සන්නිවේදන ප්‍රවණතා යනු කාලාන්තරයක් තිස්සේ වැඩෙමින් පවතින විෂය ක්ෂේත්‍රයක ඇතිවන නව්‍යතාවයන්ය. සන්නිවේදනය ගතික සංකල්පයකි. එය කාලානුරූපිය නව තාක්ෂණික සොයාගැනීම් හා මානව ක්‍රියාකාරකම් සමග ඉදිරයට ගමන් කරයි. එම ගමන් මග සන්නිවේදන ප්‍රවණතා වේ
- තාක්ෂණික ප‍්‍රවණතා (Technology trends)
- ආයතනික ප‍්‍රවණතා (Corporate trends)
- අන්තර්ගතය (contents)
- ග‍්‍රාහකයා (Receiver)
1. තාක්ෂණික ප‍්‍රවණතා (Technology trends)
.
තාක්ෂණය හා මිනිසා අතර අත්තේ සමීප සම්බන්ධතාවයකි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන් සිය ජීවන ක්‍රමය පහසු කර ගැනීමට නව උපකරණ හා සොයගෙැනීම් එක්කරගන්නා ලදී. මානව අවශ්‍යතාවයන් වෙනුවෙන් තාක්ෂණික සොයාගැනීම් හා භාවිත කිරීම සිදුවන බව හදුනාගත හැකිය.ගෝලීය මාධ්‍ය ප්‍රවණතාවයන් නව්‍යකරණයන් සමග නිරන්තරයෙන් වැඩෙමින් පවතියි. එහිදී නවතම මාධ්‍ය තාක්ෂණික ක්‍රම හා උපකරණ හදුන්වා දෙයි. ගෝලීයකරණ හේතුවෙන් ලොව පුරා ඇතිව තිබෙන මාධ්‍ය වෙළදපොළ යාන්ත්‍රණය හා ජනතාවගේ ඉල්ලුමට සරිලන ලෙස සෑම රටක්ම ලොව බිහිවන ඕනෑම තාක්ෂණයක් ඉල්ලා සිටියි. එබැවින් ලංකාවේ මාධ්‍ය තාක්ෂණික ප‍්‍රවණතාවලට ඍජු ව ම බලපාන්නේ ගෝලීය මාධ්‍ය තාක්ෂණික ප‍්‍රවණතා ය. එහි ප‍්‍රමුඛ ප‍්‍රවණතාවක් ලෙස සැලකිය හැකි වන්නේ පැරණි මාධ්‍ය නව මාධ්‍ය බවට පත් වෙමින් තිබීම යි. පැරණි මාධ්‍ය යන්නට පුවත්පත, රූපවාහිනිය හා ගුවන්විදුලිය අයත් වේ.
නව මාධ්‍ය ලෙස ෆේස්බුක්, වයිබර්, වට්ස්ඇප්, ට්විටර්, ඉන්ස්ටර්ගෑම් ආදි සමාජ මාධ්‍ය හා
අතථ්‍ය යථාර්ථය (Virtual reality) වැනි වෙනත් උපමාධ්‍ය ගණනාවක් බිහි ව තිබේ. මෙලෙස
පුරවැසියා සමාජ මාධ්‍ය වේදිකාවකට පැමිණ සිටියි.
අන්තර්ජාල තාක්ෂණය
සංඛයාංන (ඩිජිටල්) තාක්ෂණයේ වර්ධනයෙන් අන්තර්ජාලය බිහි වේ. අන්තර්ජාලය සෙසු මාධ්‍යයන්ගෙන් වෙනස් වීමට හේතු රාශියක් බලපානු ලබයි. එය පාලනය කිරීමට අසීරුය. භූගෝලීය සීමාවන් අතික‍්‍රමණය කරමින් ලොව පුරා ව්‍යාප්තව පවති. මාෂල් මැක්ලූහන් නම් සන්නිවේදන විද්‍යාඥයා පවසන්නේ ‘‘තොරතුරු තාක්‍ෂණයේ හා සන්නිවේදනයේ දියුණුව නිසා මුළු ලොවම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇති බවයි’’ එයට සෘජුව අන්තර්ජාලයේ ව්‍යාප්තිය හේතු වෙයි. නව මාධ්‍ය දියුණුවට බලපාන්නේ අන්තර්ජාල
තාක්ෂණය යි.
‘‘ලොව පුරා විසිරුණු පරිගණක ජාලකරණය’’ කෙටියෙන් අන්තර්ජාලය යන නමින් හ`දුන්වනු ලබයි. නව මාධ්‍යයේ ස්වභාවය හ`දුනා ගැනීමේදී ඕනෑම ඩිජිටල් උපකරණයක් භාවිතා කරමින් අන්තර්ජාලයට සම්බන්ධ වීමට අවස්ථාව ලැබේ. අන්තර් ක‍්‍රියාකාරිත්වය හා ප‍්‍රතිපෝෂණය ඉතා වේගවත්ය. ප‍්‍රජා සහභාගිත්වය සහිත මාධ්‍ය ස්වරූපයක් ක‍්‍රියාත්මක වේ. නව මාධ්‍යයේ ප‍්‍රවණතාවන් වශයෙන් කෙටි පණිවිඩ හුවමාරු සේවාව (sms), දුරකථන ඇමතුම් ලබා ගැනීමේ පහසුව, කැමැත්ත ප‍්‍රකාශ කිරීමේ හැකියාව(like) උඩුගත (Upload) හා බාගත(Download) කිීරීමට ඇති හැකියාව, වීඩියෝ, ඡායාරූප නැරඹීමට, තම අදහස් විවෘතව ප‍්‍රකාශ කිරීමට හැකියාව ඇත. විවිධ භාවිතයන් සම`ග සමාජයේ ප‍්‍රචලිත, බලයක් සහිත නිදහස් විවෘත මාධ්‍ය ධාරාවක් ලෙස හදුනාගනු ලබයි.
අන්තරජාලය හා සබැදි නව මාධ්‍යක් ලෙස වෙබ් අඩවි (web site), විද්‍යුත් තැපෑල (Email), බ්ලොග් (blogger), යු-ටියුබ් (you tube), ඇප් (App), මුහුණු පොත (Face book), ටුවිටර් (Twitter), ලිඉන්ක්ඞ් - ඉන් (Linkd in), මැසෙන්ජර් (Messenger), වයිබර් (Viber) ස්කයිප් (skpe) වට්ස්අප් (whatsapp) බ්ලොග්ස් (blogs) (බ්ලොග්ස් යනු දිනපොතක ආකාරයෙන් පෙළ ඇතුළත් කළ හැකි වෙබ් අඩවි විශේෂයකි ව්ලොග්ස් (vlogs) (වීඩියෝ සබැඳියාවක් සහිත වෙබ්රූ පවාහිනියකි. (podcasts) (බාගත හැකි සංඛ්‍යාංක ශ‍්‍රව්‍ය ගොනු වැනි මාධ්‍ය තාක්ෂණ බිහි ව ඇත. ආදී තාක්‍ෂණික ක‍්‍රමෝපායන් දැක්විය හැකි වේ.
2019 ජනවාරි වන විට ශ‍්‍රී ලංකාවේ අන්තර්ජාල පරිශීලකයන් ගණන මිලියන 7.13ක් වූ
අතර එහි වාර්ෂික වර්ධන ප‍්‍රතිශතය 6.2% ඉක්මවා සිටී. ජාල තාක්ෂණයෙහි සමාජ මාධ්‍ය ඇසුරු කිරීමේ
ප‍්‍රවණතාව වඩාත් කැපී පෙනේ. https://www.slideshare.net/DataReportal/digital-2019-sri-lanka-january-2019-v01
නූතන අන්තර්ජාලය ප‍්‍රමුඛ සංඛ්‍යාංක තාක්ෂණය සන්නිවේදන තාක්ෂණය ඔස්සේ මාධ්‍යවල (Media)
සිට අන්තර්ගතය (Content) දක්වා සන්නිවේදන හැසිරීම මාරු වී ඇත. එනම් කවර මාධ්‍යයකින් වාර්තා
කරන්නේ ද යන්න වැදගත් නොවන අතර අවශ්‍ය ව ඇත්තේ විවිධ අන්තර්ගත සොයා යාම යි.
උදා - FB post, youtube thumbnail තොරතුරු සොයාගැනීමේ කුතුහලයපවා වර්ධනය කරයි.
අන්තර්ජාල වස්තු (Internet of Things - IOT)
21 වන සියවසයේ ආගම සන්නිවේදනයයි. එලෙස මාධ්‍ය ‘තොරතුරු සන්නිවේදන තාක්ෂණය’ ඔස්සේ ගොඩනැගෙන අතර එහි උච්චතම අවස්ථාව ‘අන්තර්ජාලය’ සොයා ගැනීමයි අන්තර්ජාලය හා එහි ප‍්‍රවණතාවන්ට, සහ එහි ව්‍යුහගත ලක්‍ෂණයන්ට අනුව නව මාධ්‍ය රාශියක් ආරම්භ වේ. තාක්‍ෂණික බහු කාර්ය උපකරණ, සමාජ ජාල මාධ්‍ය සියල්ලක්ම නව මාධ්‍ය ගණයට අයත් වේ. ඒවා අන්තර්ජාල වස්තු ලෙස හැදින්වේ. මිනිසාගේ අවශ්‍යතාවයන් ඉටුකර ගැනීමට පහසුවන පරිදි මෙය ගොඩනැගී තිබෙයි. ”අන්තර්ජාල වස්තු” යන ප‍්‍රවණතාව පරිගණක තාක්ෂණික උපාංග උපයෝගී කොට ගනිමින් අන්තර්ජාලය ඔස්සේ පුද්ගලයන්ට තම තමන්ගේ වාහන, නිවාස, කාර්යාල හා සම්බන්ධ වෙනත් දෛනික සන්නිවේදන වුවමනාවන් ඉටු කර ගැනීමට, දත්ත යැවීම හා ලබා ගැනීම වැනි දත්ත ගනුදෙනු, විවිධ පරිගණක උපාංග හා අන්තර් සම්බන්ධතා ඇති කර ගැනීම, සන්දේශ සන්නිවේදනය, දත්ත විශ්ලේෂණය, දත්ත හා මානව අගයන් වර්ධනය කර ගැනීම ආදි මානව සන්නිවේදන වුවමනා ඇති කර ගැනීමට ”අන්තර්ජාල වස්තු” මඟින් අවස්ථාව ලැබේ. විද්‍යුත්උ පාංග, මෘදුකාංග (sensors) හා ජාල සම්බන්ධතා මේ සඳහා උපයෝගී කර ගැනේ. අන්තර්ජාල භෞතික උපාංග හා දෛනික සන්නිවේදන කි‍්‍රයාකාරකම් අතර සම්බන්ධතාවක් මෙම ගින් ඇති කොට තිබේ.
රූපවාහිනි තාක්ෂණය
රූපවාහිනි යනු යම්කිසි දුර ප‍්‍රමාණයක් හරහා චලනය වන රූප හා ශබ්ද ලබාගැනීම හා විකාශනය ස`දහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියක්වෙයි.රූපවාහිනි තාක්ෂණයේ ප‍්‍රධාන කොටස් 2 කි.යාන්ත‍්‍රික හා ඉලෙක්ට්‍රෝන වෙයි. 1980 වනවිට රූපවාහිනි තාක්ෂණය ප‍්‍රාථමික තත්වයේ යුතුවුවත් වර්තමානය වනවිට ඉහළ තාක්ෂණයෙන් යුක්තවෙයි.රූපවාහි තාක්ෂණය දියුණුවීමට හේතුපාදකවී ඇත්තතේ දුරස්ථ චන්ද‍්‍රිකා සන්නිවේදනය ,සෘජු සන්නිවේදන විකාශනය, අන්තර්ජාලය ඔස්සේ රූපවාහිනි නැරඹීම වෙයි,එමනිසා සාර්ථක මාධ්‍ය කළමණාකරුවෙකුහට මෙම තාක්ෂණික කුසලතා පිළිබ`ද මනා වු අවබෝධයක් පැවතිය යුතුයි. රූපවාහිනී යනු යම්කිසි දුර ප‍්‍රමාණයක් හරහා චලනය වන රූප සහ ශබ්ද ලබා ගැනීම හා විකාශනය සඳහා බහුලව භාවිතා කරන විදුලි සංදේශ පද්ධතියකි. අතීතයේ බහුලව භාවිත වුයේ CRT - cathode-ray tube රූපවාහිනී වේ. මාධ්‍ය නාලිකාවක සම්ප්‍රේශණ කුළුණු මගින් විකාශිත සංඥා ග්‍රාහණය කරන ටියුනරයක් හා ඇනෝඩ - කැතෝඩ නල ක්‍රියාකාරීත්වය මත රූපය මොනිටරයක් මතට ලබාගත හැකි වුයේය. රූපවාහිනී පද්ධතියක් බහු ඒකක රාශියකින් සෑදී තිබිය හැක. එමනිසා විකාශන සංඥා ලබා ගැනීම සඳහා අභ්‍යන්තර ටියුනරයක් නොමැති තිරයක් රූපවාහිනියක් ලෙස නොව මොනිටරයක් ලෙස හඳුන්වනු ලැබේ.
නුතන රූපවාහිනී යන්ත්‍ර වල ඇත්තේ පරිපත වේ. එය motherboard හෙවත් මව් පුවරුවකින් සමන්විතය HDTV වැනි විවිධ විකාශන හෝ දෘශ්‍ය ආකෘති ලබා ගැනීමට සාදා තිබිය හැක. HDTV සාමාන්‍ය ටීවී එකකට වඩා මිළෙන් වැඩි නමුත් එය වඩාත් සුලභ වෙමින් පවතී. එසේ ම ප‍්‍රතිසම
(Analog) තාක්ෂණයෙන් සංඛ්‍යාංක
(Digital) තාක්ෂණයට පැමිණීමත් සමඟ මාධ්‍ය නාලිකා අධිවේගී පුළුල් කලාපයකට එළඹීම තවත් මාධ්‍ය තාක්ෂණික ප‍්‍රවණතාවකි. මෙමගින් මාධ්‍ය තාක්ෂණික වශයෙන් ඍජු විකාශ චන්ද්‍රිකා
(Direct Broadcast Satellite), අන්තර්ජාල ප්රොටෝකෝල රූපවාහිනී (IPTV) කේබල් රූපවාහිනී (cable television) පුළුල් කලාප
(Broad band) හා චන්ද්‍රිකා වැනි විවිධ මාධ්‍ය තාක්ෂණ පුළුල් විය. ඒ ඔස්සේ මාධ්‍ය පරිහරණය වේගවත් ව ව්‍යාප්ත ව ඇත.HDTV (High-definition television)
Video - 720p, 1080p, 1080p+,Ultra HD, 4k, 5k, 8k , 10k
LED - light-emitting diode
LCD - liquid-crystal display



IPTV
Broad band
Smart TV
Android තාක්ෂණයෙන් බල ගැන්වී ඇති නුතනයේ ජනප්‍රියතම Smart TV යනු සම්ප‍්‍රදායික රූපවාහිනී යන්ත‍්‍රයක් වන අතර නමුත් ඒකාබද්ධ අන්තර්ජාල හා අන්තර්ක‍්‍රියාකාරී විශේෂාංග වලින් සමන්විත වන අතර එමඟින් පරිශීලකයින්ට සංගීතය සහ වීඩියෝ ප‍්‍රවාහනය කිරීමට, අන්තර්ජාලය පිරික්සීමට ඉඩ සලසයි. ස්මාර්ට් ටීවී යනු පරිගණක, රූපවාහිනී යන්ත‍්‍ර සහ සෙට්-ටොප් පෙට්ටිවල තාක්‍ෂණික අභිසාරීතාවයකි .
වලාකුළු පරිගණක (Cloud Computing)

වලාකුළු පරිගණක (Cloud Computing) තාක්ෂණික ප‍්‍රවණතා සමාජ, අධ්‍යාපනික, ආර්ථික ආදි ක්ෂේත‍්‍රවල
සේ ම නව මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ද බොහෝ ප‍්‍රවණතා ඉදිරියට පමුණවා තිබේ. පරිගණක පද්ධති සම්පත්
ඇසුරින් දත්ත ගබඩා කිරීම හා ඒවා නැවත නැවත ලබා ගැනීම කළ හැකි දත්ත ගබඩා මේ නමින්
හැඳින්වේ. මාධ්‍ය අන්තර්ගත ගබඩා කිරීම සම්බන්ධ ව වලාකුළු තාක්ෂණය ආරක්ෂිත හා අතිශය ඵලදායි
ක‍්‍රමයකි.
ඒක මාධ්‍යවලින් (Mono media) හා බහු මාධ්‍යවලට (Multi media
ඒක මාධ්‍යවලින් (Mono media) බහු මාධ්‍යවලට (Multi media) පැමිණීම මඟින් සන්නිවේදන ක්ෂේත‍්‍රයේ
ප‍්‍රවණතා රැසක් ඇති ව තිබේ.
ඒක මාධ්‍ය යනු - ජාතික, ප‍්‍රාදේශීය ආදි ලෙස ඒක හිමිකාර බවක් සහිත මාධ්‍ය සන්නිවේදනයේ යෙදවීම යි.
බහු මාධ්‍ය යනු - මාධ්‍ය ගණනාවක් භාවිත කිරීම වන අතර පෙළ, ශ‍්‍රව්‍ය, දෘශ්‍ය, ප‍්‍රතිරූප, ග‍්‍රාහක හා වීඩියෝ වැනි දේ ඇසුරින් අන්තර් කි‍්‍රයාකාරි ලෙස සන්නිවේදනය කිරීම මෙහි දී සිදු වේ. පොදු ග‍්‍රාහකයා බහු මාධ්‍ය ඇසුරු කරයි. ග‍්‍රාහකයා ඒවායෙහි විවිධ වූ අන්තර් කි‍්‍රයාකාරි සන්නිවේද කාර්යවල නිරත වේ. ඔවුහු බහු මාධ්‍ය ඇසුරේ විවිධ අන්තර්ගත නිර්මාණය කරති.
මාධ්‍ය බෙදා හැරීම (Distribution)
තාක්ෂණික ප‍්‍රවණතා ලෙස මාධ්‍ය බෙදා හැරීම (Distribution) යන්න ප‍්‍රවේශ (Access) බවට පත් ව
තිබීමෙන් ඉතා ඉක්මනින් සන්දේශවලට ළගා වීමේ හැකියාව ග‍්‍රාහකයාට ලැබී තිබේ. අතීතයේ සිට ඇනලොග් තාක්ෂණය මේ සදහා බහුලව භාවිත කර ඇත. එහි නව ප්‍රවණතාවයක් වන්නේ ඩිජිටල් ක්‍රම වට යොමු වීමයි. තාක්ෂණික දියුණුව සමග රූපවාහීනී නාලිකා හා ගුවන්විදුලි නාලිකා සිය සම්ප්‍රේශන ක්‍රියාවලියේදී ඩිජිටල් සම්ප්‍රේශනය කෙරෙහි යොමුව ඇත.
ඩිජිටල් සම්ප්‍රේශනය පිළිබදව සරල ලෙස කිවහොත් රූප හා ශබ්ද මෙගාහර්ට්‌ස් ඵය‘ 8 ක හෝ 7 ක නාලිකාවක් තුළ 1 ක 0 ධාරාවන් බවට පත් කොට එක් වාහකයෙකු වෙනුවට දහස් සංඛ්‍යාත ඩිජිටල් වාහකයන් මගින් එම දෘෂ්‍ය හෝ ශ්‍රව්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරනු ලබයිග ඒ සෑම නාලිකාවකටම තොරතුරු ඉතා විශාල ප්‍රමාණයක් ගෙන යා හැකියග ශ්‍රී ලංකාවට උචිත ලෙස තෝරාගත් ක්‍රමවේදය අනුව ඩිජිටල් නාලිකාවක ධාරිතාවයල ඒ හා සමාන ඇනලොග් නාලිකාවන් 6-10 දක්‌වා සංඛ්‍යාවකින් ඉහළය එසේම .ආසන්න ලෙස ඇසිරීම. සහ සංඛ්‍යාතයන් නැවත භාවිතා කිරීමට හැකි වීම හේතුවෙන් ඇනලොග් රූපවාහිනි නාලිකා වෙනුවට භාවිතා කළ යුතු ඩිජිටල් නාලිකා සංඛ්‍යාව ඉතා අඩුයග ඒ හේතුවෙන් එමගින් වැඩි වාසියක් අත් වේ
ඩිජිටල් සම්ප්‍රේෂණයන් ඇනලොග් සම්ප්‍රේෂණයන්ට සාපේක්‌ෂව වඩා ඵලදායී වනවා සේම එහි මෙහෙයුම් වියදමද ඉතා අඩුයග ඒ තුළ VHF සහ UHF යන තරංග වර්ග ද්විත්වයම භාවිතා කෙරෙන නමුත් UHF සම්ප්‍රේෂණ සහ ප්‍රතිග්‍රාහක කාර්යක්‌ෂමතාවය VHF තරංග වලට වඩා අඩු බැවින් බොහෝ රටවල් UHF තරංග භාවිතා කිරීමට වැඩි කැමැත්තක් දක්‌වයි.
https://www.divaina.com/2016/06/08/feature02.html
අනාගතයේ දී අපේක්ෂිත මාධ්‍ය තාක්ෂණ ප‍්‍රවණතා ලෙස -
අතථ්‍ය යථාර්ථය(Virtual Reality)
අතථ්‍ය යථාර්ථය ( VR) යනු සැබෑ ලෝකයට සමාන හෝ සම්පූර්ණයෙන්ම වෙනස් විය හැකි අනුකරණ අත්දැකීමකි. අතථ්‍ය යථාර්ථය වේ.
කෘත‍්‍රිම බුද්ධිය (Artificial Intelligence)
කෘතිම බුද්ධිය යනු පරිගණක වැඩසටහනකට හෝ යන්ත‍්‍රයකට සිතීමට හා ඉගෙන ගැනීමට ඇති හැකියාවයි. එය පරිගණක ”බුද්ධිමත්” බවට පත් කිරීමට උත්සාහ කරන අධ්‍යයන ක්ෂේත‍්‍රයකි. විධාන සමඟ කේතනය නොකර ඔවුන් තනිවම වැඩ කරති. ජෝන් මැකාති 1955 දී ”කෘතිම ඉන්ටලිජන්සන්ස්” යන නම ඉදිරිපත් කළේය. වර්ථමානය වන විට මෙම තාක්ෂණය වඩාත් දියුණු වී ඇත. නිදසුන් google assistant, apple iPhone siri
අධිවේගී පළල් කලාප ජාල ( High-speed broadband networks)
බ්‍රෝඩ්බෑන්ඩ් යනු පුළුල් කලාප පළල දත්ත සම්ප්‍රේෂණය වන වේගවත් අධිවේගී අන්තර්ජාල ප්‍රවේශයක් අදහස් කිරීමයි
සංඛ්‍යාංක විකාශ අල්ප පරාස
(Narrow casting)
පටු විකාශනය සම්ප‍්‍රදායිකව වටහාගෙන ඇත්තේ තොරතුරු (සාමාන්‍යයෙන් අන්තර්ජාලය, ගුවන්විදුලිය, පුවත්පත හෝ රූපවාහිනිය හරහා පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙත ලබාදෙන බවයි. පටු විකාශනය සමග ඉලක්කගත හා ප්‍රමාණාත්මක පටු පේ‍්‍රක්ෂක පිරිසකට තොරතැරු බෙදා හැරීමට හැක.
පටු විකාශනය සම්ප‍්‍රදායිකව වටහාගෙන ඇත්තේ තොරතුරු (සාමාන්‍යයෙන් අන්තර්ජාලය, ගුවන්විදුලිය, පුවත්පත හෝ රූපවාහිනිය හරහා පුළුල් ග්‍රාහක ක්ෂේත්‍රයක් වෙත ලබාදෙන බවයි. පටු විකාශනය සමග ඉලක්කගත හා ප්‍රමාණාත්මක පටු පේ‍්‍රක්ෂක පිරිසකට තොරතැරු බෙදා හැරීමට හැක.
ගුවන්විදුලි පද්ධති - (Radio Systems)
වර්තමානයේ ලොව බොහෝ ගුවන් විදුලි මධ්‍යස්ථාන විවිධ ඇනලොග් සහ ඩිජිටල් ආකෘතිවලින් විකාශනය වේ
වර්තමානයේ ලොව බොහෝ ගුවන් විදුලි මධ්‍යස්ථාන විවිධ ඇනලොග් සහ ඩිජිටල් ආකෘතිවලින් විකාශනය වේ
සංවේදක ජාල
(Sensor networks)
මිනිසාට අවශ්‍යය පාරිසරික තොරතුරු දැන ගැනීම උදෙසා මෙම තාක්ෂණය භාවිතා වෙි. කාලගුණ වෙනස්වීම් ආදිය පිළිබද දැන ගැනීමට, ජංගම දුරකථනයට හිත මිතුරන් සිටින ස්ථානය දැන ගැනීමට, ආරක්ෂක කැමරා දර්ශන සජීවිව නැරඹීම ආදිය දැක්විය හැකිය.
දැල් ජාල (Mesh networks)
router මගින් අන්තරජාල සම්බන්ධතා සැපයීම. මෙහිදී එක් උපකරණයකින් බොහෝ දෙනෙක්ට සම්බන්ධතා ලබාගත හැකිය.
router මගින් අන්තරජාල සම්බන්ධතා සැපයීම. මෙහිදී එක් උපකරණයකින් බොහෝ දෙනෙක්ට සම්බන්ධතා ලබාගත හැකිය.
බහු මාධ්‍ය විකාශන
සන්දර්භ දැනුම්වත් තාක්ෂණය
(Context-aware technology)
පරිශීලකයා සන්දර්භය මත භෞතික පරිසරයක උපාංග භාවිත කිරීම චන්ද්‍රිකා තාක්ෂණික සේවා හා නැනෝ තාක්ෂණික ප‍්‍රයෝග යනාදිය අනාගත තාක්ෂණික ප‍්‍රවණතා අතර දක්නට ලැබේ.
2. ආයතනික ප‍්‍රවණතා (Corporate trends)
ශ්රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ වේගවත් ප‍්‍රමාණාත්මක වර්ධනයක් දක්නට ලැබේ. මාධ්‍ය ආයතන
නිරන්තරයෙන් බිහි වීම හඳුනා ගත හැකි ප‍්‍රවණතාවකි.
හිමිකාරිත්වය
මාධ්‍ය ආයතන බිහි වීම දිගින් දිගට ම වර්ධනය වීමෙන් රාජ්‍ය මාධ්‍ය කොටස (පංගුව* අවම වෙමින්
පවතී.
ප‍්‍රාදේශීය මාධ්‍ය
කොළඹ කේන්ද්‍රීය ව පවතින මාධ්‍ය ආයතන ක‍්‍රමික ව වෙනත් පළාත් කරා ගමන් කිරීම දක්නට
ලැබේ. යාපනය නගරය කේන්ද්‍ර කර ගත් පුවත් පත්, ගුවන්විදුලි හා කේබල් රූපවාහිනි නාලිකා
ආරම්භ වීම කැපී පෙනෙන තත්ත්වයකි.
මාධ්‍යකරුවෝ
ජන මාධ්‍ය ආයතනවල මාණ්ඩලික මාධ්‍යකරුවන්ට වඩා නිදහස් සහ විශේෂාංග වාර්තාකරණයේ
නියැළෙන මාධ්‍යකරුවන් බිහි වී නැත. ආයතනික බැඳීම්වලින් තොර ව තමන් විසින් නිර්මාණය කරනු
ලබන මාධ්‍ය සන්දේශ විවිධ ආයතන සඳහා සපයනු ලැබේ. නව මාධ්‍ය ව්‍යවසායකත්වයක් මෙමඟින්
ඇති වී තිබේ.
ස්ත‍්‍රී පුරුෂ සමාජ තත්ත්වය
ජනමාධ්‍ය ආයතනවල ස්ත‍්‍රී නියෝජනය සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතී. එහෙත් තීරණ ගත
හැකි මට්ටමේ ස්ත‍්‍රී නියෝජනය තව දුරටත් අවම මට්ටමක පවතී.
මාධ්‍ය නියාමනය
රාජ්‍ය නියාමනය පවතින නමුත් ස්වයං නියාමන ක‍්‍රම පිළිබඳ උනන්දුවක් ඇති වී තිබේ. මාධ්‍ය
ආයතන මඟින් තම ආයතනය වෙනුවෙන් ම වූ ආචාරධර්ම/ මාර්ගෝපදේශ සකසා ගැනීමට කටයුතු
කර ඇත.
සංස්කාරක නිදහස
ආයතනික වශයෙන් පවත්නා පාලනය හේතුවෙන් ජනමාධ්‍යවල සංස්කාරක නිදහස අවම වී තිබේ.
දේශපාලනික වශයෙන් මෙයට ආර්ථික සම්බන්ධතා මත මාධ්‍ය සන්දේශ සකස් කිරීමට සිදු වීම
රාජ්‍ය හා පෞද්ගලික යන ජනමාධ්‍ය දෙයාකාරයෙන් ම දක්නට ලැබෙන තත්ත්වයකි.
ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වයට හා වෘත්තීය සමිති ක‍්‍රියාකාරිත්වයට පහසුකම් සලකා ඇත්තේ රාජ්‍ය
මාධ්‍ය පමණි.
3. අන්තර්ගතය (contents)
ශ‍්‍රී ලංකාවේ ජන මාධ්‍ය අන්තර්ගතයෙහි නව ප‍්‍රවණතා පිළිබඳ විමසා බැලීමේ දී පෙනී යන්නේ
ලොව අන් රටවල් රැසක දක්නට ලැබෙන සමාන තත්ත්වයට ලංකාවේ මාධ්‍ය අන්තර්ගතයේ ද
දැකිය හැකි බව යි. එ් අතරින් මුඛ්‍ය ප‍්‍රවණතා කිහිපයක් මෙසේ හඳුනා ගත හැකි ය.
1. සරල භාෂා භාවිතය
2. වෙළෙඳ දැන්වීම් ප‍්‍රමාණාත්මක ව ඉහළ යාම
3. ඉදිරිපත් කිරීමේ නව මාදිලි යොදා ගැනීම
4. විනෝදාස්වාදය කෙරේ වැඩි අවධානයක් දැක්වීම
1. සරල භාෂා භාවිතය
ව්‍යක්ත භාෂා රටාව වෙනුවට සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගත් සරල වූත්, පහසුවෙන්
අවබෝධ කර ගත හැකි වූත් කට වහර වඩාත් සමීප භාෂා ශෛලියක් මාධ්‍ය බහුතරයක භාවිත
කෙරේ. ප‍්‍රවෘත්ති වාර්තාකරණයේ දී පවා විශේෂාංග රචනයේ දී භාවිත කරන බසට සමාන වූ භාෂා විලාසයක්
යොදා ගැනේ.
2. වෙළෙඳ දැන්වීම් ප‍්‍රමාණාත්මක ව ඉහළ යාම
මාධ්‍ය ආයතන අළෙවි ප‍්‍රවර්ධනය උදෙසා බහුලව දැන්විම්කරණය භාවිතා කරනු ලබයි. ගෝලීයකරණය සමග නව වෙළදපලක් ලෝකයේ නිරමාණයව ඇත. මාධ්‍ය කළමනාකරුවන් නව තාක්ෂණික ක‍්‍රමෝපායන්ගේ හැකියාවන් නුතනයේ දැන්වම්කරණය සදහා බහුලව භාවිතා කරයි. පුවත්පත් මාධ්‍ය, ගූවන් විදුලි මාධ්‍ය, රූපවාහිනී මාධ්‍ය , නව මාධ්‍ය මෙන්ම නොයෙකුත් ප‍්‍රචාරණ විධික‍්‍රම බහුලව මාධ්‍ය දැන්වම්කරණය යොදාගනු ලබයි. සැබැවින්ම දැන්වම්කරණයේ මුලිඛ අපේක්ෂාව වන්නේ මාධ්‍ය ආයතනයේ ලාභය ඉහල නංවා ගැනීමටයි.විශාල පිරිසකට එකවර ඇමතීමේ හැකියාවත් බලපැමක් ඇති කරමන් පොලඹවා ගැනීමේ ශක්‍යතාවයත් දැන්වම්කරණය සතුවේ. දැන්විිම් නිශ්පාදනය කරනු ලබන ප‍්‍රචාරණ ආයතන සෑම විිටම උත්සාහ දරන්නේ තම සේවාදායකයන්ගේ අරමුණට වඩාත් සමිප විය හැකි සහයක් ලබා දීමටයි. එනිිසා නොයෙකුත් ප‍්‍රවේශයන් යටතේ මාධ්‍ය මගින් දැන්විම් ඉතා ආකරශනීය ආකාරයෙන් නිර්මාණය කරනු ලබයි. මාධ්‍ය ආයතන අනුගා‍්‍රහකත්වය යටතේ හෝ වෙනයම් ක‍්‍රමයක් මගින් දැන්වමකරණයේ නියැලෙන්නේ ලාබ ලබා ගැනීමටයි . දැන්වම්කරණයතුල සෘජු මෙන්ම වක‍්‍ර අරමුණු ඇත.
පුවත් විවරය ^News hole& ක‍්‍රමයෙන් සීමා කරමින් ජනමාධ්‍ය මඟින් ඉදිරිපත් කෙරෙන වෙළෙඳ
දැන්වීම්වල ප‍්‍රමාණාත්මක වර්ධනයක් දක්නට ලෑබීම කැපී පෙනෙන සාධකයකි.
දැන්වීම් ඉදිරිපත් කිරීමේ සාම්ප‍්‍රදායික විලාසයට පටහැනි ව යමින් ප‍්‍රවෘත්ති ආකාරයෙන් දැන්වීම්
ඉදිරිපත් කිරීම ^Advertorials& ද මාධ්‍ය අන්තර්ගතය සම්බන්ධයෙන් වන නව ප‍්‍රවණතාවකි.
3. ඉදිරිපත් කිරීමේ නව මාදිලි යොදා ගැනීම
මාධ්‍ය ආයතන වැඩසටහන් සකස් කරන්නේ ජනතාව භාවිත කරන තාක්ෂණය හහා ඔවුන්ගේ අවශ්‍යතා වලට මුලිකත්වය ලබා දෙමිනි. එබැවින් මාධ්‍ය අන්තර්ගතය ග‍්‍රාහකයා වෙත ඉදිරිපත් කිරීම ඒ ඒ මාධ්‍යවලට විශේෂ වූ නව මාදිලිවලට අනුව සිදු කිරීමට ගන්නා උත්සාහයක් ද මෑත කාලයේ දැකිය හැකි විශේෂිත තත්ත්වයකි.
ප්‍රාසාංගික වැඩසටහන්
ශ‍්‍රව්‍ය හා ශ‍්‍රව්‍ය - දෘශ්‍ය මාධ්‍යවල බහුල ලෙස යොදා ගැනෙන යථාකාරී වැඩසටහන් ^Reality Progeammss&
මෙයට නිදසුන් ලෙස දැක්විය හැකි ය. තරු වැඩසටහන් හා තරග
මාධ්‍ය සංවාද වැඩසටහන්
මාධ්‍ය සංවාද වැඩසටහන් ^Talks Shows& සම්බන්ධයෙන් දක්වන අවධානය ඉහළ
ගොස් තිබීම ද නව ප‍්‍රවණතාවකි. දේශපාලන, අධ්‍යාපණික , බුද්ධි විචාර, ජනප්‍රිය දරිත සමග සංවාද ආදිය දැක්විය හැකියි. මේ නව මාදිලි භාවිතය මාධ්‍ය - ග‍්‍රාහක අන්තර් ක‍්‍රියාකාරිත්වය වර්ධනයට ද හේතුකාරක වී තිබේ. එනම් ග්‍රාහක ප්‍රතිචාර හා ප්‍රතිපෝෂණ ලබාදීමට හැකි වීමයි.
රූපකාරකයෙන්” තොරතුරු ඉදිරිපත් කිරීම
මුද්‍රිත මාධ්‍ය සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේ දී ”රූපකාරකයෙන්” තොරතුරු ඉදිරිපත් කිරීමට
ඇති නැඹුරුවෙහි පැහැදිලි වර්ධනයක් පෙන්නුම් කරයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස ඡුායාරූප, රූප සටහන්,
කාටූන්, සිතියම්, සිතුවම් ආදිය වත්මන් මුද්‍රිත මාධ්‍යවල බහුල ලෙස දැකිය හැකි ය
නිල නොවන තොරතුරු වලට වැඩි වටිනාකමක් ලැබෙයි.
නිශ්චිත තොරතුරු වාර්තාකරණයට අමතර ව ” ඕපාදුප” නැතහොත් නිල නොවන තොරතුරු
සම්බන්ධයෙන් ද යම් තාක් දුරට අවධානය යොමු කිරීම නූතන මාධ්‍ය අන්තර්ගතය පිළිබඳ විමසා
බැලීමේ දී සලකා බැලිය යුතු සාධකයක් බවට පත් ව තිබේ.
4. විනෝදාස්වාදය කෙරේ වැඩි අවධානයක් දැක්වීම
මාධ්‍ය මගින් සෑම විටම විනෝදාස්වාදය මුලික කරගත් වැඩසටහන් ප්‍රචාරය කරයි. නාට්‍ය, චිත්‍රපට, තරැ වැඩසටහන් ආදී සියල්ල ඊට අයත්ය.
4.ග‍්‍රාහකයා (Receiver)
වර්ථමාන මාධ්‍ය ප්‍රවණතාවයක් වන්නේ මාධ්‍ය විකාශනය හා තාක්ෂණික වර්ධනය මෙන්ම ඊට ග්‍රාහකයාගේ ඇති කැමැත්ත හේතුවෙන් මාධ්‍ය භාවිතය වෙනස්ව ඇත. මාධ්‍ය ආයතනික, වැඩසටහන් වල අන්තර්ගතය, ශිල්පීය නිපුණතාවය, තාක්ෂණික භාවිතය ආදිය හේතුවෙන් ග්‍රාහක ක්ෂේත්‍ර වෙනස් වේ. තාක්ෂණය හේතුවෙන් ග්‍රාහක ප්‍රතිාර හා ප්‍රතිපෝෂණ ලබා දීමේ හැකියාවද තීවෘරව තිබෙයි.
ග‍්‍රාහක ප්‍රවණතා
- ග‍්‍රාහකයාට සක‍්‍රිය ව මාධ්‍ය අන්තර්ගතය ගොඩනැ`ගීමේ හැකියාව ලැබී තිබීම
- තාක්‍ෂණය යන සාධකය හේතු කොට ගෙන ග‍්‍රාහකයාට මාධ්‍ය අන්තර්ගතය ගොඩනගීමේ සහ තීරණය කිරීමේ හැකියාව උදා වී තිබේ. පුරවැසියාට මෙසේ හිමි වූ මාධ්‍ය හැකියාව පුරවැසි මාධ්‍යකරණය යනුවෙන් තව දුරටත් විස්තර කෙරේ.
පුරවැසි මාධ්‍යකරණය .
වෘත්තීය මාධ්‍යවේදීන් නොවන සාමාන්‍යය ජනතාව විසින් නව මාධ්‍ය භාවිතා කොට මාධ්‍ය වාර්තාකරණයේ යෙදෙය. ප‍්‍රධාන මාධ්‍ය ධාරාවෙන් ස්මතු නො වු කරුණු ගවේෂණාත්මක මාධ්‍ය දෘෂ්ටියකින් වාර්තා කරය.ි එහි ප‍්‍රභූ ව්‍යාපාරික දෘෂ්ටියට වඩා ජනතවේ හඩ දෘෂ්ටිය ස්මතු වෙයි. මාධ්‍ය කළමනාකරුවන් මෙම ක‍්‍රමවේදයෙන් තොරතුරු ලබා ගැනීමටත් සන්නිවේදකයෙකු ලෙස පුරවැසි මාධ්‍යකරණයේ නියැලීමේ කුෂලතා වර්ධනය කරගත යුතුය. මෙරට රූපවාහිනී නාලිකා අයි රිපෝටර් යු රිපෝටර් වැනි වැඩසටහන් මගින් මෙය භාවිතයට ගනු ලබයි.
- පුරවැසියන් මාධ්‍ය වාර්තාකරනයට සම්බන්ධ වේ.
- පුරවැසියාගේ දෘෂ්ටිය ස්මතු වේ.
- පුරවැසි හඩ ස්මතු වේ.
- ජනමාධ්‍ය මගින් අවධානයට ලක් නොවු කරුණු අවධාරණය කරයි.
- නව මාධ්‍ය තාක්ෂණය බහුලව භාවිත කරයි.
- ගවේෂණාත්මක මාධ්‍ය වාර්තාකරනයේ ලක්ෂණ ඇත.
- බහු මාධ්‍ය සදහා පුරවැසි මාධය වාර්තා භාවිත කරයි.
- නිරවද්‍ය තොරතුරු දොරටුපාල සංකල්පයේ බලපෑමකින් තොර ව සංචරණය කිරීමේ හැකියාව උදා වී තිබේ.
- සන්නිවේදන ක‍්‍රියාවලියේ දී ග‍්‍රාහකයාගේ භූමිකාව වෙනසකට ලක් වීම
- ඒකපාර්ශ්වික සන්නිවේදනයෙන් මිදී ද්විපාර්ශ්වික සන්නිවේදනය ද අබිබවා යමින්, ග‍්‍රාහකයා සක‍්‍රිය ලෙස මාධ්‍ය අන්තර්ගතය පවා ගොඩනැ`ගීමේ ක‍්‍රියාවලියට දායක වී තිබීමෙන් ග‍්‍රාහකයාගේ සාම්ප‍්‍රදායික භූමිකාව විපර්යාසයට ලක් වී තිබේ.
- පුවත්පත් කියවූ, ගුවන්විදුලියට සවන් දුන්, රූපවාහිනිය හා චිත‍්‍රපට නැරඹූ ග‍්‍රාහකයාගේ සාම්ප‍්‍රදායික භූමිකාව මෙසේ විපර්යාසයකට පත් වීම සමකාලීන මාධ්‍ය ප‍්‍රවණතාවක් ලෙස හඳුනා ගත හැකි ය.
- බහුමාධ්‍ය පරිසරයෙහි විශාල වශයෙන් විවිධත්වයෙන් යුත් මාධ්‍ය ක‍්‍රියාත්මක වීම හේතුවෙන් ග‍්‍රාහකයාට තමාගේ අවශ්‍යතාව හා රුචිකත්වය මත පදනම් වෙමින් මාධ්‍ය තෝරා ගැනීමේ හැකියාවක් ලැබී තිබේ. (web site), විද්‍යුත් තැපෑල (Email), බ්ලොග් (blogger), යු-ටියුබ් (you tube), ඇප් (App), මුහුණු පොත (Face book), ටුවිටර් (Twitter), ලිඉන්ක්ඞ් - ඉන් (Linkd in), මැසෙන්ජර් (Messenger), වයිබර් (Viber) ස්කයිප් (skpe) වට්ස්අප් (whatsapp) බ්ලොග්ස් (blogs) ව්ලොග්ස් (vlogs)
- මාධ්‍ය බහුවිධකරණයත් සමග ග‍්‍රාහකයාගේ භූමිකාව මෙසේ ධනාත්මක වර්ධනය වුව ද නව තාක්ෂණික මාධ්‍යවල ක‍්‍රමික වර්ධනය නිසා ග‍්‍රාහකයා මාර්ගගත රැවටීම්වලට හා හිරිහැර කිරීම්වලට ද භාජනය විය හැකි ය.
Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
Diploma in English University of Colombo
whatsapp - 0717893803




























I respect to you sir.මුදල් පස්සේ යන ගොඩක් ගුරුවරු අතර මුදල් ගැන නොසලකා අපි වෙනුවෙන් කරන උදවු වලට ගොඩක් පින් sir ta
ReplyDelete