Wednesday, March 2, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) ශ්‍රී ලංකාවේ මාධ්‍ය හා සමකාලීන ප්‍රවණතා Sri Lankan media   And contemporary trends / මාධ්‍ය ප්‍රවණතා Media trends

                                                  මාධ්‍ය ප්‍රවණතා Media trends









  1. මාධ්‍ය අභිසරණතාව/මාධ්‍ය අභිසාරිතාව ^Media Convergence&
  2. නිර්මහාපරිමාණකරණය (Declassification)
  3.  නිර්නියාමනය (Deregulation)
  4. පරිභෝජ්‍යකරණය (Consumerism)
  5. භාණ්ඩකරණය (Commodification)
  6. වානිජකරණය  (Commercialisation)
  7. ගෝලීයකරණය  ^Globalisation&



  1. මාධ්‍ය අභිසරණතාව/මාධ්‍ය අභිසාරිතාව ^Media Convergence&

ලක්ෂණ
  •  මාධ්‍යක් තුළ තවත් මාධ්‍යන් භාවිත කළ හැකිය
  • අන්තර්ජාල තාක්ෂණය මගින් සංඛ්‍යාංක  අතර සම්බන්ධතා ගොඩනගයි
  • මාධ්‍ය අභිසරණතාවට  පොදු රුචිකත්වය හා පොදු අරමුුණු වලින් යුක්තය.
  • තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලිය සමග සම්බන්ධ වේ.


අභිසරණතාව ඒකරාශි  වීමේ ක‍්‍රියාවලිය හෝ පොදු රුචිකත්ව සමග  ඒකමතික වීමය.
                                                                                       (Dominick J. 2010)




 ජනමාධ්‍ය ක‍්‍රියාකාරිත්වය සංකල්පීකරණය කිරීම සඳහා ජනමාධ්‍ය අභිසරණය ^Media Convergence& නැමැති න්‍යාය භාවිතයට ගත හැකිය. ඒ අනුව පොදු අරමුණක් හෝ අභිලාශයක් ඉටු කර ගැනීම සඳහා එක්ව ක‍්‍රියා කිරීම අභිසාරිතාව ලෙස හඳුනාගත හැකිවේ. තව ද එක්ව පැමිණෙන විට එකිනෙකා හමුවන ස්ථානයේ දී අභිසාරිතාව සිදුවන බව ද පැවසිය හැකිය.

මාධ්‍ය අභිසරණතාව මගින් සිදු වන්නේ මුද්‍රිත, ගුවන්විදුලි හා වෙනත් මාධ්‍ය අන්තර්ජාල තාක්ෂණය
පදනම් කොට එක ම සංඛ්‍යාංක වේදිකාවක් මතට ගෙන ඒමය.
උදා: - සුහුරු ජංගම දුරකථනය  (Smart mobile phone)

 මාධ්‍ය අභිසාරිතාව පිළිබඳ සංකල්පය පළමුව සංවර්ධනය වන්නේ මාධ්‍ය පදනම් කර ගනිමින් නොවේ. එනම් අභිසාරිතාව මාධ්‍ය නොවන අනෙකුත් කර්මාන්ත මඟින් යොදා ගනු ලැබුවේ මීට බොහෝ කාලයකට පෙරය. සංස්කෘතිකම අංගයන් තුළ ද හුවමාරු වු අංග දක්නට ලැබිණ.ඒ අනුව මාධ්‍ය අභිසාරිතාවයේ ආරම්භය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ප‍්‍රකාශ කළ හැක්කේ මෙහෙයුම් අභිසාරිතාව නව ක‍්‍රියාවලියක් නොවන බවයි.

මාධ්‍ය අභිසාරිතාවයේ විකාශනය හා වර්ධනය කෙරෙහි පරිගණක පදනම් කර ගනිමින් ඇතිවන තොරතුරු තාක්ෂණ ක‍්‍රියාවලිය සෘජුවම බලපෑම් කරනු ලැබේ. එනම් තොරතුරු තාක්ෂණ විප්ලවය සමඟ ඇතිවූ වෙළෙඳපොළ නිෂ්පාදන ක‍්‍රියාවලියක් ලෙස ද මාධ්‍ය අභිසාරිතාව හඳුනාගත හැකිය. මාධ්‍ය අභිසාරිතාව නැමැති යෙදුම ලොව පුරා ප‍්‍රචලිත වන්නේ Nicholas Negroponte නම් විද්වතා නිසාය. ඔහු පවසන්නේ සන්නිවේදන තාක්ෂණය මඟින් එකිනෙකට වෙන්වෙන්ව පවතින කර්මාන්ත තුනක් අතිච්ඡුාදනය වී මාධ්‍ය අභිසාරිතාව ගොඩනැගෙනන බවයි. එය පහත ආකාරයට රූප සටහනකින් දැක්විය හැකිය.


තාක්ෂණික හා නීතිමය බාධාවන් ඉවත් වීම ඔස්සේ සාම්ප‍්‍රදායික මට්ටමෙන් ක‍්‍රියාත්මක වූ මාධ්‍යයන්වලට අන්තර්ජාලය නැමැති නව මාධ්‍යය තම මාධ්‍ය වෙත අත්පත් ගැනීමට අවස්ථාව සැලසුණි. එමඟින් මධ්‍යගත සන්නිවේදන ආකෘති (Mediated Communication Forms) පරිගණක උපයෝගී කර ගෙන ක‍්‍රියාත්මක වෙමින් විද්‍යුත් හා ඩිජිටල් ආකෘති ලෙස එක්ව ක‍්‍රියාත්මක වීම ආරම්භ විය.




2. නිර්මහාපරිමාණකරණය (Demassification)


 සන්නිවේදන අධ්‍යයනයේ දී මහාපරිමාණකරණය යනු පුළුල් ග‍්‍රාහක ක්ෂේත‍්‍රයකට ඇමතීම සඳහා,
නිවේදනය කිරීම සඳහා මාධ්‍ය භාවිතයට ගැනීමකි. එහෙත් එසේ ගොඩනැ`ගුණු මහා ග‍්‍රාහක
කණ්ඩායම් ඉන් මිදී කුඩා කොටස්වලට වෙන් වී යාම නිර්මහාපරිමාණකරණය ලෙස හැඳින්වේ.

 නිර්මහාපරිමාණකරණය යන්නෙන් අදහස් වන්නේ මාධ්‍ය ග‍්‍රාහකත්වය අල්පපරාස විකාශන ^Narrowcasting&ක‍්‍රමවලට යොමු වීම යි.

 එනම් ග‍්‍රාහක ක්ෂේත‍්‍ර වශයෙන් කුඩා කණ්ඩායම්වලට විභේදනය (Audience
Segmentation)   වීම යි.

නොහඳුනන පුළුල් කණ්ඩායමකට සන්නිවේදනය කිරීම වෙනුවට නිශ්චිත ඉලක්ක ගත(Audience
Segmentation) කණ්ඩායමකට (Target audience&  සන්නිවේදනය කිරීම ලෙස ද නිර්මහාපරිමාණකරණයහැඳින්විය හැකි ය. යමක් සන්දේශ ගත වූ විට තමන් රුචි පරිදි ග‍්‍රාහකයකු වීම විනා අනිවාර්ය ලෙස හසු වීමක් මෙහි දී බලාපොරොත්තු නො වේ.

 පොදු ග‍්‍රාහකයාට ආමන්ත‍්‍රණය කළ මාධ්‍ය තාක්ෂණයේ වර්ධනයත් සමග ඉලක්ක ගත විශේෂිත ක්ෂේත‍්‍ර
අරමුණු කොට ගෙන (ළමා, කාන්තා, ක‍්‍රීඩා, ප‍්‍රවෘත්ති, චිත‍්‍රපට) සන්නිවේදනය කිරීමට යොමු විය. මේ
නිර්මහාපරිමාණකරණය ග‍්‍රාහක ක්ෂේත‍්‍රයේ අවශ්‍යතාව මත ගොඩනැගී ඇත.

 නිර්මහාපරිමාණකරණය කේබල් ගුවන්විදුලි හා රූපවාහිනි සේවා හඳුන්වා දීමත් සමගම විසි වන
සියවස අගභාගයේ වර්ධනය වී විසි එක් වන සියවස වන විට තව තවත් ව්‍යප්ත වන්නට විය.

විද්‍යුත් වීඩියෝ ක‍්‍රම සහ වීඩියෝ ක‍්‍රීඩා, අන්තර්ජාල ක‍්‍රියාදාම සහ පරිගණක මාර්ගගත  ^Online& ක‍්‍රීඩා
සමග නිර්මහාපරිමාණකරණය තව දුරටත් ව්‍යාප්ත විය.

 නිර්මහාපරිමාණකරණය හේතුවෙන් මුද්‍රිත ශ‍්‍රව්‍ය හා දෘශ්‍ය මාධ්‍යවල පැවති පොදු ග‍්‍රාහක ක්ෂේත‍්‍ර
වෙනුවට අසමාන හා විවිධත්වයෙන් යුතු ග‍්‍රාහක ක්ෂේත‍්‍ර බහුල ව බිහි විය.

 නිර්මහාපරිමාණකරණයේ අවසානය සන්නිවේදනයේ පුද්ගල කේද්‍රීයත්වය දක්වා ගමන් කරන බව
පැහැදිලි වේ.

Broadcasting  >  Narrow casting  > Personal casting

3. නිර්නියාමනය (Deregulation)


 පවතින නියාමන තත්ත්වය ලිහිල් කිරීම නිර්නියාමනය ලෙස සරල ව හැඳින්විය හැකි ය.

 මාධ්‍ය පද්ධති සම්බන්ධයෙන් වන රජයේ හිමිකාරිත්වය සහ වෙනත් නීති රීති ලිහිල් කිරීම හෝ ඉවත්
කිරීම නිර්නියාමනය යි.(Marcel Danesi , 2009, Dictionary of Media and Communication)

 1980 පමණ වන විට නිර්නියාමනය පිළිබඳ අවශ්‍යතාව ලෝක මට්ටමෙන් සාකච්ඡුාවට බඳුන් විය.
 කිසියම් ගුවන්විදුලි හෝ රූපවාහිනි ආයතනයක් වසර 3කට වැඩි කාලයක් පවත්වා ගෙන ගියේ
නම් ඉන් අනතුරු ව ඒ සේවාව විකිණීමට හෝ වෙනස් කිරීමට හැකියාව ඇති බව තීරණය විය.

 මාධ්‍ය කර්මාන්තයේ යහපත සඳහා නිර්නියාමනයට අවශ්‍ය ම සාධක සමුදායයක් විද්වත්හු පෙන්වා
දුන්හ.  මාධ්‍ය සමාගම් වඩාත් ඵලදායක වූත් ලාභදායක වූත් ආයතන බවට පත් කළ හැකි
බව ද පෙන්වා දෙනු ලැබිණ. නිර්නියාමනයට එරෙහි වූ ඇතැම් විද්වතුන් පෙන්වා දෙන්නේ
මාධ්‍ය ශක්‍යතාව හා මාධ්‍යයේ කුසලතා නිසි ලෙස භාවිතයට නො ගෙන මූල්‍ය ලාභය උදෙසා
සිදු කෙරෙන තරගකාරිත්වයක් මෙයින් මතුවන බව යි.

නිර්නියාමනය රඳා පවතින්නේ මාධ්‍ය කොතරම් දුරට රාජ්‍ය තන්ත‍්‍රයේ දරදඬු පාලනයට යටත් වී තිබේ
ද යන්න මත යි.



4'පරිභෝජ්‍යකරණය (Consumerism)



පරිභෝජ්‍යකරණය යනු නිරන්තර ව වර්ධනය වන භාණ්ඩ හා සේවා අත්පත් කර ගැනීම සඳහා දිරිමත්
කෙරෙන සමාජ හා ආර්ථික ක‍්‍රියාවලියකි

පරිභෝජ්‍යකරණයේ දී පාරිභෝගික අවශ්‍යතා මූලික වන අතර එම`ගින් වෙළෙඳපොළ කෙරෙහි ඍජු
බලපෑම් එල්ල කෙරේ

 ග‍්‍රැහැම් මර්ඩොක්(Graham Murdock) සඳහන් කරන්නේ
පුරවැසියාගේ    හා පාරිභෝගිකයාගේ අභිමතාර්ථ, අවශ්‍යතා හා භූමිකා එකිනෙකාගෙන් වෙනස් වන බවකි

 මාධ්‍ය හා පරිභෝජ්‍යකරණය යන සංකල්ප දෙක එකිනෙක මත රඳා පවතී

ග‍්‍රාහකයා මාධ්‍ය පරිභෝජකයෙකි ඔහු තම පරිභෝජනය සඳහා භාණ්ඩ හා සේවා තෝරා ගන්නා සේ
මාධ්‍ය හා මාධ්‍ය අන්තර්ගතය ද තෝරා ගනියි

මාධ්‍ය පරිභෝජ්‍යකරණයේ දී පාරිභෝගිකයා වෙළෙඳ භාණ්ඩ තෝරා ගන්නා ලෙසට මාධ්‍ය අන්තර්ගතය
තමාගේ අවශ්‍යතා හා රුචිකත්වය අනුව තෝරා ගනියි

උදාහරණයක් ලෙස මාධ්‍ය පරිභෝජ්‍යකරණයේ
දී යම් රූපවාහිනි වැඩසටහනක් ග‍්‍රාහකයා විසින් ප‍්‍රතික්ෂේප කරන ලද හොත් එහි ඇති මූල්‍ය වටිනාකම
බිඳ වැටේ

ග‍්‍රාහකයාගේ මාධ්‍ය පරිභෝජනය ඉහළ මට්ටමක පවතින්නේ නම් අදාළ මාධ්‍යයේ ග‍්‍රාහක දර්ශකය
(Rating) ඉහළ යයි ඒ අනුව අදාළ මාධ්‍ය සඳහා වෙළෙඳ දැන්වීම් ලබා දීම ඉහළ යන අතර මාධ්‍යආයතනයේ ලාභය ද ඉහළ යයි

5.භාණ්ඩකරණය (Commodification)

 ඇලිසන් හර්න්  ^Alison Hearn විසින් ලියන ලද  Key Words for Media Studiesකෘතියෙහි සඳහන්
කරන පරිදි Commodification  හෙවත් භාණ්ඩකරණ සංකල්පය ම`ගින් සන්නිවේදන අධ්‍යයනයේ දී
අර්ථකථනය කරනු ලබන්නේ යම් යම් භාණ්ඩ  ^Things) යම් යම් සේවාවන්  (Services) අදහස්
^Ideas& හා පුද්ගලයන්  ^People ධනවාදි ආර්ථික ක‍්‍රමයක වෙළෙඳ අරමුණු හෝ වෙළෙඳ භාණ්ඩ බවට
පත් කොට අළෙවි කිරීම යි'

 කාර්මීකරණය හා වාණිජකරණය සම`ග වෙළුණු සංකල්පයක් ලෙස භාණ්ඩකරණය හඳුනා ගත හැකි
ය.

 භාණ්ඩකරණයට අනුව ”තොරතුරු” වෙළෙඳ භාණ්ඩයකි. එය මාධ්‍ය ම`ගින් අළෙවි කර මුල්‍යමය ලාභ
ලබා ගැනේ

මේ අනුව භාණ්ඩකරණයේ වඩාත් කැපී පෙනෙන ලක්ෂණ වන්නේzCommercial Dimension නමින්
පළ වන වාණිජ මානයන් සේවාවන්ට ද තොරතුරු සම්පාදනයට ද ආරෝපණය කිරීම යි

කලාව(Art)  ආගම (Religion)  ඖෂධ (Medicine) යනාදිය  සමාජවල වෙළෙඳ පොළ මිලක්
නියම කර නොතිබුණ ද ධනවාදී ආර්ථික ක‍්‍රමයේ දී මිලක් නියම වන බව කාල් මාක්ස් හා ප්‍රෙඞ්රික්
එංගල්ස් වැනි දාර්ශනිකයන් පෙන්වා දී ඇත

මෙලෙසින් ම ඇතැම් විද්වතුන් අවධානය යොමු කරන්නේ මානව නිර්මාණශීලීත්වයෙන් බිහි වන
ඇතැම් සන්නිවේදන කටයු තුළ සංස්කෘතික කටයු තුළ දේශපාලනික කටයුතු ද මේ න්‍යායයට අනුකූල ව
කිසියම් මිලක් නියම වන භාණ්ඩ බවට පත් කළ යුතු බවට ය

භාණ්ඩකරණයේ දී මාධ්‍ය අන්තර්ගතය වෙළෙඳ භාණ්ඩයක් බවට පත් වන අතර වෙළෙඳ දැන්වීම්කරුවන්   විසින් මාධ්‍ය අන්තර්ගතය, මාධ්‍යයේ කාලය හා අවකාශය මිල දී ගනු ලැබේ. නව තාක්ෂණය ඔස්සේ   මාධ්‍යයේ අන්තර්ගතය වෙළෙඳ දැන්වීම්කරුවන්ට අළෙවි කරනු ලැබේ. මේ මතවාදයට එරෙහි ව අදහස් දක්වන සන්නිවේදන විශේෂඥයකු වන අයිරිස් ජෙනීස් ^Iris Jennes) සඳහන් කරන්නේ මේ ක‍්‍රියාවලියේ දී නවීන තාක්ෂණය ඔස්සේ ග‍්‍රාහකයාගේ බොහෝ සහසම්බන්ධතා බිඳ දමමින් ව්‍යාපාරික අරමුණු  ඉදිරියට පමුණුවන බව 


6'වාණිජකරණය  (Commercialisation)

මූලික වශයෙන් වෙළෙඳ දැන්වීම් කර්මාන්තය උපයෝගී කර ගෙන මාධ්‍ය පද්ධතියේ ව්‍යූහ සහ
ක‍්‍රියාකාරිත්වය ආර්ථිකමය බලපෑම අතින් ශක්තිමත් කරවීම මාධ්‍ය වාණිජකරණය යි
 එනම් මාධ්‍ය
ස්ථාවර ව පවත්වා ගෙන යාමට එහි ආර්ථික පද්ධති ශක්තිමත් කිරීම යි

මේ ක‍්‍රියාවලිය සඳහා වෙළෙඳ දැන්වීම් කර්මාන්තය ^Advertising Industry) පදනම් කොට ගෙන මාධ්‍ය
නිෂ්පාදන හා මාධ්‍ය ආයතන සේවකයන් මාධ්‍ය ව්‍යූහය හා මාධ්‍ය පද්ධතියේ ක‍්‍රියාකාරිත්වය ආර්ථික
වශයෙන් සවිබල ගැන්වේ

නව නිෂ්පාදන හෝ නිෂ්පාදන ක‍්‍රම වෙළෙඳ පොළට හඳුන්වා දීමේ කි‍්‍රයාවලිය හෝ චක‍්‍රයhs


" The process or cycle of introducing a new product or production method into the market." (Edward
Scott, 2019)

 වෙළෙඳ පොළට නව නිෂ්පාදන හෝ සේවා ගෙන ඒමේ කි‍්‍රයාවලිය වාණිජකරණය නම් වේ(Commercialisation is the process of bringing new products or services to the market.)  වාණිජකරණ
කි‍්‍රයාවලිය නව නිෂ්පාදනය හෝ සේවාවෙහි වාණිජ සාර්ථකත්වය ළඟා කර ගැනීම සඳහා නිෂ්පාදනය,
බෙදා හැරීම අළෙවිකරණය විකුණුම, පාරිභෝගික සහාය සහ අනෙකුත් ප‍්‍රධාන කාර්ය සඳහා
තීරණාත්මක වේ

මාධ්‍ය වාණිජකරණය වීම සඳහා ගෝලීයකරණය, මාධ්‍ය ක‍්‍රියාකාරීත්වය හා වෙළෙඳ පොළ ආර්ථිකය
යන සාධක ප‍්‍රධාන වශයෙන් බලපා තිබේ. මාධ්‍ය වාණිජකරණය වර්ධනය කිරීමේ තවත් උපාය
මාර්ගයක් වන්නේ මාධ්‍ය අතර තරගකාරිත්වය වර්ධනය කිරීම යි

මාධ්‍ය වාණිජ අරමුණු මත පදනම් වීම හේතුවෙන් ඇතැම් විට මාධ්‍ය ආචාරධර්ම උල්ලංඝනය වන
අවස්ථා හඳුනා ගත හැකි ය. වාණිජකරණය වූ මාධ්‍ය වෙළෙඳ පොළෙහි වෙළෙඳ දැන්වීම්කරුවන් හා
ව්‍යාපාරිකයන් මාධ්‍ය කර්මාන්තයට මුදල් ආයෝජනය කිරීමෙන් මාධ්‍ය අන්තර්ගතය ඔවුන්ගේ
බලපෑමට නතු වීම නිරන්තරයෙන් සිදු වේ

වාණිජකරණ ක‍්‍රියාවලිය සඳහා නව මාධ්‍ය ද භාවිත කෙරේ. නව මාධ්‍ය හා සමාජ මාධ්‍ය හේතුවෙන්
වාණිජකරණය වේගවත් වී ඇත


7 ගෝලීයකරණය ^Globalisation&


 ගෝලීය වශයෙන් විසිරී පැතිරී සිටි විවිධ සංස්කෘතික ජන කණ්ඩායම්, විවිධ භූගෝලීය ස්වභාවයන්,
ආර්ථික චර්යා, සමාජ, දේශපාලන, ආර්ථික දහරා ඔස්සේ වත්මන් සන්නිවේදන මාධ්‍ය තාක්ෂණයේ
නැ`ගීම, ප‍්‍රවාහණය වර්ධනය, මාධ්‍යයේ නැ`ගීම පදනම් කර ගෙන එ්කරාශී වීම ගෝලීයකරණය යන
යෙදුම බිහි වීමට හේතු විය

 ගෝලීයකරණය යනු පුද්ගලයන්, ආයතන, විවිධ ජාතීන් නියෝජනය කරන රජයන් සම`ග අන්තර්

ක‍්‍රියාකාරිත්වයෙන් යුතු එ්කාබද්ධ ක‍්‍රියාවලියකි. මේ ක‍්‍රියාවලිය ජාත්‍යන්තර වෙළෙඳාම හා ආයෝජනය
සම`ග ඉදිරියට ගෙන යන අතර තොරතුරු තාක්ෂණය ඒ සඳහා අත්වැලක් සපයයි. එමෙන් ම පරිසරය,
සංස්කෘතික, දේශපාලන ක‍්‍රම, ආර්ථික සංවර්ධනය හා සෞභාග්‍යවත් බව මෙන් ම මානව භෞතික
දියුණුව ශුභසාධනය වෙත ගෝලීයකරණය බලපෑම් සිදු කරයි   (The State University of New York - 2010)

ගෝලීයකරණය යනු පෙර නො වූ විරූ ලෙස කාලය හා අවකාශය සම්පිණ්ඩනය කිරීමකි. එය සක‍්‍රිය ව
බැඳී සිටින්නේ සමාජ, දේශපාලනික, ආර්ථික, හා සංස්කෘතික සම්බන්ධතා සම`ග යි. බොහෝ සන්නිවේදන පරතර නිමා වී ඇත. සීමා විනිවිද යා හැකි ය. සමාජ කණ්ඩායම් හෝ සංස්කෘති ප‍්‍රදේශකරණයෙන් මිදී ඇත. භෞතික නොවන නව ආකාරයක ස්ථානයක් පුරවැසියාට මාධ්‍ය ම`ගින් හිමි කර දී ඇත
                                                  (ඇතුගල, ආරියරත්න-2015)

සාමාජීය වශයෙන් ගෝලීයකරණය ම`ගින් බහු විධ ජන සංකලනයක් ඇති වේ. සංස්කෘතික වශයෙන් ගෝලීයකරණය ම`ගින් චින්තන විධි, සාර ධර්ම සහ කලාත්මක ප‍්‍රකාශන
සංස්කෘතිකාන්තර ලෙස හුවමාරු වේ.

 ගෝලීයකරණයේ   ප‍්‍රjK;d

x තාක්ෂණික දියුණුවේ ව්‍යාප්තිය
x සන්නිවේදන තාක්ෂණයේ දියුණුව
x ජාත්‍යන්තර වෙළෙඳ සම්බන්ධතා
x ද්‍රව්‍ය මෙන් ම ද්‍රව්‍ය නොවන මානව සම්බන්ධතා හුවමාරුව
x පෞද්ගලික මූලධනය ගලා යාම වර්ධනය වීම
x බහුජාතික ව්‍යාපාර ඉදිරියට පැමිණීම
x සංචාරය හා සංක‍්‍රමණය අධික වීම
x අන්තර්ජාතික සංචාරය හා දේශීය මානව විවිධත්වය වර්ධනය වීම මෙන් ම

ගෝලීයකරණයේ ප‍්‍රතිඵල ලෙස

x සන්නිවේදනය, අන්තර් ක‍්‍රියාකාරිත්වය හා ජනයා අතර ප‍්‍රබල සම්බන්ධතා ගොඩනැ`ගීම
x සමාජවල තරගකාරිත්වය ඇති වීම
x සංස්කෘතික සමානතා සහ අසමානතා ඉදිරියට පැමිණීම
x මාධ්‍ය තාක්ෂණය විශේෂ මැදිහත් වීමක නිරත වීම
x ගෝලීයකරණ ක‍්‍රියාවලි හා ව්‍යාපෘති අතර විවිධ ගැටලූ හට ගැනීම
x ගෝලීයකරණයේ ප‍්‍රවණතාවලට අනුව ප‍්‍රකාශිත ප‍්‍රධාන දෘෂ්ටිවාදය ලෙස සැලකෙන්නේ තනි
ලෝක සංස්කෘතියක්  (Single World Culture)  බිහි කිරීම යි.


Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 

3 comments:

Thank you. To your encouragement. Stay tuned.

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...