‍යකරුවෝ
ජන මාධ්‍ය ආයතනවල මාණ්ඩලික මාධ්‍යකරුවන්ට වඩා නිදහස් සහ විශේෂාංග වාර්තාකරණයේ
නියැළෙන මාධ්‍යකරුවන් බිහි වී නැත. ආයතනික බැඳීම්වලින් තොර ව තමන් විසින් නිර්මාණය කරනු
ලබන මාධ්‍ය සන්දේශ විවිධ ආයතන සඳහා සපයනු ලැබේ. නව මාධ්‍ය ව්‍යවසායකත්වයක් මෙමඟින්
ඇති වී තිබේ.

 ස්ත‍්‍රී පුරුෂ සමාජ තත්ත්වය
ජනමාධ්‍ය ආයතනවල ස්ත‍්‍රී නියෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. එහෙත් තීරණ ගත
හැකි මට්ටමේ ස්ත‍්‍රී නියෝජනය තව දුරටත් අවම මට්ටමක පවතී.

 මාධ්‍ය නියාමනය
රාජ්‍ය නියාමනය පවතින නමුත් ස්වයං නියාමන ක‍්‍රම පිළිබඳ උනන්දුවක් ඇති වී තිබේ. මාධ්‍ය
ආයතන මඟින් තම ආයතනය වෙනුවෙන් ම වූ ආචාරධර්ම/ මාර්ගෝපදේශ සකසා ගැනීමට කටයුතු
කර ඇත.

සංස්කාරක නිදහස
ආයතනික වශයෙන් පවත්නා පාලනය හේතුවෙන් ජනමාධ්‍යවල සංස්කාරක නිදහස අවම වී තිබේ.
දේශපාලනික වශයෙන් මෙයට ආර්ථික සම්බන්ධතා මත මාධ්‍ය සන්දේශ සකස් කිරීමට සිදු වීම
රාජ්‍ය හා පෞද්ගලික යන ජනමාධ්‍ය දෙයාකාරයෙන් ම දක්නට ලැබෙන තත්ත්වයකි.
ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයට හා වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයට පහසුකම් සලකා ඇත්තේ රාජ්‍ය
මාධ්‍ය පමණි.


 3. අන්තර්ගතය (contents)

ශ‍්‍රී ලංකාවේ ජන මාධ්‍ය අන්තර්ගතයෙහි නව ප‍්‍රවණතා පිළිබඳ විමසා බැලීමේ දී පෙනී යන්නේ
ලොව අන් රටවල් රැසක දක්නට ලැබෙන සමාන තත්ත්වයට ලංකාවේ මාධ්‍ය අන්තර්ගතයේ ද
දැකිය හැකි බව යි. එ් අතරින් මුඛ්‍ය ප‍්‍රවණතා කිහිපයක් මෙසේ හඳුනා ගත හැකි ය.

1. සරල භාෂා භාවිතය
2.  වෙළෙඳ දැන්වීම් ප‍්‍රමාණාත්මක ව ඉහළ යාම
3. ඉදිරිපත් කිරීමේ නව මාදිලි යොදා ගැනීම
4. විනෝදාස්වාදය කෙරේ වැඩි අවධානයක් දැක්වීම



1. සරල භාෂා භාවිතය

 ව්‍යක්ත භාෂා රටාව වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගත් සරල වූත්, පහසුවෙන්
අවබෝධ කර ගත හැකි වූත් කට වහර වඩාත් සමීප භාෂා ශෛලියක් මාධ්‍ය බහුතරයක භාවිත
කෙරේ.  ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී පවා විශේෂාංග රචනයේ දී භාවිත කරන බසට සමාන වූ භාෂා විලාසයක්
යොදා ගැනේ.


2.  වෙළෙඳ දැන්වීම් ප‍්‍රමාණාත්මක ව ඉහළ යාම

මාධ්‍ය ආයතන අළෙවි ප‍්‍රවර්ධනය උදෙසා බහුලව දැන්විම්කරණය භාවිතා කරනු ලබයි. ගෝලීයකරණය සමග නව වෙළදපලක් ලෝකයේ නිරමාණයව ඇත. මාධ්‍ය කළමනාකරුවන් නව තාක්ෂණික ක‍්‍රමෝපායන්ගේ හැකියාවන් නුතනයේ දැන්වම්කරණය සදහා බහුලව භාවිතා කරයි. පුවත්පත් මාධ්‍ය, ගූවන් විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය , නව මාධ්‍ය මෙන්ම නොයෙකුත් ප‍්‍රචාරණ විධික‍්‍රම බහුලව මාධ්‍ය දැන්වම්කරණය යොදාගනු ලබයි. සැබැවින්ම දැන්වම්කරණයේ මුලිඛ අපේක්ෂාව වන්නේ මාධ්‍ය ආයතනයේ ලාභය ඉහල නංවා ගැනීමටයි.විශාල පිරිසකට එකවර ඇමතීමේ හැකියාවත් බලපැමක් ඇති කරමන් පොලඹවා ගැනීමේ ශක්‍යතාවයත්  දැන්වම්කරණය සතුවේ. දැන්විිම් නිශ්පාදනය කරනු ලබන ප‍්‍රචාරණ ආයතන සෑම විිටම උත්සාහ දරන්නේ තම සේවාදායකයන්ගේ අරමුණට වඩාත් සමිප විය හැකි සහයක් ලබා දීමටයි. එනිිසා නොයෙකුත් ප‍්‍රවේශයන් යටතේ මාධ්‍ය මගින් දැන්විම් ඉතා ආකරශනීය ආකාරයෙන් නිර්මාණය කරනු ලබයි. මාධ්‍ය ආයතන අනුගා‍්‍රහකත්වය යටතේ හෝ වෙනයම් ක‍්‍රමයක් මගින් දැන්වමකරණයේ නියැලෙන්නේ ලාබ ලබා ගැනීමටයි . දැන්වම්කරණයතුල සෘජු මෙන්ම වක‍්‍ර අරමුණු ඇත.

 පුවත් විවරය  ^News hole&  ක‍්‍රමයෙන් සීමා කරමින් ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කෙරෙන වෙළෙඳ
දැන්වීම්වල ප‍්‍රමාණාත්මක වර්ධනයක් දක්නට ලෑබීම කැපී පෙනෙන සාධකයකි.

 දැන්වීම් ඉදිරිපත් කිරීමේ සාම්ප‍්‍රදායික විලාසයට පටහැනි ව යමින් ප‍්‍රවෘත්ති ආකාරයෙන් දැන්වීම්
ඉදිරිපත් කිරීම  ^Advertorialsද මාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් වන නව ප‍්‍රවණතාවකි.

3. ඉදිරිපත් කිරීමේ නව මාදිලි යොදා ගැනීම
මාධ්‍ය ආයතන වැඩසටහන් සකස් කරන්නේ ජනතාව භාවිත කරන තාක්ෂණය හහා ඔවුන්ගේ අවශ්‍යතා වලට මුලිකත්වය ලබා දෙමිනි. එබැවින් මාධ්‍ය  අන්තර්ගතය ග‍්‍රාහකයා වෙත ඉදිරිපත් කිරීම ඒ ඒ මාධ්‍යවලට විශේෂ වූ නව මාදිලිවලට අනුව සිදු කිරීමට ගන්නා උත්සාහයක් ද මෑත කාලයේ දැකිය හැකි විශේෂිත තත්ත්වයකි.

ප්‍රාසාංගික වැඩසටහන්
ශ‍්‍රව්‍ය හා ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යවල බහුල ලෙස යොදා ගැනෙන යථාකාරී වැඩසටහන් ^Reality Progeammss&
මෙයට නිදසුන් ලෙස දැක්විය හැකි ය. තරු වැඩසටහන් හා තරග


 මාධ්‍ය සංවාද වැඩසටහන්

 මාධ්‍ය සංවාද වැඩසටහන්  ^Talks Shows සම්බන්ධයෙන් දක්වන අවධානය ඉහළ
ගොස් තිබීම ද නව ප‍්‍රවණතාවකි. දේශපාලන, අධ්‍යාපණික , බුද්ධි විචාර, ජනප්‍රිය දරිත සමග සංවාද ආදිය දැක්විය හැකියි. මේ නව මාදිලි භාවිතය මාධ්‍ය - ග‍්‍රාහක අන්තර් ක‍්‍රියාකාරිත්වය වර්ධනයට ද හේතුකාරක වී තිබේ. එනම් ග්‍රාහක ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණ ලබාදීමට හැකි වීමයි.


 රූපකාරකයෙන්” තොරතුරු ඉදිරිපත් කිරීම
මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ”රූපකාරකයෙන්” තොරතුරු ඉදිරිපත් කිරීමට
ඇති නැඹුරුවෙහි පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඡුායාරූප, රූප සටහන්,
කාටූන්, සිතියම්, සිතුවම් ආදිය වත්මන් මුද්‍රිත මාධ්‍යවල බහුල ලෙස දැකිය හැකි ය


 නිල නොවන තොරතුරු වලට වැඩි වටිනාකමක් ලැබෙයි.
නිශ්චිත තොරතුරු වාර්තාකරණයට අමතර ව ” ඕපාදුප” නැතහොත් නිල නොවන තොරතුරු
සම්බන්ධයෙන් ද යම් තාක් දුරට අවධානය යොමු කිරීම නූතන මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ විමසා
බැලීමේ දී සලකා බැලිය යුතු සාධකයක් බවට පත් ව තිබේ.

4. විනෝදාස්වාදය කෙරේ වැඩි අවධානයක් දැක්වීම
මාධ්‍ය මගින් සෑම විටම විනෝදාස්වාදය මුලික කරගත් වැඩසටහන් ප්‍රචාරය කරයි. නාට්‍ය, චිත්‍රපට, තරැ වැඩසටහන් ආදී සියල්ල ඊට අයත්ය.

4.ග‍්‍රාහකයා (Receiver)

වර්ථමාන මාධ්‍ය ප්‍රවණතාවයක් වන්නේ මාධ්‍ය විකාශනය හා තාක්ෂණික වර්ධනය මෙන්ම ඊට ග්‍රාහකයාගේ ඇති කැමැත්ත හේතුවෙන් මාධ්‍ය භාවිතය වෙනස්ව ඇත.  මාධ්‍ය ආයතනික, වැඩසටහන් වල අන්තර්ගතය, ශිල්පීය නිපුණතාවය, තාක්ෂණික භාවිතය ආදිය හේතුවෙන් ග්‍රාහක ක්ෂේත්‍ර වෙනස් වේ. තාක්ෂණය හේතුවෙන් ග්‍රාහක ප්‍රතිාර හා ප්‍රතිපෝෂණ ලබා දීමේ හැකියාවද තීවෘරව තිබෙයි.

ග‍්‍රාහක ප්‍රවණතා


  • ග‍්‍රාහකයාට සක‍්‍රිය ව මාධ්‍ය අන්තර්ගතය ගොඩනැ`ගීමේ හැකියාව ලැබී තිබීම
  • තාක්‍ෂණය යන සාධකය හේතු කොට ගෙන ග‍්‍රාහකයාට මාධ්‍ය අන්තර්ගතය ගොඩනගීමේ සහ තීරණය කිරීමේ හැකියාව උදා වී තිබේ. පුරවැසියාට මෙසේ හිමි වූ මාධ්‍ය හැකියාව පුරවැසි මාධ්‍යකරණය යනුවෙන් තව දුරටත් විස්තර කෙරේ.
 පුරවැසි මාධ්‍යකරණය .
වෘත්තීය මාධ්‍යවේදීන් නොවන සාමාන්‍යය ජනතාව විසින් නව මාධ්‍ය භාවිතා කොට මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙය. ප‍්‍රධාන මාධ්‍ය ධාරාවෙන් ස්මතු නො වු කරුණු ගවේෂණාත්මක මාධ්‍ය දෘෂ්ටියකින්  වාර්තා කරය.ි එහි ප‍්‍රභූ ව්‍යාපාරික දෘෂ්ටියට වඩා ජනතවේ හඩ දෘෂ්ටිය ස්මතු වෙයි.  මාධ්‍ය කළමනාකරුවන් මෙම ක‍්‍රමවේදයෙන් තොරතුරු ලබා ගැනීමටත් සන්නිවේදකයෙකු ලෙස පුරවැසි මාධ්‍යකරණයේ නියැලීමේ කුෂලතා වර්ධනය කරගත යුතුය. මෙරට රූපවාහිනී නාලිකා අයි රිපෝටර් යු රිපෝටර් වැනි වැඩසටහන් මගින් මෙය භාවිතයට ගනු ලබයි. 

  1. පුරවැසියන් මාධ්‍ය වාර්තාකරනයට සම්බන්ධ වේ.
  2. පුරවැසියාගේ දෘෂ්ටිය ස්මතු වේ.
  3. පුරවැසි හඩ ස්මතු වේ.
  4. ජනමාධ්‍ය මගින් අවධානයට ලක්  නොවු කරුණු අවධාරණය කරයි.
  5. නව මාධ්‍ය තාක්ෂණය බහුලව භාවිත කරයි.
  6. ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරනයේ ලක්ෂණ ඇත.
  7. බහු මාධ්‍ය සදහා පුරවැසි මාධය වාර්තා භාවිත කරයි.


  • නිරවද්‍ය තොරතුරු දොරටුපාල සංකල්පයේ බලපෑමකින් තොර ව සංචරණය කිරීමේ හැකියාව උදා වී තිබේ.
  • සන්නිවේදන ක‍්‍රියාවලියේ දී ග‍්‍රාහකයාගේ භූමිකාව වෙනසකට ලක් වීම
  • ඒකපාර්ශ්වික සන්නිවේදනයෙන් මිදී ද්විපාර්ශ්වික සන්නිවේදනය ද අබිබවා යමින්, ග‍්‍රාහකයා සක‍්‍රිය ලෙස මාධ්‍ය අන්තර්ගතය පවා ගොඩනැ`ගීමේ ක‍්‍රියාවලියට දායක වී තිබීමෙන් ග‍්‍රාහකයාගේ සාම්ප‍්‍රදායික භූමිකාව විපර්යාසයට ලක් වී තිබේ.
  •  පුවත්පත් කියවූ, ගුවන්විදුලියට සවන් දුන්, රූපවාහිනිය හා චිත‍්‍රපට නැරඹූ ග‍්‍රාහකයාගේ සාම්ප‍්‍රදායික භූමිකාව මෙසේ විපර්යාසයකට පත් වීම සමකාලීන මාධ්‍ය ප‍්‍රවණතාවක් ලෙස හඳුනා ගත හැකි ය.
  •  බහුමාධ්‍ය පරිසරයෙහි විශාල වශයෙන් විවිධත්වයෙන් යුත් මාධ්‍ය ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ග‍්‍රාහකයාට තමාගේ අවශ්‍යතාව හා රුචිකත්වය මත පදනම් වෙමින් මාධ්‍ය තෝරා ගැනීමේ හැකියාවක් ලැබී තිබේ.  (web site), විද්‍යුත් තැපෑල (Email),  බ්ලොග් (blogger),  යු-ටියුබ්  (you tube),  ඇප් (App), මුහුණු පොත (Face book),  ටුවිටර් (Twitter),  ලිඉන්ක්ඞ් - ඉන් (Linkd in),  මැසෙන්ජර් (Messenger),  වයිබර් (Viber) ස්කයිප් (skpe)  වට්ස්අප් (whatsapp)                           බ්ලොග්ස්  (blogs)   ව්ලොග්ස් (vlogs) 
  • මාධ්‍ය බහුවිධකරණයත් සමග ග‍්‍රාහකයාගේ භූමිකාව මෙසේ ධනාත්මක වර්ධනය වුව ද නව තාක්ෂණික මාධ්‍යවල ක‍්‍රමික වර්ධනය නිසා ග‍්‍රාහකයා මාර්ගගත රැවටීම්වලට හා හිරිහැර කිරීම්වලට ද භාජනය විය හැකි ය.

Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 

Wednesday, March 2, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) සන්නිවේදන සමීක්ෂණ Communication Research සමීක්ෂණ ආචාරධර්ම

                                                               සමීක්ෂණ ආචාරධර්ම  Survey ethics





සමීක්ෂණ ක්‍රියාවලියේදී පිළිපැදිය යුතු ආචාරධර්ම

■ නිවැරදී සමීක්ෂණ ක්‍රම භාවිත
සමීක්ෂණය  කිරීමේ පියවර, දත්ත රැස් කිරීමේ ක්‍රම, දත්ත විශ්ලේෂණ ක්‍රම, දත්ත උපුටා ගැනීමේදී  මුලාශ්‍ර දැක්වීම, වාර්තාව සකස් කිරීමේදී විනිවිද භාවයකින් යුක්තව කටයුතු කිරීම. සමීක්ෂණයක ආර්ම්භයේ සිට  පර්යේෂණ යෝජනාව සකස් කිරීම, යෝජනාව සම්මත කර ගැනීම. දත්ත රැස් කිරීම, දත්ත විශ්ලේෂණය හා වාර්තාව සකස් කිරීම අනුපිළිවෙලකට සිදු කළ යුතුයි.



■ දත්ත හිතා මතා විකෘති නොකිරීම
දත්ත රැස් කිරීමෙන් ලබා ගන්නා ලද දත්ත පක්ෂපාතීව, වාසි සහගතව, ව්‍යාජ ලෙස වීකෘති කිරීම, වෙනස් කිරීම, අළුතින් එකතු කිරීම සිදු නොකළ යුතුයි. සමීක්ෂණයේ විශ්වාසනීයත්වය ගොඩනැගිය යුතුයි.


■ වැරදි දත්ත ඇතුළත් නොකිරීම.
දත්ත දායකයන් නොකරන ලද ප්‍රකාශ සටහන් කරගත නොහැක, ව්‍යාජ මුලාශ්‍ර දැක්වීමට නොහැකියි, කිසිදු අවස්ථාවක නැවත අසන ලද ප්‍රශ්ණ වෙනස් නොකළ යුතියි, නියැදිය නිශ්චිත විය යුතුයි.

■ දත්ත දායකයා හා සමීක්ෂකයා අතර විශ්වසනීයත්වයක් ගොඩනඟා ගැනීම
සමීක්ෂකයා දත්ත දායකයාට ගරු  කිරීම,අන්‍යනයතාවය ආරක්ෂා කිරීමථ , දත්ත දායකයා පිළිබද අවබෝධය (මට්ටම) , දත්ත දායකයාගේ කැමැත්ත හා අකමැත්ත හදුනා ැනීම, ආදියයි.

■ දත්ත දායකයාගේ කැමැත්ත මත පමණක් සමීක්ෂණය සඳහා සහභාගී කර ගැනීම
දත්ත දායකයා දත්ත ලබා දීමට එකගත්වයක් පවතියි නම් පමණක් දත්ත ලබාගැනීමට සිදුවෙයි. ඔහු අකමැති නම් දත්ත ලබා ගැනීම අසීරුය. එබැවින් අචාරධර්මයක් ලෙස දත්ත දායකයාගේ අභිමතය පරිදි පමණක් දත්ත ලබාගැනීමට සිදුවෙයි. දත්ත දායකයා යම්කිසි තොරතුරු හෙළිකිරීමෙන් වළකින ලෙස ප්‍රකාශ කරනු ලැබුවොත් ඒවා ප්‍රසිද්ධ කිරිමෙන් වැළකිය යුතුයි. 


■ සමීක්ෂකයා පිළිබදව හා පර්යේෂණයේ මූලික අරමුණු පිළිබඳ දත්ත දායකයා දැනුම්වත් කිරීම
දත්ත දායකයාගේ ස්වභාවය අනුව දත්ත දායකයාගේ මට්ටම හදුනාගෙන. ඔහුට සමීපවීම හා ඔහුට ගැළපෙන ආකාරයෙන් අපගේ සමීක්ෂණ අරමුණ හා එහි පසුබිම පිළිබද ප්‍රකාශ කිරිම සිදු කරයි. පසුව ඊට  කැමැත්ත ලබාගෙන දත්ත රැස් කිරම ආරම්භ කළ හැකිය. මෙහිද පුද්ගලයන්ට අනුව සමික්ෂණයේ අරමුණ පැහැදිලි කිරීම වෙනස් කළ හැකිය.

■ දත්ත දායකයාට නිදහසේ  අදහස් ප්‍රකාශ කිරීමට අවසථාව  ලබා දීම
දත්ත දායකයන්ට සිය අභිමතය පරිදි දත්ත ලබා දීමට අවස්ථාවක් සලසා දිය යුතුය. පිළිතුරු ලබා දීමේදී නොමග යැවීම හෝ සීමා කිරීම් සිදු නොකළ යුතුයි.

■ දත්ත දායකයාගේ පෞද්ගලිකත්වය  ආරක්ෂා  කිරීම
දත්ත දායකයාගේ අන්‍යතාවය ආරක්ෂා කිරීම ආචාර ධර්මයකි. ඔහු පිිබද තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරීම, ඔහු ප්‍රකාශ නොකරන ලෙස පවසන තොරතුරු හෙලි නොකිරීම ආදිය සිදු කළ යුතුයි. 

■ දත්ත දායකයා කායක  හෝ මානසික පීඩාවකට ලක් නොකිරීම
දත්ත ලබා ගැනීමේදී දත්ත දායකයාට මුදල් ලබා දීම, බලපෑම් කිරීම, වද හින්සා කිරීම, තර්ජනය කිරීම, බිය වැද්දීම  ආදිය නොකළ යුතු යුතුයි. 
 
■ ඕනෑ ම අවස්ථාවක දත්ත  දායකයාට සමීක්ෂණයෙන් ඉවත් වීමේ අවසරය ලබා දීම
දත්ත දායකයාගේ අභිමතය පරිදි අකමැති නම් සමීක්ෂණයෙන් ඉවත්ව යාමට අවස්ථාවක් ලබාදෙයි. දත්ත ප්‍රකාශ කිරීමට අකමැති නම් එම දත්ත ප්‍රකාශ නොකර සිටීමට පවා හැකියාවක් ඇත. 

■ දත්ත දායකයාගේ ආරකෂාව තහවුරු කිරීම
අන්‍යන්‍යතාවය ආරක්ෂා කිරීම, ප්‍රතිරූපය ආරක්ෂා කිරීම, ලෙඩ රෝග ආදි හෙළි නොකිරීම, ප්‍රසිද්ධ නොකරන ලෙස ප්‍රකාශ කරන දත්ත ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුයි.

■ දත්ත ලබා ගැනීමේ දී සමීක්කයාගේ බලය අයුතු ලෙස යොදා නොගැනීම
සමීක්ෂණ ක්‍රියාවලිය හසුරුවන්නා ලෙස සමීක්ෂකයා දත්ත දායකයා නොමග යැවීමත අයුතු ආකාරයෙන් පොළඹවා ගැනීම, තර්ජන හා බිය වැද්දවීම් සිදු කිරීම, දත්ත විකෘති කොට සටහන් කර ගැනීම, පක්ෂපාතීව දත්ත ලබා දෙන ලෙස දත්ත දායකයන්ට පැවසීම සිදු නොකළ යුතුයි.

■ දත්ත ලබා දීම පිළිබඳ දත්ත දායකයා අගය කිරීම
දත්ත දායකයාට ගරු කිරීම, දත්ත දායකයාගේ මට්ටම හදුනා ගැනීම,  දත්ත ලබාදීම සම්බන්ධව හා දත්ත දායකයාගේ ක්‍රියාවන්, දත්ත ලබාදුන් ආකාරය, ඉවසීම, ප්‍රසන්න බව දත්ත දායකයාට ස්තූති කිරීම,  ආදිය සියල්ල අගය කරමින් දත්ත දායකයා අගය කළ යුතුය. එයින් තවත් විශ්වාසය වර්ධනය වේ.



■ බුද්ධිමය දේපල දේපළ අයුතු ලෙස භාවිත නොකිරීම
දත්ත දායකයන්ගේ අවසරයකින් තොරව  දත්ත හෙලි නොකිරීම, උපුටා ගැනීම් සිදු කරන මුලාශ්‍ර නිවැරදිව ඇතුළත් කිරීම, ප්‍රසිද්ධ කිරීමට පෙර අවසර ලබැගැනීම සිදු කළ යුතුය.

■ පවත්නා නෛතික සීමවන්ට යටත්ව කටයුතු කිරීම.
සමීක්ෂණ ආයතනයක් ආරම්භ කිරීම හා පවත්වා ගැනීම සිදු කළ යුත්තේ රටෙහි පවතින නීතිමය සීමාවන්ට යටත්වය. බුද්ධිමය දේපල පනත යටතේ, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ, එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය යටතේ  සමීක්ෂණ කටයුුතු සිදු කළ යුතුය. 

■ සමීක්ෂකයා අපක්ෂපාතීවකටයුතු  කිරීම සහ තම පෞද්ගලික මතය සමීක්ෂණ ක්‍රියාවලියට
ඇතුළු වීමට ඉඩ නොතැබීම
සමීක්ෂණය නිවැරදි හා විශ්වාසනීය මෙන්ම විද්‍යාත්මක පදනමකින් යුක්තව ගොඩනැගිය යුතුය. එහිදී සමීක්ෂකයා තමන්ගේ පක්ෂපාතීත්වය මත, පහසුව වෙනුවෙන්, සිය අභිමතය ස්මතු වන පරිදි දත්ත සටහන් කිරීම, දත්ත දායකයන් හැසිරවීම, දත්ත විශ්ලේෂනයේදී අයුතු ආකාරයෙන් ක්‍රියා කිරීම, අවසරයකන් තොරව තොරතුරු හෙලි කිරිම , ව්‍යාජ වාර්තා සකස් කිරීම ආදිය සිදු නොකළ යුතුයි.




මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා Sri Lankan media   And contemporary trends / මාධ්‍ය ප්‍රවණතා Media trends

                                                  මාධ්‍ය ප්‍රවණතා Media trends









  1. මාධ්‍ය අභිසරණතාව/මාධ්‍ය අභිසාරිතාව ^Media Convergence&
  2. නිර්මහාපරිමාණකරණය (Declassification)
  3.  නිර්නියාමනය (Deregulation)
  4. පරිභෝජ්‍යකරණය (Consumerism)
  5. භාණ්ඩකරණය (Commodification)
  6. වානිජකරණය  (Commercialisation)
  7. ගෝලීයකරණය  ^Globalisation&



  1. මාධ්‍ය අභිසරණතාව/මාධ්‍ය අභිසාරිතාව ^Media Convergence&

ලක්ෂණ
  •  මාධ්‍යක් තුළ තවත් මාධ්‍යන් භාවිත කළ හැකිය
  • අන්තර්ජාල තාක්ෂණය මගින් සංඛ්‍යාංක  අතර සම්බන්ධතා ගොඩනගයි
  • මාධ්‍ය අභිසරණතාවට  පොදු රුචිකත්වය හා පොදු අරමුුණු වලින් යුක්තය.
  • තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලිය සමග සම්බන්ධ වේ.


අභිසරණතාව ඒකරාශි  වීමේ ක‍්‍රියාවලිය හෝ පොදු රුචිකත්ව සමග  ඒකමතික වීමය.
                                                                                       (Dominick J. 2010)




 ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය සංකල්පීකරණය කිරීම සඳහා ජනමාධ්‍ය අභිසරණය ^Media Convergence& නැමැති න්‍යාය භාවිතයට ගත හැකිය. ඒ අනුව පොදු අරමුණක් හෝ අභිලාශයක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක‍්‍රියා කිරීම අභිසාරිතාව ලෙස හඳුනාගත හැකිවේ. තව ද එක්ව පැමිණෙන විට එකිනෙකා හමුවන ස්ථානයේ දී අභිසාරිතාව සිදුවන බව ද පැවසිය හැකිය.

මාධ්‍ය අභිසරණතාව මගින් සිදු වන්නේ මුද්‍රිත, ගුවන්විදුලි හා වෙනත් මාධ්‍ය අන්තර්ජාල තාක්ෂණය
පදනම් කොට එක ම සංඛ්‍යාංක වේදිකාවක් මතට ගෙන ඒමය.
උදා: - සුහුරු ජංගම දුරකථනය  (Smart mobile phone)

 මාධ්‍ය අභිසාරිතාව පිළිබඳ සංකල්පය පළමුව සංවර්ධනය වන්නේ මාධ්‍ය පදනම් කර ගනිමින් නොවේ. එනම් අභිසාරිතාව මාධ්‍ය නොවන අනෙකුත් කර්මාන්ත මඟින් යොදා ගනු ලැබුවේ මීට බොහෝ කාලයකට පෙරය. සංස්කෘතිකම අංගයන් තුළ ද හුවමාරු වු අංග දක්නට ලැබිණ.ඒ අනුව මාධ්‍ය අභිසාරිතාවයේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ප‍්‍රකාශ කළ හැක්කේ මෙහෙයුම් අභිසාරිතාව නව ක‍්‍රියාවලියක් නොවන බවයි.

මාධ්‍ය අභිසාරිතාවයේ විකාශනය හා වර්ධනය කෙරෙහි පරිගණක පදනම් කර ගනිමින් ඇතිවන තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලිය සෘජුවම බලපෑම් කරනු ලැබේ. එනම් තොරතුරු තාක්ෂණ විප්ලවය සමඟ ඇතිවූ වෙළෙඳපොළ නිෂ්පාදන ක‍්‍රියාවලියක් ලෙස ද මාධ්‍ය අභිසාරිතාව හඳුනාගත හැකිය. මාධ්‍ය අභිසාරිතාව නැමැති යෙදුම ලොව පුරා ප‍්‍රචලිත වන්නේ Nicholas Negroponte නම් විද්වතා නිසාය. ඔහු පවසන්නේ සන්නිවේදන තාක්ෂණය මඟින් එකිනෙකට වෙන්වෙන්ව පවතින කර්මාන්ත තුනක් අතිච්ඡුාදනය වී මාධ්‍ය අභිසාරිතාව ගොඩනැගෙනන බවයි. එය පහත ආකාරයට රූප සටහනකින් දැක්විය හැකිය.


තාක්ෂණික හා නීතිමය බාධාවන් ඉවත් වීම ඔස්සේ සාම්ප‍්‍රදායික මට්ටමෙන් ක‍්‍රියාත්මක වූ මාධ්‍යයන්වලට අන්තර්ජාලය නැමැති නව මාධ්‍යය තම මාධ්‍ය වෙත අත්පත් ගැනීමට අවස්ථාව සැලසුණි. එමඟින් මධ්‍යගත සන්නිවේදන ආකෘති (Mediated Communication Forms) පරිගණක උපයෝගී කර ගෙන ක‍්‍රියාත්මක වෙමින් විද්‍යුත් හා ඩිජිටල් ආකෘති ලෙස එක්ව ක‍්‍රියාත්මක වීම ආරම්භ විය.




2. නිර්මහාපරිමාණකරණය (Demassification)


 සන්නිවේදන අධ්‍යයනයේ දී මහාපරිමාණකරණය යනු පුළුල් ග‍්‍රාහක ක්ෂේත‍්‍රයකට ඇමතීම සඳහා,
නිවේදනය කිරීම සඳහා මාධ්‍ය භාවිතයට ගැනීමකි. එහෙත් එසේ ගොඩනැ`ගුණු මහා ග‍්‍රාහක
කණ්ඩායම් ඉන් මිදී කුඩා කොටස්වලට වෙන් වී යාම නිර්මහාපරිමාණකරණය ලෙස හැඳින්වේ.

 නිර්මහාපරිමාණකරණය යන්නෙන් අදහස් වන්නේ මාධ්‍ය ග‍්‍රාහකත්වය අල්පපරාස විකාශන ^Narrowcasting&ක‍්‍රමවලට යොමු වීම යි.

 එනම් ග‍්‍රාහක ක්ෂේත‍්‍ර වශයෙන් කුඩා කණ්ඩායම්වලට විභේදනය (Audience
Segmentation)   වීම යි.

නොහඳුනන පුළුල් කණ්ඩායමකට සන්නිවේදනය කිරීම වෙනුවට නිශ්චිත ඉලක්ක ගත(Audience
Segmentation) කණ්ඩායමකට (Target audience&  සන්නිවේදනය කිරීම ලෙස ද නිර්මහාපරිමාණකරණයහැඳින්විය හැකි ය. යමක් සන්දේශ ගත වූ විට තමන් රුචි පරිදි ග‍්‍රාහකයකු වීම විනා අනිවාර්ය ලෙස හසු වීමක් මෙහි දී බලාපොරොත්තු නො වේ.

 පොදු ග‍්‍රාහකයාට ආමන්ත‍්‍රණය කළ මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් සමග ඉලක්ක ගත විශේෂිත ක්ෂේත‍්‍ර
අරමුණු කොට ගෙන (ළමා, කාන්තා, ක‍්‍රීඩා, ප‍්‍රවෘත්ති, චිත‍්‍රපට) සන්නිවේදනය කිරීමට යොමු විය. මේ
නිර්මහාපරිමාණකරණය ග‍්‍රාහක ක්ෂේත‍්‍රයේ අවශ්‍යතාව මත ගොඩනැගී ඇත.

 නිර්මහාපරිමාණකරණය කේබල් ගුවන්විදුලි හා රූපවාහිනි සේවා හඳුන්වා දීමත් සමගම විසි වන
සියවස අගභාගයේ වර්ධනය වී විසි එක් වන සියවස වන විට තව තවත් ව්‍යප්ත වන්නට විය.

විද්‍යුත් වීඩියෝ ක‍්‍රම සහ වීඩියෝ ක‍්‍රීඩා, අන්තර්ජාල ක‍්‍රියාදාම සහ පරිගණක මාර්ගගත  ^Online& ක‍්‍රීඩා
සමග නිර්මහාපරිමාණකරණය තව දුරටත් ව්‍යාප්ත විය.

 නිර්මහාපරිමාණකරණය හේතුවෙන් මුද්‍රිත ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යවල පැවති පොදු ග‍්‍රාහක ක්ෂේත‍්‍ර
වෙනුවට අසමාන හා විවිධත්වයෙන් යුතු ග‍්‍රාහක ක්ෂේත‍්‍ර බහුල ව බිහි විය.

 නිර්මහාපරිමාණකරණයේ අවසානය සන්නිවේදනයේ පුද්ගල කේද්‍රීයත්වය දක්වා ගමන් කරන බව
පැහැදිලි වේ.

Broadcasting  >  Narrow casting  > Personal casting

3. නිර්නියාමනය (Deregulation)


 පවතින නියාමන තත්ත්වය ලිහිල් කිරීම නිර්නියාමනය ලෙස සරල ව හැඳින්විය හැකි ය.

 මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන් වන රජයේ හිමිකාරිත්වය සහ වෙනත් නීති රීති ලිහිල් කිරීම හෝ ඉවත්
කිරීම නිර්නියාමනය යි.(Marcel Danesi , 2009, Dictionary of Media and Communication)

 1980 පමණ වන විට නිර්නියාමනය පිළිබඳ අවශ්‍යතාව ලෝක මට්ටමෙන් සාකච්ඡුාවට බඳුන් විය.
 කිසියම් ගුවන්විදුලි හෝ රූපවාහිනි ආයතනයක් වසර 3කට වැඩි කාලයක් පවත්වා ගෙන ගියේ
නම් ඉන් අනතුරු ව ඒ සේවාව විකිණීමට හෝ වෙනස් කිරීමට හැකියාව ඇති බව තීරණය විය.

 මාධ්‍ය කර්මාන්තයේ යහපත සඳහා නිර්නියාමනයට අවශ්‍ය ම සාධක සමුදායයක් විද්වත්හු පෙන්වා
දුන්හ.  මාධ්‍ය සමාගම් වඩාත් ඵලදායක වූත් ලාභදායක වූත් ආයතන බවට පත් කළ හැකි
බව ද පෙන්වා දෙනු ලැබිණ. නිර්නියාමනයට එරෙහි වූ ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ
මාධ්‍ය ශක්‍යතාව හා මාධ්‍යයේ කුසලතා නිසි ලෙස භාවිතයට නො ගෙන මූල්‍ය ලාභය උදෙසා
සිදු කෙරෙන තරගකාරිත්වයක් මෙයින් මතුවන බව යි.

නිර්නියාමනය රඳා පවතින්නේ මාධ්‍ය කොතරම් දුරට රාජ්‍ය තන්ත‍්‍රයේ දරදඬු පාලනයට යටත් වී තිබේ
ද යන්න මත යි.



4'පරිභෝජ්‍යකරණය (Consumerism)



පරිභෝජ්‍යකරණය යනු නිරන්තර ව වර්ධනය වන භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා දිරිමත්
කෙරෙන සමාජ හා ආර්ථික ක‍්‍රියාවලියකි

පරිභෝජ්‍යකරණයේ දී පාරිභෝගික අවශ්‍යතා මූලික වන අතර එම`ගින් වෙළෙඳපොළ කෙරෙහි ඍජු
බලපෑම් එල්ල කෙරේ

 ග‍්‍රැහැම් මර්ඩොක්(Graham Murdock) සඳහන් කරන්නේ
පුරවැසියාගේ    හා පාරිභෝගිකයාගේ අභිමතාර්ථ, අවශ්‍යතා හා භූමිකා එකිනෙකාගෙන් වෙනස් වන බවකි

 මාධ්‍ය හා පරිභෝජ්‍යකරණය යන සංකල්ප දෙක එකිනෙක මත රඳා පවතී

ග‍්‍රාහකයා මාධ්‍ය පරිභෝජකයෙකි ඔහු තම පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා තෝරා ගන්නා සේ
මාධ්‍ය හා මාධ්‍ය අන්තර්ගතය ද තෝරා ගනියි

මාධ්‍ය පරිභෝජ්‍යකරණයේ දී පාරිභෝගිකයා වෙළෙඳ භාණ්ඩ තෝරා ගන්නා ලෙසට මාධ්‍ය අන්තර්ගතය
තමාගේ අවශ්‍යතා හා රුචිකත්වය අනුව තෝරා ගනියි

උදාහරණයක් ලෙස මාධ්‍ය පරිභෝජ්‍යකරණයේ
දී යම් රූපවාහිනි වැඩසටහනක් ග‍්‍රාහකයා විසින් ප‍්‍රතික්ෂේප කරන ලද හොත් එහි ඇති මූල්‍ය වටිනාකම
බිඳ වැටේ

ග‍්‍රාහකයාගේ මාධ්‍ය පරිභෝජනය ඉහළ මට්ටමක පවතින්නේ නම් අදාළ මාධ්‍යයේ ග‍්‍රාහක දර්ශකය
(Rating) ඉහළ යයි ඒ අනුව අදාළ මාධ්‍ය සඳහා වෙළෙඳ දැන්වීම් ලබා දීම ඉහළ යන අතර මාධ්‍යආයතනයේ ලාභය ද ඉහළ යයි

5.භාණ්ඩකරණය (Commodification)

 ඇලිසන් හර්න්  ^Alison Hearn විසින් ලියන ලද  Key Words for Media Studiesකෘතියෙහි සඳහන්
කරන පරිදි Commodification  හෙවත් භාණ්ඩකරණ සංකල්පය ම`ගින් සන්නිවේදන අධ්‍යයනයේ දී
අර්ථකථනය කරනු ලබන්නේ යම් යම් භාණ්ඩ  ^Things) යම් යම් සේවාවන්  (Services) අදහස්
^Ideas& හා පුද්ගලයන්  ^People ධනවාදි ආර්ථික ක‍්‍රමයක වෙළෙඳ අරමුණු හෝ වෙළෙඳ භාණ්ඩ බවට
පත් කොට අළෙවි කිරීම යි'

 කාර්මීකරණය හා වාණිජකරණය සම`ග වෙළුණු සංකල්පයක් ලෙස භාණ්ඩකරණය හඳුනා ගත හැකි
ය.

 භාණ්ඩකරණයට අනුව ”තොරතුරු” වෙළෙඳ භාණ්ඩයකි. එය මාධ්‍ය ම`ගින් අළෙවි කර මුල්‍යමය ලාභ
ලබා ගැනේ

මේ අනුව භාණ්ඩකරණයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණ වන්නේzCommercial Dimension නමින්
පළ වන වාණිජ මානයන් සේවාවන්ට ද තොරතුරු සම්පාදනයට ද ආරෝපණය කිරීම යි

කලාව(Art)  ආගම (Religion)  ඖෂධ (Medicine) යනාදිය  සමාජවල වෙළෙඳ පොළ මිලක්
නියම කර නොතිබුණ ද ධනවාදී ආර්ථික ක‍්‍රමයේ දී මිලක් නියම වන බව කාල් මාක්ස් හා ප්‍රෙඞ්රික්
එංගල්ස් වැනි දාර්ශනිකයන් පෙන්වා දී ඇත

මෙලෙසින් ම ඇතැම් විද්වතුන් අවධානය යොමු කරන්නේ මානව නිර්මාණශීලීත්වයෙන් බිහි වන
ඇතැම් සන්නිවේදන කටයු තුළ සංස්කෘතික කටයු තුළ දේශපාලනික කටයුතු ද මේ න්‍යායයට අනුකූල ව
කිසියම් මිලක් නියම වන භාණ්ඩ බවට පත් කළ යුතු බවට ය

භාණ්ඩකරණයේ දී මාධ්‍ය අන්තර්ගතය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වන අතර වෙළෙඳ දැන්වීම්කරුවන්   විසින් මාධ්‍ය අන්තර්ගතය, මාධ්‍යයේ කාලය හා අවකාශය මිල දී ගනු ලැබේ. නව තාක්ෂණය ඔස්සේ   මාධ්‍යයේ අන්තර්ගතය වෙළෙඳ දැන්වීම්කරුවන්ට අළෙවි කරනු ලැබේ. මේ මතවාදයට එරෙහි ව අදහස් දක්වන සන්නිවේදන විශේෂඥයකු වන අයිරිස් ජෙනීස් ^Iris Jennes) සඳහන් කරන්නේ මේ ක‍්‍රියාවලියේ දී නවීන තාක්ෂණය ඔස්සේ ග‍්‍රාහකයාගේ බොහෝ සහසම්බන්ධතා බිඳ දමමින් ව්‍යාපාරික අරමුණු  ඉදිරියට පමුණුවන බව 


6'වාණිජකරණය  (Commercialisation)

මූලික වශයෙන් වෙළෙඳ දැන්වීම් කර්මාන්තය උපයෝගී කර ගෙන මාධ්‍ය පද්ධතියේ ව්‍යූහ සහ
ක‍්‍රියාකාරිත්වය ආර්ථිකමය බලපෑම අතින් ශක්තිමත් කරවීම මාධ්‍ය වාණිජකරණය යි
 එනම් මාධ්‍ය
ස්ථාවර ව පවත්වා ගෙන යාමට එහි ආර්ථික පද්ධති ශක්තිමත් කිරීම යි

මේ ක‍්‍රියාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් කර්මාන්තය ^Advertising Industry) පදනම් කොට ගෙන මාධ්‍ය
නිෂ්පාදන හා මාධ්‍ය ආයතන සේවකයන් මාධ්‍ය ව්‍යූහය හා මාධ්‍ය පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය ආර්ථික
වශයෙන් සවිබල ගැන්වේ

නව නිෂ්පාදන හෝ නිෂ්පාදන ක‍්‍රම වෙළෙඳ පොළට හඳුන්වා දීමේ කි‍්‍රයාවලිය හෝ චක‍්‍රයhs


" The process or cycle of introducing a new product or production method into the market." (Edward
Scott, 2019)

 වෙළෙඳ පොළට නව නිෂ්පාදන හෝ සේවා ගෙන ඒමේ කි‍්‍රයාවලිය වාණිජකරණය නම් වේ(Commercialisation is the process of bringing new products or services to the market.)  වාණිජකරණ
කි‍්‍රයාවලිය නව නිෂ්පාදනය හෝ සේවාවෙහි වාණිජ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා නිෂ්පාදනය,
බෙදා හැරීම අළෙවිකරණය විකුණුම, පාරිභෝගික සහාය සහ අනෙකුත් ප‍්‍රධාන කාර්ය සඳහා
තීරණාත්මක වේ

මාධ්‍ය වාණිජකරණය වීම සඳහා ගෝලීයකරණය, මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය හා වෙළෙඳ පොළ ආර්ථිකය
යන සාධක ප‍්‍රධාන වශයෙන් බලපා තිබේ. මාධ්‍ය වාණිජකරණය වර්ධනය කිරීමේ තවත් උපාය
මාර්ගයක් වන්නේ මාධ්‍ය අතර තරගකාරිත්වය වර්ධනය කිරීම යි

මාධ්‍ය වාණිජ අරමුණු මත පදනම් වීම හේතුවෙන් ඇතැම් විට මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය වන
අවස්ථා හඳුනා ගත හැකි ය. වාණිජකරණය වූ මාධ්‍ය වෙළෙඳ පොළෙහි වෙළෙඳ දැන්වීම්කරුවන් හා
ව්‍යාපාරිකයන් මාධ්‍ය කර්මාන්තයට මුදල් ආයෝජනය කිරීමෙන් මාධ්‍ය අන්තර්ගතය ඔවුන්ගේ
බලපෑමට නතු වීම නිරන්තරයෙන් සිදු වේ

වාණිජකරණ ක‍්‍රියාවලිය සඳහා නව මාධ්‍ය ද භාවිත කෙරේ. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හේතුවෙන්
වාණිජකරණය වේගවත් වී ඇත


7 ගෝලීයකරණය ^Globalisation&


 ගෝලීය වශයෙන් විසිරී පැතිරී සිටි විවිධ සංස්කෘතික ජන කණ්ඩායම්, විවිධ භූගෝලීය ස්වභාවයන්,
ආර්ථික චර්යා, සමාජ, දේශපාලන, ආර්ථික දහරා ඔස්සේ වත්මන් සන්නිවේදන මාධ්‍ය තාක්ෂණයේ
නැ`ගීම, ප‍්‍රවාහණය වර්ධනය, මාධ්‍යයේ නැ`ගීම පදනම් කර ගෙන එ්කරාශී වීම ගෝලීයකරණය යන
යෙදුම බිහි වීමට හේතු විය

 ගෝලීයකරණය යනු පුද්ගලයන්, ආයතන, විවිධ ජාතීන් නියෝජනය කරන රජයන් සම`ග අන්තර්

ක‍්‍රියාකාරිත්වයෙන් යුතු එ්කාබද්ධ ක‍්‍රියාවලියකි. මේ ක‍්‍රියාවලිය ජාත්‍යන්තර වෙළෙඳාම හා ආයෝජනය
සම`ග ඉදිරියට ගෙන යන අතර තොරතුරු තාක්ෂණය ඒ සඳහා අත්වැලක් සපයයි. එමෙන් ම පරිසරය,
සංස්කෘතික, දේශපාලන ක‍්‍රම, ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යවත් බව මෙන් ම මානව භෞතික
දියුණුව ශුභසාධනය වෙත ගෝලීයකරණය බලපෑම් සිදු කරයි   (The State University of New York - 2010)

ගෝලීයකරණය යනු පෙර නො වූ විරූ ලෙස කාලය හා අවකාශය සම්පිණ්ඩනය කිරීමකි. එය සක‍්‍රිය ව
බැඳී සිටින්නේ සමාජ, දේශපාලනික, ආර්ථික, හා සංස්කෘතික සම්බන්ධතා සම`ග යි. බොහෝ සන්නිවේදන පරතර නිමා වී ඇත. සීමා විනිවිද යා හැකි ය. සමාජ කණ්ඩායම් හෝ සංස්කෘති ප‍්‍රදේශකරණයෙන් මිදී ඇත. භෞතික නොවන නව ආකාරයක ස්ථානයක් පුරවැසියාට මාධ්‍ය ම`ගින් හිමි කර දී ඇත
                                                  (ඇතුගල, ආරියරත්න-2015)

සාමාජීය වශයෙන් ගෝලීයකරණය ම`ගින් බහු විධ ජන සංකලනයක් ඇති වේ. සංස්කෘතික වශයෙන් ගෝලීයකරණය ම`ගින් චින්තන විධි, සාර ධර්ම සහ කලාත්මක ප‍්‍රකාශන
සංස්කෘතිකාන්තර ලෙස හුවමාරු වේ.

 ගෝලීයකරණයේ   ප‍්‍රjK;d

x තාක්ෂණික දියුණුවේ ව්‍යාප්තිය
x සන්නිවේදන තාක්ෂණයේ දියුණුව
x ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා
x ද්‍රව්‍ය මෙන් ම ද්‍රව්‍ය නොවන මානව සම්බන්ධතා හුවමාරුව
x පෞද්ගලික මූලධනය ගලා යාම වර්ධනය වීම
x බහුජාතික ව්‍යාපාර ඉදිරියට පැමිණීම
x සංචාරය හා සංක‍්‍රමණය අධික වීම
x අන්තර්ජාතික සංචාරය හා දේශීය මානව විවිධත්වය වර්ධනය වීම මෙන් ම

ගෝලීයකරණයේ ප‍්‍රතිඵල ලෙස

x සන්නිවේදනය, අන්තර් ක‍්‍රියාකාරිත්වය හා ජනයා අතර ප‍්‍රබල සම්බන්ධතා ගොඩනැ`ගීම
x සමාජවල තරගකාරිත්වය ඇති වීම
x සංස්කෘතික සමානතා සහ අසමානතා ඉදිරියට පැමිණීම
x මාධ්‍ය තාක්ෂණය විශේෂ මැදිහත් වීමක නිරත වීම
x ගෝලීයකරණ ක‍්‍රියාවලි හා ව්‍යාපෘති අතර විවිධ ගැටලූ හට ගැනීම
x ගෝලීයකරණයේ ප‍්‍රවණතාවලට අනුව ප‍්‍රකාශිත ප‍්‍රධාන දෘෂ්ටිවාදය ලෙස සැලකෙන්නේ තනි
ලෝක සංස්කෘතියක්  (Single World Culture)  බිහි කිරීම යි.


Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...