සමීක්ෂණ ක්‍රියාවලියේදී පිළිපැදිය යුතු ආචාරධර්ම
■ නිවැරදී සමීක්ෂණ ක්‍රම භාවිතය
සමීක්ෂණය කිරීමේ පියවර, දත්ත රැස් කිරීමේ ක්‍රම, දත්ත විශ්ලේෂණ ක්‍රම, දත්ත උපුටා ගැනීමේදී මුලාශ්‍ර දැක්වීම, වාර්තාව සකස් කිරීමේදී විනිවිද භාවයකින් යුක්තව කටයුතු කිරීම. සමීක්ෂණයක ආර්ම්භයේ සිට පර්යේෂණ යෝජනාව සකස් කිරීම, යෝජනාව සම්මත කර ගැනීම. දත්ත රැස් කිරීම, දත්ත විශ්ලේෂණය හා වාර්තාව සකස් කිරීම අනුපිළිවෙලකට සිදු කළ යුතුයි.
■ දත්ත හිතා මතා විකෘති නොකිරීම
දත්ත රැස් කිරීමෙන් ලබා ගන්නා ලද දත්ත පක්ෂපාතීව, වාසි සහගතව, ව්‍යාජ ලෙස වීකෘති කිරීම, වෙනස් කිරීම, අළුතින් එකතු කිරීම සිදු නොකළ යුතුයි. සමීක්ෂණයේ විශ්වාසනීයත්වය ගොඩනැගිය යුතුයි.
■ වැරදි දත්ත ඇතුළත් නොකිරීම.
දත්ත දායකයන් නොකරන ලද ප්‍රකාශ සටහන් කරගත නොහැක, ව්‍යාජ මුලාශ්‍ර දැක්වීමට නොහැකියි, කිසිදු අවස්ථාවක නැවත අසන ලද ප්‍රශ්ණ වෙනස් නොකළ යුතියි, නියැදිය නිශ්චිත විය යුතුයි.
■ දත්ත දායකයා හා සමීක්ෂකයා අතර විශ්වසනීයත්වයක් ගොඩනඟා ගැනීම
සමීක්ෂකයා දත්ත දායකයාට ගරු කිරීම,අන්‍යනයතාවය ආරක්ෂා කිරීමථ , දත්ත දායකයා පිළිබද අවබෝධය (මට්ටම) , දත්ත දායකයාගේ කැමැත්ත හා අකමැත්ත හදුනා ැනීම, ආදියයි.
■ දත්ත දායකයාගේ කැමැත්ත මත පමණක් සමීක්ෂණය සඳහා සහභාගී කර ගැනීම
දත්ත දායකයා දත්ත ලබා දීමට එකගත්වයක් පවතියි නම් පමණක් දත්ත ලබාගැනීමට සිදුවෙයි. ඔහු අකමැති නම් දත්ත ලබා ගැනීම අසීරුය. එබැවින් අචාරධර්මයක් ලෙස දත්ත දායකයාගේ අභිමතය පරිදි පමණක් දත්ත ලබාගැනීමට සිදුවෙයි. දත්ත දායකයා යම්කිසි තොරතුරු හෙළිකිරීමෙන් වළකින ලෙස ප්‍රකාශ කරනු ලැබුවොත් ඒවා ප්‍රසිද්ධ කිරිමෙන් වැළකිය යුතුයි.
■ සමීක්ෂකයා පිළිබදව හා පර්යේෂණයේ මූලික අරමුණු පිළිබඳ දත්ත දායකයා දැනුම්වත් කිරීම
දත්ත දායකයාගේ ස්වභාවය අනුව දත්ත දායකයාගේ මට්ටම හදුනාගෙන. ඔහුට සමීපවීම හා ඔහුට ගැළපෙන ආකාරයෙන් අපගේ සමීක්ෂණ අරමුණ හා එහි පසුබිම පිළිබද ප්‍රකාශ කිරිම සිදු කරයි. පසුව ඊට කැමැත්ත ලබාගෙන දත්ත රැස් කිරම ආරම්භ කළ හැකිය. මෙහිද පුද්ගලයන්ට අනුව සමික්ෂණයේ අරමුණ පැහැදිලි කිරීම වෙනස් කළ හැකිය.
■ දත්ත දායකයාට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අවසථාව ලබා දීම
දත්ත දායකයන්ට සිය අභිමතය පරිදි දත්ත ලබා දීමට අවස්ථාවක් සලසා දිය යුතුය. පිළිතුරු ලබා දීමේදී නොමග යැවීම හෝ සීමා කිරීම් සිදු නොකළ යුතුයි.
■ දත්ත දායකයාගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම
දත්ත දායකයාගේ අන්‍යතාවය ආරක්ෂා කිරීම ආචාර ධර්මයකි. ඔහු පිිබද තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරීම, ඔහු ප්‍රකාශ නොකරන ලෙස පවසන තොරතුරු හෙලි නොකිරීම ආදිය සිදු කළ යුතුයි.
■ දත්ත දායකයා කායක හෝ මානසික පීඩාවකට ලක් නොකිරීම
දත්ත ලබා ගැනීමේදී දත්ත දායකයාට මුදල් ලබා දීම, බලපෑම් කිරීම, වද හින්සා කිරීම, තර්ජනය කිරීම, බිය වැද්දීම ආදිය නොකළ යුතු යුතුයි.
■ ඕනෑ ම අවස්ථාවක දත්ත දායකයාට සමීක්ෂණයෙන් ඉවත් වීමේ අවසරය ලබා දීම
දත්ත දායකයාගේ අභිමතය පරිදි අකමැති නම් සමීක්ෂණයෙන් ඉවත්ව යාමට අවස්ථාවක් ලබාදෙයි. දත්ත ප්‍රකාශ කිරීමට අකමැති නම් එම දත්ත ප්‍රකාශ නොකර සිටීමට පවා හැකියාවක් ඇත.
■ දත්ත දායකයාගේ ආරකෂාව තහවුරු කිරීම
අන්‍යන්‍යතාවය ආරක්ෂා කිරීම, ප්‍රතිරූපය ආරක්ෂා කිරීම, ලෙඩ රෝග ආදි හෙළි නොකිරීම, ප්‍රසිද්ධ නොකරන ලෙස ප්‍රකාශ කරන දත්ත ප්‍රසිද්ධ කිරීම නොකළ යුතුයි.
■ දත්ත ලබා ගැනීමේ දී සමීක්කයාගේ බලය අයුතු ලෙස යොදා නොගැනීම
සමීක්ෂණ ක්‍රියාවලිය හසුරුවන්නා ලෙස සමීක්ෂකයා දත්ත දායකයා නොමග යැවීමත අයුතු ආකාරයෙන් පොළඹවා ගැනීම, තර්ජන හා බිය වැද්දවීම් සිදු කිරීම, දත්ත විකෘති කොට සටහන් කර ගැනීම, පක්ෂපාතීව දත්ත ලබා දෙන ලෙස දත්ත දායකයන්ට පැවසීම සිදු නොකළ යුතුයි.
■ දත්ත ලබා දීම පිළිබඳ දත්ත දායකයා අගය කිරීම
දත්ත දායකයාට ගරු කිරීම, දත්ත දායකයාගේ මට්ටම හදුනා ගැනීම, දත්ත ලබාදීම සම්බන්ධව හා දත්ත දායකයාගේ ක්‍රියාවන්, දත්ත ලබාදුන් ආකාරය, ඉවසීම, ප්‍රසන්න බව දත්ත දායකයාට ස්තූති කිරීම, ආදිය සියල්ල අගය කරමින් දත්ත දායකයා අගය කළ යුතුය. එයින් තවත් විශ්වාසය වර්ධනය වේ.
■ බුද්ධිමය දේපල දේපළ අයුතු ලෙස භාවිත නොකිරීම
දත්ත දායකයන්ගේ අවසරයකින් තොරව දත්ත හෙලි නොකිරීම, උපුටා ගැනීම් සිදු කරන මුලාශ්‍ර නිවැරදිව ඇතුළත් කිරීම, ප්‍රසිද්ධ කිරීමට පෙර අවසර ලබැගැනීම සිදු කළ යුතුය.
■ පවත්නා නෛතික සීමවන්ට යටත්ව කටයුතු කිරීම.
සමීක්ෂණ ආයතනයක් ආරම්භ කිරීම හා පවත්වා ගැනීම සිදු කළ යුත්තේ රටෙහි පවතින නීතිමය සීමාවන්ට යටත්වය. බුද්ධිමය දේපල පනත යටතේ, තොරතුරු දැන ගැනීමේ පනත යටතේ, එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශනය යටතේ සමීක්ෂණ කටයුුතු සිදු කළ යුතුය.
■ සමීක්ෂකයා අපක්ෂපාතීවකටයුතු කිරීම සහ තම පෞද්ගලික මතය සමීක්ෂණ ක්‍රියාවලියට
ඇතුළු වීමට ඉඩ නොතැබීම
සමීක්ෂණය නිවැරදි හා විශ්වාසනීය මෙන්ම විද්‍යාත්මක පදනමකින් යුක්තව ගොඩනැගිය යුතුය. එහිදී සමීක්ෂකයා තමන්ගේ පක්ෂපාතීත්වය මත, පහසුව වෙනුවෙන්, සිය අභිමතය ස්මතු වන පරිදි දත්ත සටහන් කිරීම, දත්ත දායකයන් හැසිරවීම, දත්ත විශ්ලේෂනයේදී අයුතු ආකාරයෙන් ක්‍රියා කිරීම, අවසරයකන් තොරව තොරතුරු හෙලි කිරිම , ව්‍යාජ වාර්තා සකස් කිරීම ආදිය සිදු නොකළ යුතුයි.






Thank you sir 🙏♥️
ReplyDelete