Wednesday, March 2, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) සන්නිවේදන ප‍්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය Communication Policy and Media Regulation මාධ්‍ය න්‍යාමනය Media regulation

                  මාධ්‍ය නියාමනය Media regulation

මාධ්‍ය නිදහස  ලොව සෑම රටකම මාධ්‍යන්ට හා  පුද්ගලයන්ට එකසේ හිමිවන වරප්‍රසාදයක් නොවේ.ලොව ඇති රටවල් 1/3  පමණ මාධ්‍ය නිදහස් යම්තාක් දුරට භුක්තිවිදීමට හැකිය. මාධ්‍ය භාවිතය විවිධ ආකාරයන්ගෙන් සීමාවන්ට ලක්කරනු ලබයි. රටක ආරක්ෂාව, සාමය පවත්වා ගැනීීම, ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම, අහිතකර බලපෑම් පාලනය අරමුණු කොටගෙන ජනතාවට තොරතුරු සම්පාදනයකරනු ලබන මාධ්‍ය  නිදහස්ව හා වගකීම්සහගතව හැසිරවීම වෙනුවෙන් නයාමනය කරනු ලබයි.
නියාමනය යනු 
යම් ක‍්‍රියාකාරකමක් හෝ ක‍්‍රියාවලියක් පාලනය කිරීමට පුද්ගලයෙකු හෝ සංවිධානයක් විසින් භාවිතා කරන නීති හෝ පද්ධති, හෝ ක‍්‍රියාකාරකම් හෝ ක‍්‍රියාවලිය පාලනය කිරීමේ ක‍්‍රියාවබව බව කේම්බ්‍රිජ් ඉංග්‍රීසි ශබ්දකෝෂයේ දක්වා ඇත. සරලවම න්‍යාමනය යනු පාලනය , හැසිරවීම යන්නයි. මහජන ආයතනයක් විසින් ප‍්‍රජාවකගේ පිළිගැනීමට ලක් වූ ක‍්‍රියාකාරකම් පිළිබඳ ව බල පවත්වනු ලබන ඉලක්ක ගත පාලනයක්’ නියාමනය ලෙස හැඳින්විය හැකි ය සෑම රාජ්‍යයක්ම සිය පාලන ක්‍රමවේදය තුළ විවිධ නියාමනයන් අනුගමනය කරනු ලබයි. එය රටකින් රටකට වෙනස්වෙයි. 


මාධ්‍ය නියාමනය යනු 
මාධ්‍ය නියාමනය මාධ්‍ය ශිෂ්ඨත්වයෙන් පවත්වා ගැනීම වෙනුවෙන් ගොඩනගා ඇති සංකල්පයක්සේම මාධ්‍ය පාලනය කිරීම උදෙසා ගොඩනගාගෙන ඇත. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස් මාධ්‍ය කලාවක් සෑම රටකම දක්නට නොමැත. විවිධාකාරයන්ගෙන් තොරතුරු සමාජගකරන මාධ්‍ය හැසිරවීම, තොරතුරු පාලනය, ජනසමාජය හැසිරීම වෙනුවෙන් මාධ්‍ය නsයාමනයන්ට ලක්වෙයි. නියාමනය එක් එක් මාධ්‍යයට විශේෂිත ව පවතින බව හඳුනා ගත හැකි ය. එය  මුද්‍රිත මාධ්‍ය නියාමනය, විද්‍යුත් මාධ්‍ය නියාමනය ආදිය වශයෙන් දැක්විය හැකිය..  ඩිජිටල් තාක්‍ෂණ ක‍්‍රියාවලියෙහි අන්තර්ජාලය මුලිකකොටගත් වෙබ් අඩවි, සමාජ ජාල මාධය ආදිය පාලනය කිරීමට අසීරැය . නමුත් වර්තමානයේ අදාල මාධ්‍ය ආයතනය විසින්ම හෝ රජයන් විසින් යම් පාලනයකට ලක්කිරීමට උතත්සාහගෙන ඇත. නමුත එහි පවතින  අසීමිත නිදහස හේතුවෙන්ට  විශේෂිත නියාමනයක් ක්‍රියාත්මක කිරීම ඉතා අසීරුය. 



රටක මාධ්‍ය සමාජ වගකීමනේ යුක්තව හැසිරවීමට විවිධ  ක්‍රමවේද පාලන තන්ත්‍රයන් විසින් ගොඩනැගීම, ප්‍රතිසංස්කරණය කිරීම , ක්‍රියාත්මක කිරීම සිදු කරයි. ආචාර  ධර්ම, වාරණය ක්‍රියාතමක කිරීම, මුල්‍යමය ක්‍රියා, දණ්ඩනය ආදිය මාධ්‍ය න්‍යාමන ක්‍රමවේද ලෙස දැක්විය හැකිය. රජය සහ වෙනත් නිල තීරණ ගනු
ලබන කණ්ඩායම් මඟින් යම් ආකාරයකට මාධ්‍ය ව්‍යූහය, මාධ්‍ය හැසිරීම් හා මාධ්‍ය පාලනය පිළිබඳ විධිමත් හා
අවිධිමත් ආකාරයට යන්ත‍්‍රණ නිර්මාණය කිරීම මෙයින් අදහස් කෙරේ. මෙය රාජ්‍ය මෙන් ම රාජ්‍ය නොවන
ලෙස ද ස්ථාපිත කෙරේ. මාධ්‍ය පෞද්ගලික හිමිකාරිත්වය, ලාබ පරමාර්මථය හා ව්‍යාපාරික ආදිපතයක්  මගින් පාලනය වීම. මාධ්‍ය දේශපාලනික අරමුණු වලින් යුක්ත විම,සමාජ සදාචාරාත්මක සිමා උල්ලංඝනය, වගකීම් රහිතව මාධ්‍ය හැසරීම ආදිය හේතුවෙන් මාධ්‍ය පාලනය කරනු ලබයි. රටක ආණ්ඩුබලය හිමි රාජ්‍ය පාලනයට මාධ්‍ය යටත්වීම සීමාසහිතව සිදුවේ. එය ප‍්‍රතිපත්ති හා නීතිගත ක‍්‍රියාමාර්ගයන්ගෙන් ද වෙනත් ආකාරයන්ගෙන්ද  පාලනය වන්නක්‌ වේ.රාජ්‍ය හෝ රාජ්‍ය නොවන සංවිධාන මගින් මාධ්‍ය ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කරනු ලැබේ. එබැවින් රාජ්‍ය, පාරජාතික රාජ්‍ය මෙන් ම ජාත්‍යන්තර ප‍්‍රඥප්ති මගින් නියාමනයේ ස්වරූපය ක්‍රියාත්මකය. එම ආයතන  ජාතික හා ජාතයන්මාතර වශයෙන්  මාධ්‍ය නිදහස පිළිබදව මෙන්ම බලපෑම් අවම කිරීම හා මාධ්‍ය හැසිරවීම වෙන්වෙන් ක්‍රියාකරයි.




මාධ්‍ය කර්මාන්තයේ වෘත්තිමයභාවය ආරක්ෂා කිරීම වෙනුවෙන් මාධ්‍ය විසින්ම ප්‍රතිපත්ති ක්‍රියාත්මක ක යුතුය. එබැවින් මාධ්‍ය නයාමනයන්ට යටත්ව මාධ්‍ය මෙහයෙවීමට සිදුවෙයි. මාධ්‍ය කර්මාන්තයේ භාවිත වන කැපී පෙනෙන සංකල්පයකි.  බහුත්වවාදය, විවිධත්වය, තරගකාරිත්වය සහ නිදහස වැනි ප‍්‍රතිපත්තික අරමුණු තහවුරු කිරම සඳහා මාධ්‍ය ක‍්‍රමවේදයක් සහ ආයතනවලට අදාළ ව නීතිමය බැඳීමක් සහිත ව සිදු කරනු ලබන ක‍්‍රියාවලියක් ලෙස මෙය හැඳින්විය හැකිය. 



මහජන ආයතන මගින් කරනු ලබන සංස්ථාපිත නියාමන මීට ඇතුළත් වේ. එනම් ආයතනයක් විසින් අනුගමනය කරනු ලබන අභ්‍යන්තරික පාලන ක්‍රමවේදයයි. රටක ක්‍රියාත්මක මාධ්‍ය නයාමන ප්‍රතිපත්ති එරට මාධ්‍යන්ගේ  ව්‍යුහය සකස්වීමට බලපායිි. අභයන්තරකි සන්නිවේදන පද්ධතිය, ආයතිනික ආචාරධර්ම, ආයතනික අභ්‍යන්ත  සංස්කෘතිය සලාක ක‍්‍රම  (Quota)  අන්තර්ගත විය යුතු මූලික දේ හා හිමිකාරීත්වය සීමා
යනාදිය ඊට උදාහරණ ලෙස දැක්විය හැකි ය. මාධ්‍ය ආයතනයක් පනවා ඇති  නෛතිමය සීමා කිරීම් අනුව සිය කටයුතු සිදුකරනු ලබයි. මාධය නයාමය වෙනුවෙන් පිහිටුවා ඇති ආයතන නිරන්තර මාධ්‍ය නිරීක්ෂණය කරනු ලබයි. නයාමන සීමාවන් මාධය මගින්  උල්ලංඝනය කරනු ලැබුවහොත් ඒ වෙනුවෙන් මැදිහත්වීමට හා මාධ්‍ය පාලනය වෙනුවෙන් එම ආයතන ක්‍රයා කරයි.
.
 නියාමනය ක්‍රියාත්මකවන ආකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි. මාධය නයාමන යන්න ධනාත්මක මෙන් ම ඍණාත්මක මුහුණුවරකින් ක‍්‍රියාත්මක වනු දැක ගත හැකි ය. කිසියම් පිළිගත් ප‍්‍රමිතියක් සහිත ව
ප‍්‍රවෘත්ති විකාශය කිරීමට ඉඩකඩ සැලසීම ධනාත්මක නියාමනයකි. යම් සන්දේශයක් මාධ්‍යයෙහි
ඉදිරිපත් වීම වැළැක්වීම ඍණාත්මක නියාමනයක් විය හැකි ය.




මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව







මාධ්‍ය නියාමනයේ අවශ්‍යතාව කරුණු හයක් යටතේ සාකච්ඡුා කළ හැකි ය.
1. තොරතුරු සමාජයක පවත්නා විවිධ සන්නිවේදන විධික‍්‍රම යනු ආර්ථික සම්පතකි.
එබැවින් ඒවා කළමනාකරණය කිරීමට නියාමනය අවශ්‍ය වේ.
2. මහජන සාමය ආරක්‍ෂා කිරීමට නියාමනය අවශ්‍ය වේ.
3. පාලනය නොකරන ලද පොදු මහජන සන්නිවේදන ක‍්‍රම ම`ගින් තනි පුද්ගලයන්ගේ
අයිතියට සිදු වන බලපෑම පාලනය කිරීමට නියාමනය අවශ්‍ය වේ.
4. තාක්‍ෂණික ප‍්‍රමිතිකරණය, නවෝත්පාදනය, අන්තර් සම්බන්ධතා මත පදනම් වූ
සන්නිවේදන ක‍්‍රමවේදවල සංවර්ධනයට සහ ඵලදායී භාවිතයට නියාමනය අත්‍යවශ්‍ය
වේ.
5. තමන් තෝරා ගත් සන්නිවේදනාත්මක හා සංස්කෘතික භාවිතය මත පදනම් ව තොරතුරු
වෙත ප‍්‍රවේශ වීම සන්නිවේදනයේ නිදහස, විවිධත්වය සහ විශ්වීය වටිනාකම් ප‍්‍රවර්ධනයට
නියාමනය වැදගත් වේ.
6. මාධ්‍ය සේවාවල නිදහස් වෙළෙඳ පොළ භාවිතය, ප‍්‍රවේශ වීමේ තරගකාරීත්වය, පාරිභෝගික

අයිතිය යනාදිය පවත්වා ගෙන යාමට නියාමනය වැදගත් වේ



1. තොරතුරු සමාජයක පවත්නා විවිධ සන්නිවේදන විධික‍්‍රම යනු ආර්ථික සම්පතකි.
එබැවින් ඒවා කළමනාකරණය කිරීමට නියාමනය අවශ්‍ය වේ.

  • මුද්‍රිත , විද්‍යුත් හා ඩිජිටල් තාක්ෂණික මාධ්‍ය රටක පවතින සම්පතකි. තොරතුරු සමාජයක් හෙවත් දැනුම මත පදනම් වන සමාජය නිරන්තර තොරතුරු පිපාසයකින් පෙළෙයි. මාධ්‍ය තොරතුරු සම්පාදනය යන කාරණයෙන් ඉදිරියට ගොස් ජන සමාජ පාලනය ද කරයි. මාධ්‍යන්ගේ හිමිකාරීත්වය, ලාභ පරමාර්ථය , ව්‍යාපාරික අධිකාරියේ අවශ්‍යතා ඉටු කිරීම හේතුවෙන්  සමාජ වගකීම බැහැරකොට මාධ්‍ය හැසිරීමට හැකිය. එයින් සමාජයට එල්ලවන බලපෑම  පාලනයට නයාමනය අවශ්‍යය වේ. 


2. මහජන සාමය ආරක්‍ෂා කිරීමට නියාමනය අවශ්‍ය වේ.
ආරක්ෂාව මහජන අයිතියකි. ආරක්ෂාව සහ සාමය ඔවුන්ට උත්තරීතර වේ. මහජන අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, සාමය පිහිටුවා පවත්වාගෙන යාමට, ස්ථාවරත්වයට සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමට රාජ්‍යය විසින් මාධ්‍ය නයාමනය ක්‍රියාත්මක කරයි. මුද්‍රිත , විද්‍යුත් හෝ ඩිජිටල් මාධය මගින් සමාජයට හා පුද්ගලයාට එල්ලවිය හැකි බලපෑමක් පවතිනවා නම්. එයින් ආරක්ෂා කිරීමට හා පාලනයට අදාල ක්‍රියාවලියක් අවශ්‍යය වේ. ඒ වෙනුවෙන් බලය ලබාදෙන ලද ආයතනද පිහිටුවිිය යුතුය. පොදු නිතිය යටතේද විහේෂ නෛතිකමය මුලධර්ම යටතේද මහජන ආරක්ෂාව වෙනුවෙන් මාදය න්‍යාමනය ක්‍රියාත්මක කරයි. එම ආයතන මගින්  තමා සතු බලය සෑමවිටම අපක්ෂපාතීව ක‍්‍රියා කරමින් මහජන යහපත සඳහා භාවිතා කළ යුතුය.

3. පාලනය නොකරන ලද පොදු මහජන සන්නිවේදන ක‍්‍රම මගින් තනි පුද්ගලයන්ගේ
අයිතියට සිදු වන බලපෑම පාලනය කිරීමට නියාමනය අවශ්‍ය වේ.

පාලනය නොකරන ලද සන්නිවේදන ක්‍රම ලෙස හදුන්වා දී ඇත්තේ බලපත්‍ර රහිතව පවත්වාගෙන යනු ලබන පුවත්පත්, ගුවන්විදුලි , රූපවාහිනී ආයතන මෙන්ම විකල්ප මාධය ධාරාවන් හා අන්තර්ජාලය හා සම්බන්ධ මාධ්‍යන් අවසර ලබා නොගෙන සිදු කරන ප්‍රචාරයන්, අන්තර්ජාල මුල්‍ය වංචා හා ආරක්ෂාව සම්බන්ධ ගැටළු ආදිය වෙනුවෙන් ක්‍රියාමාර්ග ගැනීමට බලය පවරන ලද ප්‍රතිපත්ති මෙන්ම ආයතනද පවතියි.

4. තාක්‍ෂණික ප‍්‍රමිතිකරණය, නවෝත්පාදනය, අන්තර් සම්බන්ධතා මත පදනම් වූ
සන්නිවේදන ක‍්‍රමවේද වල සංවර්ධනයට සහ ඵලදායී භාවිතයට නියාමනය අත්‍යවශ්‍ය
වේ.
තාක්ෂණික ප්‍රමිතිගතරණය - මාධ්‍ය කර්මාන්තය සදහා තාක්ෂණික ප්‍රමිතගතකරණය අවශ්‍යය වන්නේ ඒවායෙහි සිදුවන තාක්ෂණික අක්‍රමිකතා වැළැක්වීම, තත්ත්වය වැඩි දියුණු කිරීම, තාක්ෂණික උපකරණ ආදියෙහි ප්‍රමිතිය මැන බැලීම ආදී ක්‍රියාවන් වෙනුවෙනි.

නවෝත්පාදනය -  පර්යේෂණ , නව සොයාගැනීම් හා නව නිපැයුම්   වෙනුවෙන් දිරිමත් කිරීම, බලපත්‍ර ලබාදීම ආදී තාකෂණික, මුල්‍යයමය  හා  නෛතිකමය සීමාවන් මගින් ලබාදිය හැකි උපකාර ලබාදීමට න්‍යාමන ආයතන ක්‍රියාකරයි.

අන්තර් සම්බන්ධතා මත පදනම් වූ සන්නිවේදන ක‍්‍රමවේද වල සංවර්ධනය - පුද්ගලයන මාධ්‍ය භාවිතා කරන්නේ තොරතුරු අවශ්‍යතාවය, අළෙවිකරණය, ජනමතය ගොඩනැගීම ආදී විවිධ අරමුණු පාදක කොටගෙනය. මාධ්‍ය ආයතන හා ග්‍රාහකයන් අතර, මාධ්‍ය ආයතන අතර, නව මාධය භාවිතා කරන්න් අතර සම්බන්ධතා කළමනාකරණය, ගැටළු අවම කිරීම, නීතිය ක්‍රියාත්මක කිරීම, ාරිභොග්ක අයිතාවාසිකම් සුරක්ෂිත කිරීම ආදිය වෙනුවෙන් නියාමනය අවශ්‍යය වේ.

ඵලදායී භාවිතය - මාධය ආයතනයන්ට මෙන්ම ජනතාවට නුතන හා නව මාධයන් වගකීම් සහගත අකාරයෙන් භාවිතා කිරීමට යොමු කිරීමට හා නිරිීක්ෂණයට නයාමනය ක්‍රියාත්මක වේ. කාර්ෂක්ෂමතාවය, ආරක්ෂාව, බලපෑම අවම කිරීම,  ගුණාත්මක බව ආරක්ෂා කිරීම වෙනුවෙන් නයාමන ප්‍රතිපත්ති සකස්කොට ඇත.


5. තමන් තෝරා ගත් සන්නිවේදනාත්මක හා සංස්කෘතික භාවිතය මත පදනම් ව තොරතුරු
වෙත ප‍්‍රවේශ වීම සන්නිවේදනයේ නිදහස, විවිධත්වය සහ විශ්වීය වටිනාකම් ප‍්‍රවර්ධනයට
නියාමනය වැදගත් වේ.
මාධ්‍ය භාවිිතය, තොරතුරු ගවේෂණය, තොරතුරු පරිහරණය, තොරතුරු හුවමාරු කර ගැනීම, ප්‍රතිපෝෂණ දැකවීම, විරෝධතා ප්‍රකාශ කිරීම ආදිය වෙනුවෙන් සැමට ඒකාකාරී වු නිදහසක් පවත්වා ගැනීම වෙනුවෙන් අවකාශය සැලසීම හා පාලනයන් සිදු කිරීම වෙනුවෙන් නියාමනය අවශ්‍යය.

6. මාධ්‍ය සේවාවල නිදහස් වෙළෙඳ පොළ භාවිතය, ප‍්‍රවේශ වීමේ තරගකාරීත්වය, පාරිභෝගික

අයිතිය යනාදිය පවත්වා ගෙන යාමට නියාමනය වැදගත් වේ

මාධය යනු කර්මාණ්තයකි. එහි මුලික අපේකෂාව ලාභ ලබා ගැනීමයි. සිය තාක්ෂණික හා තොරතුරු සම්පත් අළෙවි කරයි. මාධ්‍යයට මුදල් ගලාඑන්නේ ව්‍යාපාර මගිනි. අනුග්‍රාහකත්ව හා දැන්වීමකරණය මගින් මාධ්‍ය මුදල් උපත්පාදනය කරනු ලබයි. ඒ හේතුවෙන් නිදහස් මාධය වෙළදපොළක් නිර්මාණය වී ඇත. මාධ්‍ය අතර දැඩි තරගකාරීත්වයක් පවතියි. ග්‍රාහකයන් ආකර්ෂණය කර  ගැනීමට උපක්‍රම, ප්‍රයෝග සම්ත හා අසම්මත ආකාරයෙන් භාවිත කිරීමට මාධ්‍ය ක්‍රියාකරයි. යහපත් ආකාරයෙන් මාධ්‍ය පවත්වා ගැනීමට න්‍යාමනය වැදගත් වේ.


නියාමන වර්ග

ලෝකයේ මාධ්‍ය නියාමනය සඳහා භාවිත කරන මූලික ප‍්‍රවේශ හතරක් හඳුනා ගත හැකි ය.
1. ස්වයං නියාමනය (Self regulation)
2. සහනියාමනය (Co regulation)
3. ව්‍යවස්ථාපිත නියාමනය (Statutory regulation)
4. අභ්‍යන්තරික නියාමනය (In house regulation)


1. ස්වයං නියාමනය 
පූර්ණ රාජ්‍ය මැදිහත් වීමකින් තොර ව මාධ්‍ය මගින් ස්වෙච්ඡාවෙන් සිදු කරනු ලබන ක‍්‍රියාත්මක වන.
නියාමන ක‍්‍රියාවලියකි. මාධ්‍ය හිමිකරුවන්, සංස්කාරකවරුන්, ජනමාධ්‍යකරුවන් විසින් එක් ව හෝ වෙන්
වෙන් වශයෙන් සිදු කරනු ලබයි. මෙවැනි ක‍්‍රියාවලියක දී ආචාරධර්ම/මාර්ගෝපදේශ සකස් කිරීමේ ක‍්‍රියාවලියට මාධ්‍ය වෘත්තිකයෝ සහභාගී වෙති. එමෙන් ම ඒවා නිසි පරිදි ක‍්‍රියාත්මක වන්නේ දැ යි විමසා බලන ව්‍යූහයට (මණ්ඩල, කොමිසම්, කමිටු) සහභාගී වන්නෝ ද එකී මාධ්‍යයේ නියැලෙන වෘත්තිකයෝ ය. එවැනි ව්‍යූහවලට මහජන නියෝජනයක් ලබා දීමේ අරමුණෙන් සිවිල් සමාජ සංවිධාන නියෝජිතයෝ හා පර්යේෂකයෝ ද සහභාගී කර ගැනෙති.


මාධ්‍ය මුහුණ දෙන සැබෑ ගැටලූ හඳුනා ගැනීමටත් ඒවාට කඩිනමින් පියවර ගැනීමටත් මේ යටතේ ඉඩකඩ
සැලසේ. එමෙන් ම කිසියම් ද`ඩුවමක් නියම කිරීමේ දී නීතිමය බැඳීමක් නොමැති වීම ද බලපායි. ඇතැම්
මාධ්‍ය ස්වයං - නියාමනය මගින් දෙනු ලබන නිර්දේශවලට අනුව කටයුතු කිරීමෙන් වැළකී සිටින්නේ ද එකී
නීතිමය බැඳීමක් නොමැති හෙයිනි.

2. සහනියාමනය 
මාධ්‍ය නියෝජිතයන්ගේ කැපී පෙනෙන මැදිහත් වීමක් සහිත ව නීතිය ම`ගින් ස්ථාපිත කරන ලද නියාමනය
සහනියාමනය ලෙස හැඳින්විය හැකි ය. මාධ්‍ය නියෝජිතයන් යන්නට මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය
සංස්කාරකවරුන් මෙන් ම මාධ්‍යකරුවෝ ද ඇතුළත් වෙති. මාධ්‍ය නියෝජිතයන්ගේ ද සහභාගිත්වය සහිත
ව ආචාරධර්ම, මාර්ගෝපදේශ සකස් කෙරේ. මාධ්‍යකරුවන්ට මෙම`ගින් ලබා දෙන තීන්දු හා නිර්දේශ නො
සලකා හැරිය නොහැකි වීම මෙහි ඇති ප‍්‍රධාන ලක්ෂණයකි. නීතිය ම`ගින් ස්ථාපිත ව ඇති බැවින් රාජ්‍ය
මැදිහත් වීම දැකිය හැකි ය. ඒ නිසා මාධ්‍ය මෙවැනි නියාමන ආයතන සම`ග සහයෝගී ව වැඩ කිරීමට පසු
බෑමක් පෙන්විය හැකි ය.


3. ව්‍යවස්ථාපිත නියාමනය
නීතිය මගින් ස්ථාපිත, මාධ්‍ය ක්ෂේත‍්‍රයේ ප‍්‍රබල මැදිහත් වීමක් නොමැති නියාමන විධි ක‍්‍රමයකි. සිවිල්
සමාජ කණ්ඩායම්, නීතිඥ සංගම් සහ ශාස්ත‍්‍රාලයීය පර්යේෂකයෝ නියාමන මණ්ඩලවල සමාජිකත්වය
දරති. ඇතැම් අවස්ථාවල දී පාර්ලිමේන්තුව මගින් හෝ එවැනි කිසියම් මණ්ඩලයක් මගින් පත් කරන
නියෝජිතයන්ගෙන් නියාමන ව්‍යූහය සමන්විත වේ. මාර්ගෝපදේශ සකස් කිරීම හා ඊට අදාළ නිරීක්ෂණ
කටයුතු අදාළ ව්‍යූහ මගින් සිදු කරනු ලබයි.


නියාමන ක‍්‍රියාවලියෙහි ඇතැම් විටෙක දැඩි බවක් පැවතිය හැකි ය. දැඩි දේශපාලන බලයක් සහිත බලවේග
ක‍්‍රියාත්මක විය හැකි දේශපාලන බලපෑම්වලට නතු වීමට ඇති හැකියාව මත ස්වාධීනත්වය ගිලිහී යා හැකි
ය. මාධ්‍ය බරපතළ ලෙස පාලනය කිරීමේ හැකියාව පවතින බැවින් මාධ්‍යයේ සහයෝගය අවම මට්ටමකට
පත්විය හැකි ය.

4. අභ්‍යන්තරික නියාමනය
ඇතැම් මාධ්‍ය ආයතන නියාමන ක‍්‍රියාවලිය තම ආයතන මට්ටමින් අභ්‍යන්තරික ව පවත්වා ගෙන යයි.
මාධ්‍ය ආයතන තම ආයතනය වෙනුවෙන් ඒ සඳහා ඔම්බුඞ්ස්මන්වරයෙක්  (Ombudsman)  පත් කරනු
ලබයි. මාධ්‍ය ආයතනයේ කටයුතු කළ විශ‍්‍රාම ගත් ජ්‍යේෂ්ඨ ජනමාධ්‍යවේදියෙක් ඔම්බුඞ්ස්මන්වරයා
ලෙස බොහෝ විට පත් කෙරේ. එසේ නොමැති නම් මාධ්‍ය විෂයය පිළිබඳ අවබෝධයක් ඇති ස්වාධීන
විද්වතෙකු ඒ සඳහා පත් කරන අවස්ථා ද දැක ගත හැකි ය.

මාධ්‍ය ආයතන සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි ආයතනයේ සංස්කාරකවරුන්ට දැනුම් දීමත් ඒ සඳහා
ගත හැකි පියවර නිර්දේශ කිරීමත් ඔම්බුඞ්ස්මන්වරයාගේ කාර්යය වේ. බාහිර නියාමන ක‍්‍රමවේදයන් සමග ක‍්‍රියාත්මක විය හැකි අභ්‍යන්තරික ප‍්‍රවේශයකි. වෘත්තීය භාවය අතින් ඉහළ මට්ටමක පවත්නා මාධ්‍ය ආයතනවලට වඩාත් යෝග්‍ය නියාමන ක‍්‍රමවේදයක් ලෙස මෙය
හැඳින්විය හැකි ය.

Sameera Herath
B.A (Sp) hons University of Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in University of Colombo



whatsapp - 0717893803 

No comments:

Post a Comment

Thank you. To your encouragement. Stay tuned.

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...