: සන්නිවේදන සංකල්ප:::...
සන්නිවේදන විෂය ක්ෂේත්‍රය පිලිබඳ අවධානය යොමු කිරීමේදී සංකල්ප ද වැදගත් වෙයි..එක් එක් රටවල රජයන් ,ජනමාධ්‍ය, හා ජනතාව අතර පවතින සම්බන්ධතාවල ස්වරූපය මෙමගින් සාකච්ඡා කෙරේ...ඒ අනුව සන්නිවේදන සංකල්ප කීපයකි.. මේවා සකස්ව ඇත්තේ සන්නිවේදනයේ ස්වරෑපය ඓත්හාසිකව ගොඩනැගීතිබෙන ආකාරය අනුවය
1.අධිපතිවාදී සන්නිවේදන සංකල්පය
2.නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය
3.සෝවියට් සමාජවාදී සන්නිවේදන සංකල්පය
4.සමාජ වගකීම් පිලිබඳ සන්නිවේදන සංකල්පය
5.සංවර්ධන සන්නිවේදන සංකල්පය
6.ප්‍රජාතන්ත්‍රීකරණ සන්නිවේදන සංකල්පය
2.නිදහස් මතවාදී සන්නිවේදන සංකල්පය
3.සෝවියට් සමාජවාදී සන්නිවේදන සංකල්පය
4.සමාජ වගකීම් පිලිබඳ සන්නිවේදන සංකල්පය
5.සංවර්ධන සන්නිවේදන සංකල්පය
6.ප්‍රජාතන්ත්‍රීකරණ සන්නිවේදන සංකල්පය
අධිපතිවාදි සන්නිවේදන සංකල්පය.
ගෝත්‍රික සමාජයේ නායකයා පත් කර ගත්තේ ශරීර ශක්තිය හා අනෙකා පැරදවිය හැකි සටන්කාමී බව පදනම් කරගෙනය. මේ නිසාම ගෝත්‍රික නායකයින් තම සිතැගි පරිදි අනිකා තලා පෙලා කටයුතු කළහ. අධිපති වාදී සංකල්පය ලෝකයේ ජනනය වන්නේ මේ පදනමේ සිටය. 16- 18 වෙනි සියවස් අතර කාලය බටහිර දේශපාලන ක්‍රමවේදය සකස් වූයේ අතිශය අධිපතිවාදී ක්‍රමවේදයකටය. මැකියාවෙලි තම ‘’ the prince ( කුමාරයා ) පොතෙන් තම රජුට රට පාලනය කිරීමේ ක්‍රමවේදය කියා දුන්නේය. එය අධිපති වාදී ලක්ෂණ වලින් සමන්විත උපදේශන මාලාවකි.
පුද්ගලයාට වඩා ඉහළින් පාලකයා සිටිය යුතු බවට මෙකල පැවති දේශපාලන මතයක් විය. ගුටෙන්බර්ග් මුද්‍රණ යන්ත්‍රය නිපදවීමෙන් රෝමානු පල්ලියේ හා රාජකීය පෙලපතේ අධිකාරි බලය සමාජයෙන් ඉවත් කිරීම සදහා මුල් අඩිතාලම සකස් විය. දාර්ශනික අදහස් මෙන්ම පල්ලිය විසින් සමාජයට වරදවා වටහා දී තිබු බයිබලයේ අඩංගු සැබෑ දහම පිළිබදව ද ජනතාව වඩා හොදින් දැනුවත් විය. ධනවාදයේ නැගිටිමත් සමග මුද්‍රණ කර්මාන්තයේ හිමිකාරිත්වය පෞද්ගලික අංශයේ කිහිප දෙනෙකු අතර පවතිනු දක්නට ලැබුණි. පොත පත හා පුවත් පත් මුද්‍රණය වූයේ ඔවුන්ට අවශ්‍ය පරිදිය. මෙය අධිරාජ්‍යවාදීන්ට ගැටලුවක මාධ්‍ය පාලනය කිරීමේ හැකියාව පාලකයින් නොලැබුනු අතර එය තම දේශපාලන කටයුතු වලට බාධාවක් ලෙස දුටුවේය.
මෙහි අවසන් ප්‍රතිඵලය වූයේ රජය විසින් මාධ්‍ය පාලනයට ක්‍රමවේද සකස් කිරීමයි. මාධ්‍ය වේදියාට හෝ මාධ්‍යයට සමාජ හැසිරවීමේ බලය ලබාදී තමන් නිකමුන් බවට පත්ව සිටිය පාලකයෙකුට තරම් නොවේයැයි ඔවුන් කල්පනා කළහ. මේ නිසා එකල ජනප්‍රියව පැවති මුද්‍රිත මාධ්‍ය මෙන්ම පසුකාලීනව ජනප්‍රිය වූ ගුවන් විදුලි මාධ්‍යයද වර්තමානයේ ජනප්‍රියව පවතින රූපවාහිනිය ද පාගනය කොට තම අණසකකට යටත් කර ගැනීමට පාලකයන් කටයුතු කර තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවා යුදමය අවස්ථා වලදී මාධ්‍ය පාලනය අත්‍යවශ්‍ය කටයුත්තක් විය. ඒ නිසාම අධිපති වාදී සංකල්පය වේගයෙන් ප්‍රචලිත විය. යුද පුවත් රිසි සේ වාර්තා කිරීමට ඉඩ දීමෙන් මහජනතාව තුළ ඇති වන චිත්ත වේගය - කම්පනය ආදිය සමාජයට අහිතකර වන්නට පුලුවන. ඒ හේතුවෙන් අධිපතිවාදී සංකල්පය එක්තරා සමාජ මෙහෙවරකද නිරත වේ. දෙවන ලෝක යුද්ධ සමයේ එංගලන්තයේ මෙන්ම චාල්ස් ඩිගොල් සමයේ ප්‍රංශයේ ද ජනමාධ්‍ය වාරණයට ලක්වූ බවට ඉතිහාසය සාක්ෂි දරයි. ලතින් ඇමරිකානු රටවල් පැවැති මිලිටරි පාලනය ( හමුදාමය පාලනය ) යටතේ මෙම සංකල්පය ඉතා තදින් ක්‍රියාත්මක විය.
විදේශිය රටවල් මාධ්‍යෙව්දීන්ට රටට ඇතුලුවීමට අවසර නොදීම - මාධ්‍යවේදීන්ට පහර දීම - පැහැරගෙන යාම හා පලවා හැරීම - නීතිමය හා මුල්‍යමය කටයුතු පාලනය කිරීම - මාධ්‍ය ආයතන වලට භෞතිකව හෝ මානසිකව පහරදීම අදිය මෙම සංකල්පයේ ලක්ෂණ වේ.
ලෝක ඉතිහාසයේ දරුණුතම පාලකයින් කිහිප දෙනා අතර ඇඩොල්ෆ් හිට්ලර් ට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයකි. මොහුගේ දරුණු පාලන රටාව තුළ බිය හා සැකය ඇති කරමින් නිරන්තර පීඩනයක් ක්‍රියාත්මක විය තම කෘර බව සහවා සමාජය පාලනය කීරිමේ අයුධය ලෙස මොහු භාවිත කළේ ජන මාධ්‍යයි. ආචාර්ය ගොබෙල්ස හිටිලර්ගේ මාධ්‍ය කටයුතු භාර උපදේශක වරයා මෙන්ම මාධ්‍ය කටයුතු ඇමැති වරයාද විය.
හිට්ලර් කටයුතු කළේ ඔහුගේ උපදෙස් අනුවය. ඕනෑම බොරුවක් නැවත නැවත ප්‍රකාශ කිරීමෙන් එය ඇත්තක්ය යන මතය සමාජය තුළ ස්ථාපනය කළේය. හිට්ලර් සමාජය රවටා ගත්තේ ඉහත ක්‍රමවේදය අනුගමනය කරමිනි. හිට්ලර්ගේ මාධ්‍ය පාලනයේ අණ දීම් මිසක ඉල්ලිම් දක්නට නොලැබිණි. තම අණ නොපිළිපැදීම මරණයට හේතුව බව හිට්ලර් සියලු මාධ්‍යයන්ට ඒත්තු ගන්වා තිබුණි. යුදෙවි පොත් පත් පමණක් විසිදහසක් ගිණිබත් කළේය. අධිපති වාදී සංකල්පයේ උග්‍රතම අවස්ථාවක් ලෙස හිටිලර් පාලන සමය සැලකෙන්නේ ඒ නිසාය. මෙහිදී හට්ලර් ගොල්බෙස් නම් අමාත්‍යවරයෙක් පත් කළේය ඹහුගේ ක්‍රියාවලිය ගොල්බෙස්ගේ න්‍යාය යනුවෙන් හැදින්වේ
අධිපතිවාදී සංකල්පය ක්‍රියාත්මක වීමේදී යොදාගන්නා උපක්‍රම
යොදාගන්නා උපක්‍රම
- බලපත්‍ර දීම
- වාරණය
- දඩුවම් දීම
- මැදිහත් වීම
- බදු පැනවීම
බලපත්‍ර දීම
අධිපතිවාදි සංකල්පය ආරම්භ වූ රටවලම බලපත්‍ර දීමේ කටයුත්තද අරාම්භ විය. මුල් කාලීනව පුවත් පත ජනප්‍රියව පැවති අතර රජය මගින් ලබා දෙන බලපත්‍රය සෑම පුවත් පත් හිමියයෙකුම ලග තබා ගත යුතු විය. රජයට හානි කර හෝ පාලකයින්ට හානිකර පුවත් පල කිරීම බලපත්‍ර අහෝසි කිරීමට හේතු වේ. රජය විසන් බලපත්‍ර දීම සිදු කරන අතර මේ බලපත්‍ර සියළුම මාධ්‍යයන්ට නිකුත් කෙරේ. මෙහිදී කරනු ලබන්නේ රජය විසින් මාධ්‍යයන් පාලනය කරන බවයි. යම් කිසි මාධ්‍යක් රජයට විරුද්ධව යම්කිසි තොරතුරක් ඉදිරිපත් කළහොත් එම මාධ්‍ය ආයතනයට නිකුත් කර ඇති බලපත්‍රය අහෝසි කරනු ලබයි. උදා NTV මාධ්‍ය ආයතනය විසින් රජයට විරුද්ධව යම්කිසි පුවතක් එම රටේ ජනතාව වෙත ලබාදීම එවිට එම ආයතනයේ බලපත්‍රය අහෝසි කෙරේ.
වාරණය
එංගලන්තය, ඇමරිකාව වැනි රට වල මුල් කාලීනව පුවත් පත් මුද්‍රණයට පෙර අකුරින් අකුර කියවා අනුමත කරවා ගත යුතු විය. මෙය පූර්ණ වාරණය ලෙස හදුන්වයි. මුද්‍රණයට පෙර නිසි අවසරයක් ගත යුතුය. නමුත් පසුකාලීනව අනුමත කර ගන්නා පිටපත වෙනුවට වෙනත් පිටපතක් මුද්‍රණය කිරීම තරම් මුද්‍රණ කරුවන් උපක්‍රමශීලි විය. කපා හරින කොටස් නැවත මුද්‍රණයට එකතු කර තිබුණි. ඉන් පසුව රජය තීරණය කළේ මුද්‍රණයෙන් පසුව වාරෙණය කිරීමටය. මෙය ගැටලුසහගත වුයේ මුද්‍රණය කරණය කරණ ලද පුවත්පත් අලවිය හා බෙදා හැරීම අත් හිටුවීමෙන් පුවත් පත් ආයතන විශාල අර්බුදයකට මුහුණ දීමයි. එම නිසා එම ක්‍රමය ද අසාර්ථක විය. මෙහි දී පැහැදිළි කරුණ වන්නේ ග්‍රාහකයා කුමක් ලබා ගත යුතුද යන්න පාලකයින් විසින් තීරණය කරන බවයි. ගුවන් විදුලිය හා රූපවාහිනියට ද මෙම වාරණ තත්ත්වය ද පොදු විය. රජ FM ගුවන් විදුලි නාලිකාව තහනම් කිරීම, ලීඩර් චිත්‍රපටය තහනම් කිරීම හා කොටස් ඉවත් කිරීම උදාහරණ වේ.
දඩුවම් දීම
පුවත්පත් හිමිකරුවන්ට නිසි සේ නිදහස ලබා දීම. පුවත් පත් පල කිරීමේ අවස්ථාව 17 වන සියවසයේ අගභාගයේදී උපරිමයෙන් ලබා දුනි. ඉන් පසුව තම නිදහස් අදහස් වල බලපෑම පාලකයින්ට දැනෙන විට මාධ්‍යවේදීන්ට සිදුවූයේ පාලකයිනගෙන් දඩුවම් විදීමටය. අධික දඩ නියම කිරීම සිර දඩුවම් හෝ මරණ දඩුවම ලබා දීම පවා දක්නට ලැබුණි. දඩුවමට බිය හා තම ජීවිතයට ආදරය කළ මාධ්‍යවේදීන් රජයට පක්ෂවපාත ලෙස කටයුතු කළහ. දිගටම එරෙහි වූවන්ට දඩුවම් විදින්නට සිදුවිය. මැදිහත් වීම කාර්මික විප්ලවයේ පසුත් ලොව පුරා නිදහස් මතවාද ශීඝ්‍රයන් ව්‍යාප්ත විය. මෙහි ප්‍රතිඵයක් ලෙස කම්කරු ජනතාව පීඩිත පන්තියට එක්වන්නට විය. අධිපතිවාදී පාලකයින්ට එරෙහිව එක්ව නැගී සිටින්නට විය. දරුණු පාලනයක් ගෙන යෑම රජයට අපහසු වන්නට විය. ඊට පිළියමක් ලෙස රජය විසින් මාධ්‍ය කටයුතු වල නිරත වීම දක්නට ලැබුණි. මාධ්‍ය වේදීන් රජය දෙසට නැඹුරු කර ගත්හ. මුදල් ත්‍යාග පඩුරු ලබා දී මාධ්‍ය වේදීන් මිලට ගත්තේය. අනතුරුව එම මාධ්‍ය වේදීන් මාධ්‍ය කරණය සිදුකලේ රජයට අවශ්‍ය පරිදිය. වර්තමානයේ කඩේ යෑම යනුවෙන් අප ව්‍යවහාර කරන්නේ මෙම ලක්ෂණයයි.
බදු පැනවීම
පාලකයන් තම රජයේ ප්‍රධාන ආදායම් මාර්ගය ලෙස විවිධ ක්‍රම වලින් උපයා ගත් බදු මුදල් භාවිතා කළේය.අධිපතිවාදියේ දී ආදායම ලැබීමට අමතරව මාධ්‍ය කටයුතු පාලනය සදහා බදු පැනවීම සිදුවිය. සමස්ථයක් ලෙස මාධ්‍ය ආයතනයට බදු පැනවීම තුලින් මාධ්‍ය ආයතන බිහිවීම සීමා විය. තෝරාගත් වැඩ සටහන් සදහා වෙනම බදු පැනවීමත්, තෝරාගත් පුවත් පත් සදහා වෙනම බදු පැනවීමත් නිසා මාධ්‍ය පාලනය විය.
Thank you sir..🤓
ReplyDeleteThxx ගොඩක් පින්
DeleteThank sir..
ReplyDeleteThank sir
ReplyDelete🙏
ReplyDelete🙏
ReplyDeleteSupiri aiye.me wage tawa lipi danna
ReplyDeleteThank you somuch sir
ReplyDeleteThank you sir.some valuble information for students .🙏🙏🙏
ReplyDeleteGodak hoda lipiyak. Puluwan nm me sankalpaya warathamanaye kriyathmaka wenawasa nedd yann genath lipiyak liyl danna ek godak wati smahara ayt. Tnx mewage lipiyak demmnt
ReplyDeleteGood job
ReplyDeleteGood
ReplyDeleteනිදහස් මතවාදි සංකල්ප ය ගැන note ekk නැද්ද සර්
ReplyDeleteThank you sir
ReplyDeleteThank you ♥️
ReplyDelete