Monday, January 15, 2018

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය sri lankan media history

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ඉතිහාසය

 ශ්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍යයේ ආරම්භය
Add caption

ශ‍්‍රී ලංකාවේ ඈත අතීතයේ සිටම දියුණු සාහිත්‍යයක් පැවතිය නමුත් මුද්‍රණ තාක්ෂණ හා ශිල්ප ක‍්‍රමයන් පිළිබදව දැනුම පැවති බවට ඉතිහාසයෙන් පැහැදිළි සාක්ෂි හමු නොවෙයි. බටහිර රාජ්‍යවල ආක‍්‍රමණිකයින්ගේ අප රටට මුද්‍රණ ශිල්පයේ දැනුම ලැබිණි. ක‍්‍රි:ව: 1505 වර්ෂයේදී පෘතුගීසි ආක‍්‍රමණිකයින්ට නතු වුවද ඔවුන්ගෙන් ඒ පිළිබද දැනුම නොලැබිණ. ක‍්‍රි:ව: 1640-
1796 තෙක් පැවති ලන්දේසි පාලන සමය ජන සන්නිවේදන ඉතිහාසයේ වැදගත් සංධිස්ථානයකි. එයට හේතුව ලන්දේසි පාලන සමයේ මෙරටට ප‍්‍රථමව මුද්‍රණාල ගෙන්වීමයි.

 ඕලන්දය මුද්‍රණ ශිල්පයේ දියුණු රටකි. මෙරට පහතරට මුහුදුබඩ ප‍්‍රදේශ අල්ලාගැනීමෙන් පසුව ඔවුන්ගේ පාලන තන්ත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට ඇති වූ ප‍්‍රභල අවශ්‍යතාවයන් හේතුවෙන් මුද්‍රණ යන්ත‍්‍ර මෙරටට ගෙන්වා ස්ථාපිත කරනු ලබයි. ලන්දේසි ආධිපත්‍යයට යටත්ව පැවති මුහුදුබඩ ප‍්‍රදේශයන්හි අනවසරයෙන් කුරුදු ගසක් පවා කැපීමට තහනම් කෙරිණි. ඒ පිළිබද අතින් ලියු දැන්වීම් ප‍්‍රදර්ශනය කළ නමුත් තම මව්රට ඇති මුද්‍රණ යන්ත‍්‍ර භාවිතය වඩාත් පහසු බැවින් මෙරටට ගෙන්වන ලදී.

 ලන්දේසීන් සිංහල භාෂාවෙන් ඉගැන්වීමට  ඕලන්දයේ ග‍්‍රන්ථ මුද්‍රණය කරන්නට ද විය. 1708 දී ජොහානස් රැපියෙල් නැමැත්තා Grammarian of Singleesche tell˜    කෘතිය සිංහල ව්‍යාකරණ ඉගැන්වීමට රචනා කළේය. ලක්දිව මුද්‍රණාල  ගෙන එ්මට පෙර සිංහල අකුරින් මුද්‍රණය කළ පොත් නොමැති විය.ගාල්ල ලන්දේසි ආයුධ ගබඩාවේ සේවය කළ සොල්දාදුවෙකු වු                   ගබ්රියෙල් ස්කාඞ් සිංහල අකුරු ලි වලින් සාදවාගෙන සිංහල ග‍්‍රන්ථයක් මුද්‍රණය කිරීමට උත්සාහ දැරුවේය. නමුත් ඊට ලන්දේසි ආණුඩුවෙන් අවසර ලබා නොදුන් අතර අවසරයකින් තොරව මුද්‍රණ කටයුතු කළ ගබ්රියෙල් ස්කාඞ් අත්අඩංගුවට ගන්නා ලදී.ඔහු නිදහස ලැබූ විගස නැවත මුද්‍රණ කටයුතු කිරීමට යොමු විය. 

 1736 වර්ෂයේදී ලංකාවට රාජකාරි සදහා පැමිණි ගුස්තම් විල් හෙලම් වෑන් ඉම්හොජ් නැමැති ආණ්ඩුකාරවරයාගේ ද ජාවා රටේ ද අනුග‍්‍රහය ඔහුට ලැබිණ. ඒ අනුව 1737 වර්ෂයේදී ප‍්‍රකාශයට පත් කරන ලද මෙරට මුද්‍රණය කරන ලද පැරණිම පොත ලෙස පිළිගනු ලබන ලන්දේසි යාඥාපොත පල විය. එයට මූලිකත්වය ගනු ලැබුවේ ද ගබ්රියෙල් ස්කාඞ් ය.ප‍්‍රදාන වූ යාඥාවල් පස ද අපේ ක‍්‍රිස්තියානි ඇ`දහිල්ලේ පංශු දොලහ සහ දෙව් ස්වාමිදුරුවන් වහන්සේම අදහස් කලත් දෙවා වදාළ ආඥාවලින් ද සද මෙහි ඇත. යනුවෙන් එහි ස`දහන් ව ඇත. 
 ඉන්පසුව ලන්දේසීන්ගේ පෙරදිග ඉන්දියානු වෙළද සමාගමේ ලාංඥජනය දිප්තිමත් වූ කොම්පඤ්ඤෙ වෙනුවෙන් අච්චු ගැහුව 1737” යනුවෙන් යොදා ඇත. එතැන් පටන් වර්ෂයක් පමණ යනතෙක් මුද්‍රණාල දියුණුවක් වූ බව දක්නට නොහැක


.1796 වර්ෂයේදී  ඕලන්දයට යටත්ව තිබූ මුහුදුබඩ ප‍්‍රදේශ ඉංග‍්‍රීසින් ආක‍්‍රමණය කිිරීමත් සමග මුද්‍රණ යන්ත‍්‍ර ද ඉංග‍්‍රීසින්ගේ භාරයට පත් විය. 1812 දී එම මුද්‍රණ යන්ත‍්‍ර දියුණු කොට තම භාවිතයට ඉංග‍්‍රීසින් ගන්නා ලදී. ඒ අනුව 1802 මාර්තු 15 වැනි දින අපේ රටේ ඉංග‍්‍රීසි පුවත්පත ලෙසින් සැලකීමට හැකි රජයේ ගැසට් පත‍්‍රයනිකුත් කරන්නට විය. මෙය නිකුත් වූයේ සතියකට එක් වරක් සදුදා දිනයකදී ය.  එහි අතිරේකයක් සැම බදාදා දිනයකම පල විය. මෙහි ප‍්‍රකාශකයා වුයේ ප‍්‍රාන්ස් ඞී බෲයින් මහාතාය. ක‍්‍රි.ව 1814 ජනවාරී 12 වන දින ප‍්‍රථමවරට මුතු කිමිදීමේ දැන්වීමක් සිංහල බසින් පළ කරමින් ගැසට් පත‍්‍රයට එක් කිරීමෙන් පළමු වරට සිංහල භාෂාව ගැසට් පත‍්‍රයට සම්බන්ධ කරන ලදී සතියකට දෙවරක් ප‍්‍රකාශය‍ට පත්කරන ලදී.. විදෙස් රටවල පුවත්පත් වලින් උපුටාගත් තොරතුරු ද ප‍්‍රකාශයට පත් කෙරිණි. 

ඉංග‍‍්‍රීසි පුවත්පත් කිහිපයක්ම 19 සියවසේ මුල්ම කාලයේදී ආරම්භ වුණා. ද කලම්බු ජර්නල් පුවත්පත ආරම්භ වුණේ 1832 ජනවාරි පළවැනිදා. රොබර්ට් විල්මට් හෝර්ටන් ආණ්ඩුකාරවරයා විසිනුයි කලම්බු ජර්නල් පටන්ගත්තේ. පුවත්පතේ ආයුකාලය අවුරුද්දක් පමණ වුණා. 1833 දෙසැම්බර් 31 වැනිදා කලම්බු ජර්නල් නැවතුණා. මේ පුවත්පත ආණ්ඩුවේ ප‍‍්‍රකාශණයක්. ආණ්ඩුවේ මුද්‍රණාලයේ සහ පසුව තැපැල් දෙපාර්තමේන්තුවේ තිබුණු මුද්‍රණාලයේ පුවත්පත මුද්‍රණය කර තිබෙනවා. ජෝර්ජ් ලී විසිනුයි පුවත්පතේ කර්තෘ ධූරය දැරුවේ.


පූර්ව යටත් විජිත සමයය එනම් 1815, වන විටත් සන්නිවේදන ජාලය රජු වටා බැඳී තිබිණි
බෞද්ධ ආගම හා රජු කේන්ද්‍රීය ව පැවති සන්නිවේදන ආධිපත්‍ය ඉංග‍්‍රීසි ජාතියට මෙරට යටත් වීමෙන් පසු කිතුනු ආගමික බලයට හා යටත් විජිත පාලන නියෝග ප‍්‍රකාශන ක‍්‍රමවලට යටත් විය. පාසල් විවෘත වීම, මුද්‍රණාලය ඇති වීම ආගමික පත‍්‍රිකා හා ග‍්‍රන්ථ මුද්‍රණය කිරීම, දේශීය සන්නිවේදනයට බලපෑ ප‍්‍රධාන සාධක දෙකකි. 1734 දී  ඕලන්ද පරිපාලනය විසින් නිල නිවේදන සිංහලයෙන් පළ කිරීම, 1812 දී කොළඹ බයිබල්ස මාගමය සිංහලයෙන් බයිබලය පළ කිරීම 1860 ලංකාලෝකය පුවත් පත හා 1834 The Observer and
Commercial Advertiser  වාණිජ පුවත් පත පළ කිරීම ශී‍්‍ර ලාංකේය සන්නිවේදනයේ සන්ධිස්ථානයක් බවට ත් විය. විශේෂයෙන් ඉංග‍්‍රීසි පාලනයට එරෙහි ව සිංහල බෞද්ධ ප‍්‍රජාව ජාතිකත්ව ව්‍යාපාර ඇරඹීම උදෙසා මුද්‍රිත සන්නිවේදනය භාවිත කිරීම කැපී පෙනේ්. මෙකල සාහිත්‍යය හා ආගමික වාද  විවාද ඇති විය. දේශීය උගත්හු බිහි වූහ.'


 ශ‍්‍රීලංකාවේ බෞද්ධ පුවත්පත් ආරම්භ කිරමෙහිලා ප‍්‍රමුඛත්වය ගනු ලැබුවේ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල නාහිමියන් වහන්සේය.  ක‍්‍රිස්තියානි ධර්මය ප‍්‍රචාරය කිරීමේ අරමුණින් නිකුත් වූ විවිධ මාදිලියේ ප‍්‍රකාශනයන්ට ප‍්‍රතිඋත්තර ලබාදීමට ක‍්‍රමයක් බෞද්ධයින්ට නොතිබිණි. හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ නායකත්වය යටතේ බෞද්ධ නායකයින් කිහිපදෙනෙක් ම එක්කරගෙන දී ගාල්ලේ ලංකෝංකාරය මුද්‍රණාලය ඇරඹීය එයට බුලත්ගම ධම්මාලංකාර මහහිමියන්ගේ  දායකත්වය ද ලැබිණි. එමෙන් ම එයට සියම් රජුගේ ආධාරය ද ලැබී ඇත. ඉංග්‍රීසි පාලන සමයේදීය. යන්ත‍්‍රයක්‌ ගෙන්වා ගත්තද මුද්‍රණ කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය අකුරු බ්ලොක්‌ කඩදාසි ආදිය ලබා ගැනීමට අවශ්‍ය අනෙකුත් වියදම් කිසිවක්‌ නොවීය. සිංහල ජනතාවගේ හ`ඩ අවධි කරන්නට වූයේ ලංකාලෝපකාරය මුද්‍රණාලය ඇරඹීමෙන් පසුවය. ඒ හික්කඩුවේ ශ‍්‍රී සුමංගල හිමියන්ගේ අනු දැනුම යටතේ පළමු සිංහල පුවත්පත ලෙස සලකනු ලබන ලංකාලෝකය පත‍්‍රය ප‍්‍රකාශනයට පත් කෙරිණි. ඒ 1860 ජූනි මාසයේ දීය. එහි ප‍්‍රධාන කර්තෘ විලියම් පෙරේරා රණසිංහගේ සංස්කරණයෙන් ද තවත් ප‍්‍රභූන් දෙදෙනෙක් සහ බුලත්ගම ධම්මාලංකාර හිමියන්ගේ අනුදැනුම යටතේ ය. එය මාස කිහිපයක් නිකුත් වූ අතර නැවත අවුරුදු 26 ට පසු ගාල්ල ලංකාලෝපකාර මුද්‍රණාලයෙයන්ම 1886 ප‍්‍රකාශනයට පත් කරන්නට වූයේ ය.



මෙය බලවත් ආර්ථික දුෂ්කරතාවක්‌ විය. මෙම තත්ත්වය සියම් දේශාධිපති (වත්මන් තායිලන්තය) චූලාලංකාර රජුට දන්වා යෑවීමට බුලත්ගම මාහිමියන් කටයුතු කළේ අන් සරණක්‌ නොමැති වීමය. මෙම ඉල්ලීම සලකා බැලූ චූලාලංකාර රජු පවුම් 212 ක ආධාර මුදලක්‌ එවන්නට යෙදුණි. 




එම මුදලින් අවශ්‍ය උපකරණ ලබාගෙන 1960 ජුනි මස 10 දා ලංකාවේ පළමු සිංහල භාෂා පුවත්පත ගාල්ලෙන් එළිදැක්‌වුණි. එය ”‍ලංකාලෝකය”‍ නම් පුවත්පතයි. මෙම පුවත්පතේ කර්තෘවරයා වූයේ නීතිඥ විලියම් පෙරේරා රණසිංහ නීතිඥ මහතාණන්ය. ප‍්‍රකාශකයා ලෙස කටයුතු කළේ ඞී. ඩබ්ලිව්. කේ. ජයවර්ධන මුදලිතුමන්ය. මුද්‍රණාලය වූයේ ගාල්ලේ ලංකෝපකාරයයි. පත‍්‍රයේ මිල පැන්ස 6 ක්‌ වූ අතර සෑම මසකම 10 දිනයේ සහ 24 වැනිදා මෙම ලංකාලෝකය පුවත්පත නිකුත් කිරීමට නියමිත විය.

     ලංකාලෝකයට අමතර වෙනත් පොත පත සහ දහම් පත‍්‍රිකා මුද්‍රණය වූ මෙම මුද්‍රණ යන්ත‍්‍රය ලංකාලෝකය නැවතී ගියද රටේ මුද්‍රණාලෝකය ඇති කිරීමට යෙදවුණි. ලංකාලෝක මුද්‍රණ යන්ත‍්‍රය ලෙස හැඳින්වුවද, මෙහි නම වූයේ ලංකෝපාකාර මුද්‍රණාලය යන්නයි.

ලංකාලෝකයට පසුව ඊළගට පළ වු සිංහල පුවත්පතලක්රිවි කිරණ” වේ එය ක‍්‍රිස්තියානීන් පාලනය කරනු ලැබුවකි.ලක්මිණි පහන” කොග්ගල ධම්මතිලක පඩිතුමන් අරඹන ලදී .එයට සුමංගල හිමියන් ද දායකත්වය සැපයිය.වලානේ සිද්ධාර්ථ හිමිගාල්ලේ ගුණතිලකඅතපත්තු මුදලිතුමා,  හෙන්ඩි‍්‍ර පෙරේරාබටුවන්තුඩාවේ දේවරක්ක්‍ෂිත පඩිතුමා ඇතුඵ තවත් කිහිප දෙනෙකුගේම සහයෙන් ලක්මිණි පහන පත‍්‍රය 1862 සැප්තැම්බර් 11 වන දින කොළඹ වෙන්ද්‍රාල් විදියේ අංක 77 දරණ ස්ථානයේදී ආරම්භ කරනු ලබයි. රජයේ ලියාපදිංචි කරනු ලැබූ ප‍්‍රථම සිංහල පුවත්පත ලක්මිණි පහන” පත‍්‍රය වේ. එය වරින් වර නවතින නමුත් ධර්මරත්න ප`ඩිතුමා විසින් 1883 සිට 1925 දක්වා එය පවත්වාගෙන ආවේය. බෞද්ධ දර්ශනය පිළිබ`ද සාකච්ඡුාවිවාද රැගත් ලිපිදෙස් විදෙස් තොරතුරු එහි පල කරන්නට විය. බුද්ධ පූජා වාදයශුද්ධෝත්තම වාදයථීනමිද්ධ වාදයවංශ වාදයදේව පූජා වාදයග‍්‍රහණ වාදය ආදී ලිපි ඇසුරෙන් සංවාදයක් සමාජය  තුළ ඇති කළේය. පරම විඥානාර්ථ බෞද්ධ සමාගම 1882 දී සරසවි සදරැුස පත‍්‍රය ආරම්භ කරනු ලබයි. එයට මුලිකත්වය ගනු ලැබූවේ හික්කඩුවේ  ශ‍්‍රී සුමංගල හිමියන්ය. http://vicharakaya.blogspot.com/2019/01/blog-post_1.html


ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යයේ ආරම්භය
බ්‍රිතානයේ ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරන ලද්දේ 1920 වසරේදී ය. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලි විකාශනයක් ආරම්භ වන්නේ වසරේදීය. එයට මුලිඛත්වය ගනු ලැබුවේ එඩිවඩ් හාපර් මහතාය. බ්‍රිතානය යටත් විජිත අතර මුලින්ම ගුවන් විදුලි සේවාවක් ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකාවේ යැයි කියනු ලැබේ. ශ්‍රී ලංකාවේ ගුවන් විදුලිය ආරම්භව ඇත්තේ 1924 ජුනි මස 27 වන දිනයි. ශ්‍රීමත් විලියම් මැනිං ආණ්ඩුකාරතුමා ලංකා ඉන්ජනේරැ කාර්යාලයට නිකුත් කරන ලද පණිවිඩයක් මුල්වරට විදුරැවා හරින ලදි. ඒ මධ්‍යම විදුලි සන්දේශ කාර්යාලයේ සවිකරන ලද ට්‍රාන්ස්මීටරයක් මගිනි. එය 1925 ජුනි 16 දින වැඩිදියුනු කොට භාවිතා කරන්නට විය. එහි තරංගමාලා මීටර් 800 ක් දුරට විකාශය කරන ලදී. කෙමෙන් ගුවන් විදුලිය භාවිතයට ජනතාව යොමු වු අතර 1930 දෙසැම්බර් වන විට ගුවන් විදුලි බිල්පත් සංඛ්‍යාව 1408ක් පමණ විය. 1949 ඔක්තෝම්බර් 15 දා ලංකාවේ ගුවන් විදුලි සේවාව රේඩියෝ සිලෝන් යනුවෙන් වෙනම දෙපාර්තුමේනතුවක් බවට පත් කරන ලදී. ඉන් අනතුරැව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ වැදගත්ම සිදුවීම නම් එය දෙවන ලෝක යුධ සමයේ බ්‍රිතාන්‍ය සෙබළුන් භාවිතා කරන ලද ගොඩනැගිල්ලක් වෙත ගෙනයාමයි. ඒ අනුව ටොරින්ටන් චතුරඝ්‍ර භූමියේ පුර්ණ ශබ්ද පාලන පහසුකම් සහිතව මැදිරි 10කින් යුත් නව මැදිරි සංකීර්ණයක විකාශන කටයුතු ආරම්භ කළේය. 1967 ජනවාරි මස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් ස්ථාපිත විය. 1977 මැයි 22 සින එය ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව නමින් යලී නම් කරන ලදී.  
1979 අප්‍රේල් 12 දින ප්‍රථම ප්‍රදේශිය සේවාව ලෙස රජරට සේවය ආරම්භ විය. 1980 පෙබරවාරි 05 වන දින රැහුණු සේවාව ද 1981 මාර්තු 12 දින මහවැලි ප්‍රජා ගුවන් විදුලිය ද 1983 අප්‍රේල් 13 දින මහනුවර සේවයද ආරම්භ කරන්නට විය. 1977 න් පසුව මෙරටට විවෘත ආර්ථික ප්‍රතිපකත්ති හදුන්වාදීමෙන් අනතුරැව පෙ!ද්ගලික FM නාලිකා ආරම්භ විය.  ප්‍රථම පෙ!ද්ගලික FM නාලිකාව ලෙස සිරස FM විකාශන කටයුතු ආරම්භ කළේය. ඊට පෙර ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව City FM නාලිකාව ආරම්භ කර තිබුණි.     

   ශ්‍රී ලංකීය සිනමාවේ ආරම්භය
                                                                       
පියදාස සිරිසේන, ජෝන් ද සිල්වා, චාල්ස් ඩයස් වැනි නවකථාකරුවෝ හා නාට්‍යකාරුවෝ බි‍්‍රතාන්‍යය
විරෝධී ජාතික ව්‍යාපාරය වෙනුවෙන් නිර්මාණකරණයේ යෙදුණහ. ජෝන් ද සිල්වාගේ නාට්‍ය අතුරින්
සිංහල පරාභව නාටකය, අලකේශ්වර, සිරිසඟබෝ, වීර වික‍්‍රම වැනි නාට්‍ය විශේෂ ප‍්‍රබෝධයක් ඇති
කළේ ය. fï w;r ñYkdßjre lf;da,sl wd.u m%pdrh lsÍu ms‚i kdv.ï Wmfhda.S fldg .;ay' bka§hdkq kq¾;s .S; ;eá iud.ula meñK isxy, kq¾;s .S; má.; lsÍfuka .%euf*daka ixialD;shla o ìys úh' mshodi isßfiakf.a jdikdjka; újdyh" frdi,ska yd ch;siai wdÈ kjl:d ckm%sh úh'

ප්‍රථම සිංහල කතා නාද චිත්‍රපටය ලෙස සැලකෙන්නේ 1947 වර්ෂයේදී තිරගත වු මිනර්වා නාට්‍යක් ඇසුරෙන් නිෂ්පාදනය කරන ලද කඩවුණ පොරොන්දුව චිත්‍රපටයයි. එහෙත් ඊට කලින් අශෝකමාලා නම් චිත්‍රපටය නිෂ්පාදනය කල නමුත් විකාශය වුයේ කඩවුණු පොරොන්දුවට පසුවය. මෙම කඩවුණු පොරොන්දුව චිත්‍රපටයට පෙර මෙරට නිපදවනු ලැබු චිත්‍රපට නිර්මාණ රැසක් පවතියි. 






රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේනතුව  විසින් ආරම්භ කරන ලද චිත්‍රපට ඒකකය  (Government Film Unit- GMU)  මගින් වාර්තා චිත්‍රපට තැනීම ආරම්භ කර තිබේ. මේ අනුව බැට්ලි රයිට් විසින් නිපදවනු ලැබු ලංකා ගීතය හෙවත් The Song of Ceylon නම් චිත්‍රපටය මෙරට රෑගත කළ පළමු චිත්‍රපටයයි.

ලංකාවේ ශිල්පීන් ඉන්දියවට කැටුව ගොස් එහි චිත්‍රාගාර තුළ රෑපගත කෙරැණු චිත්‍රපට නිපදවනු තැබුවේ ඉන්දියානු අධ්‍යක්ෂකවරැ හා ශිලපීන්ගේ මෙහෙය වීමෙනි. එහිදී බහුලව භාවිතා කරනු ලැබුවේ මිනර්වා නාට්‍යන්ය. කඩවුණු පොරොන්දුව ඇතුළු බොහෝ චිත්‍රපට බී.ඒ.ඩබ්. ජයමාන්න විසින් ටීටර් ලෙසින් නිපදවා තිබු නාටයන් ය. ඉන් අනතුරැව මෙරට ඉදිවුණු චිත්‍රාගාර  තුල චිත්‍රපට නිපදවීම ආරම්භ කීරීමට ඉන්දියාන් සමාගමක් මුල් විය. 1951 වර්ශයේදී එස්. නායගම් මහතා විසින් සුන්දර සවුනඩ් නම් චිතාගාරය ආරම්භ කළේය. එහි රෑපගත කළ පළමු චිත්‍රපටය බන්ඩා නගරයට පැමිනීම යන චිත්‍රපටයයි. මින් අනතුරැව බහුලව සිදුවුයේ ඉන්දියානු චිත්‍රපට අසුරින් සිංහල චිත්‍රපට නිපදවීමයි.
සිරිසේන විමලවීර මහතා විසින් 1953 ආරම්භ කරන ලද නව ජීවන චිත්‍රාගාරයේ නිගද වු පිටිසර කෙල්ල, සිරකරැවා, සරදියෙල් වැනි චිත්‍රපට ශ්‍රී ලාංකික සිනමාවේ දේශීයත්වය සොයා යාමට දැරැ ප්‍රථම පර්ශ්‍රමය වේ . ලෙස්ටර් ජේමිස් පිරීස් මහතා එංගලන්තයේ පුවත්පත් කලා වේදියෙකුව සිට මෙරටට පැමිනෙන්නේ රජයේ චිත්‍රපට අංශයේ වාර්තා චිත්‍රපට නිපදවීමටයි. ලෙස්ටර් මහතා විසින් 1955 දී නිපදවනු ලැබූ රේඛාව චිත්‍රපටය සිංහල සිනමාවේ තීරණාත්මක සංධිස්ථාන ලෙස සැලකෙයි. චිත්‍රගාරවලටම සීමා වී ඉන්දියානු සිනමාව අනුකරණයට යොමුව තිබු සිනමාව සම්පුර්ණයෙන් වෙනත් මගකට යොමු කරන්නට විය. චිත්‍රගාරටයන් පිටතට ගොස් එළිමහන් රෑ ගත කිරිම් සිදු කළ අතර දේශිය තේමාවන් යටතේ චිත්‍රපට නිපදවන්නට වුයේ ය. ඉන්සියානු ගී තනු වෙනුවට දේශිය ස්වත්‍රන්ථ ගීත චිත්‍රපටයට ඇතුල් කළේය.
ලෙස්ටර් ජේමිස් පිරිස් මහතා මාටින් වික්‍රමසංහ මහතාගේ ගමිපෙරලිය නවකතාව චිත්‍රපටයක් ලෙස නිපදවීය. ගම්පෙරළිය ලෝක සිනමාව තුළ නොමැකෙන සටහනක් තබා ඇගයීමට පාත්‍රවිය. එය ජාත්‍යන්තර සිනමා උළෙලක විශිෂ්ට සිනමා තෘතියට හිමි සම්මානය දිනාගත්තේය.  පසුව ඔහු විසින් නිපද වු නිධානය චිත්‍රපටය මෙතෙක් සිංහල සිනමාවේ නිර්මාණය කරන ලද විශිෂ්ටතම සිනමා නිර්මාණය ලෙස සැලකෙයි. 1962 දි තිරගත වු රන්මුතු දුව චිත්‍රපටය ප්‍රථම වර්ණ සිංහල චිත්‍රපටය විය.


  ශ්‍රී ලංකාවේ රූපවාහිනී මාධ්‍යයේ  ආරම්භය

                                                                         1979 අප්‍රේල් 14 දින මෙරට රූපවාහිනී විකාශන කටයුතු ආරම්භ විය. රූපවාහිනී මෙරටට ගෙන්වීමට මුලිකත්වය ගනු ලැබුවේ ශාන් වික්‍රමසිංහ, අනිල් විජේවර්ධන හා බොබ් ක්‍රිස්ට් යන තිදෙනාගේ මුලිඛත්වයෙනි. මෙය ස්වාධීන රූපවාහිනී සේවය යනුවෙන් නම් කරන ලද අතර විකාශන කටයුතු ආරම්භයේදී කොළඹ හා තදාසන්න නගර ආශිතව සිදු කරන ලදී. පන්නිපිටියේ මහල්වරාවේ පිහිටි විකාශන මධ්‍යස්ථානයක් මගින් ඇරඹුණු මෙම මාධය ආයතනය දින 53ක් ගෙවීයන විට රජයට පවරා ගන්නා ලදී. මුල් කාලයේ එහි විදේශ වැඩසටහන් විකාශය කිරීමට සැළසුම් කර තිබුණ ද රජයට පවරා ගැනීමෙන් පසු රජයේ චිත්‍රපට ආයතනයේ හා ගුවන්විදුලියේ මාධ්‍ය වේදීන් සහභාගී කරගෙන දේශිය වැඩසටහන් කිරීම ආරම්භ විය. 1984 ජුනි 04 දිනෙන් පසුව ස්වාධීන රැපවාහිනිය ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පාලනය විය.

ජාතික රූපවාහිනිය අපට ලැබෙනනනේ ජපානයේ පරිත්‍යාගය්ක් හැටියටයි. 1982 පෙබරවාරි 12 දින මංගල විකාශය ඇරඹු රූපවාහිනියේ මුල් බලධාරියා වුයේ ඇම්.ජේ. පෙරේරා මහතාය. ජාතික රූපවාහිනිය ආරම්භ කිරීමට පෙර මෙරට ශිල්පීන්ට ජපානයේදී විශේෂ පුහුණුවක් ලබාදෙන ලදී. එම ශිල්පීන් මෙරටට පැමිණ කලාත්මතව හා තාක්ෂණික වශයෙන් මෙරට මාධ්‍ය කර්මාන්තය ගොඩනැගීමට මුලිකත්වය ගනු ලැබීය.

10 comments:

Thank you. To your encouragement. Stay tuned.

Introduction to media ethics

Media ethics   1.1 What is Ethics? Ethics has a long history dating back to the beginning of mankind. The tribal man gradually entered...