මාධ්‍ය ශිෂ්ටත්වය ආරක්ෂා කරමින් මාධ්‍ය පිළිගත් පොදු සම්ප්‍රදායන් යටතේ හැසිරවීමට පාලනයට බලය ලබාදී ඇති ආයතන නියාමන ආයතතන ලෙස හැදින්විය හැකිය. සමාජ වගකීම්කින් යුත්තව හා නීතියානුකූලව මාධය ක්‍රියාවලිය පාලනයට මෙම ආයතන මැදිහත් වේ. රාජ්‍යක පවතින මාධ්‍ය නියාමන විධිමත් ආකාරයෙන් සිදුකරන ක්‍රමවේදයක් බවට මාධය න්‍යාමන ආයතන දැක්විය හැකිය. මෙම ආයතනයන් ව්‍යවස්ථාපිත ආයතන, කොමිසන් සභා, මණ්ඩල ආදී ව්‍යුහයන්ගෙන් යුක්තව ක්‍රියාත්මක වෙයි. මාධ්‍ය අවභාවිතයන් පාලනය හා යහජනමාධය කලාවක් ආරක්ෂා කිරීම උදෙසා ආචාර ධර්ම, වාරණය ක්‍රියාතමක කිරීම, මුල්‍යමය ක්‍රියා, බලපත්‍ර, බදු පැනවීම, නීතිමය ක්‍රියා ආදිය මාධ්‍ය න්‍යාමන ක්‍රමවේද ලෙස භාවිතා කරමින් ක්‍රියා කරයි.
1.ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලය (Public Performance Board)
2. ශ්රී ලංකා පුවත්පත් මණ්ඩලය (Sri Lanka Press Council)
3. විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව
(Sri Lanka Telecommunication Regulatory Commission - SLTRC)
4. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (Press Complaints Commission of Sri Lanka - PCCSL)5.
5. ශ්රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය
(Sri Lanka Computer Emergency Readiness Team, Coordination Center - CERTCC)
1.ප්‍රසිද්ධ රැගුම්පාලක මණ්ඩලය (Public Performance Board)
ශ්‍රී ලංකාවේ වාරණ ඉතිහාසය පිළිබඳව අවධානය යොමු කිරීමේදී දක්‌නට ලැබෙන්නේ එය මුල් කාලයේදී වඩාත් සක‍්‍රීය ක‍්‍රියාත්මක වී තිබෙන්නේ නාට්‍ය හා සිනමා කර්මාන්තය ඇසුරෙන් බවය. විශේෂයෙන්ම සිනමා වාරණය සඳහා නෛතික ප‍්‍රතිපාදන සැලසෙන්නේ වර්ෂ 1910 අංක 06 දරන නාගරික ආඥ පනතේ 110 ජේදයේ 15 වැනි උප වගන්තිය යටතේය. මේ අනුව චිත‍්‍රපට නරඹා ප‍්‍රදර්ශනය සඳහා අනුමැතිය ලබා දීමේ ක‍්‍රමය ශ‍්‍රී ලංකාවේ ආරම්භ වී තිබෙන්නේ වර්ෂ 1918 දී පමණය . මේ යටතේ චිත‍්‍රපට නරඹා නුසුදුසු කොටස් ඉවත් කර වාරණය කිරීමේ බලතල පැවැරෙන්නේ නගරාධිපතිවරයාට හා පොලිස් අධිකාරිවරයාටය. මේ අනුව මෙරටට ගෙන්වන ලද විදෙස් චිත‍්‍රපට කොළඹ පොලිස් අධිකාරිවරයා හා නගරාධිපතිවරයා විසින් නරඹා අනුමත කිරීමෙන් පසුව මහජන ප‍්‍රදර්ශනයට අවසර ලැබිණි. මේ යටතේ වේදිකා නාට්‍ය, චිත‍්‍රපට, මැජික් දර්ශන, කරනම් දර්ශන ආදී සියලූම ප‍්‍රසිද්ධ රැගුම් පාලනය විය.
ප්‍රසිද්ධ රැගුම් හෙවත් වේදිකා නාට්‍ය, චිත‍්‍රපට, මැජික් දර්ශන ආදිය නියාමනය සදහා පළමු වරට ව්‍යවස්‌ථාපිත නීතියක් ආරම්භ වන්නේ 1912 දීය. ඒ 1912 අංක 07 දරන රැගුම් පාලන ආඥ පනත මගිනි (Public Performance Order). මෙම පනත 1919 දී සංශෝධනය විය. මෙයින් වසර 32 කට පසුව එනම් වර්ෂ 1951 දී අංක 23 ප‍්‍රසිද්ධ රැඟුම් පාලන මණ්‌ඩල පනත සම්මත විය. මේ අනුව වර්ෂ 1951 දී මෙරට ප‍්‍රසිද්ධ රැුඟුම් පාලක මණ්‌ඩල(Public Performance Board) බිහි විය. මෙම පනත වර්ෂ 1961 දී, 1964 දී හා 1969 දී සංශෝධනයට ලක්‌විය. මෙම රැඟුම් පාලක මණ්‌ඩලයේ කටයුතු වර්ෂ 1951 දී නගරාධිපතිවරයාගෙන් හා පොලිස් අධිකාරිවරයාගෙන් ඉවත්වී ප‍්‍රසිද්ධ රැුගුම් පාලන බලතල ආරක්‍ෂක හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා යටතට පැවරිණි. මෙම මණ්‌ඩලයට පැවරුණු ප‍්‍රධානතම වගකීම වූයේ මහජන ප‍්‍රදර්ශනයට ඉදිරිපත් කරන සෑම චිත‍්‍රපටයක්‌ම හා සෑම නාට්‍යයක්‌ම නරඹා ඒ සඳහා සහතිකයක් නිකුත් කිරීමය.
.
1951 අංක 23 දරන පනතින් ඒ ක‍්‍රියාවලිය සිදු කිරීමට ප‍්‍රසිද්ධ රැගුම් පාලක මණ්ඩලය ස්ථාපනය කරන
ලදි. මෙහි කටයුතු ලෙස වඩාත් සාකච්ඡාවට ලක් වන්නේ චිත‍්‍රපට ශාලාවලට මුදා හැරීමේ දී නිකුත් කරන
සහතිකයට අදාළ U, X සහ A සහ්යන වර්ගීකරණය චිත‍්‍රපට සඳහා ලබා දීම මෙන් ම මණ්ඩලය මගින් කලින්
කලට සකස් කරනු ලබන මාර්ගෝපදේශ සංග‍්‍රහයට අනුව චිත‍්‍රපටවල දෙබස්, තෝරා ගත් දර්ශන ඉවත් කිරීම
යනාදිය යි. ඇතැම් විටක චිත‍්‍රපට පූර්ණ ලෙස වාරණයට ලක් කිරීමට ද පියවර ගැනේ.
U සහතිකය - අසීමාන්ත මහජන ප‍්‍රදර්ශනයට සුදුසු ය; කිසි ම බාධාවකින් තොර ව සැම කෙනෙකුට ම
නැරඹිය හැකි ය.
X සහතිකය - වැඩිහිටියන්ට පමණක් සුදුසු ය; අවුරුදු 18ට වැඩි ඕනෑ ම කෙනෙකුට නැරඹිය හැකි ය.
A සහතිකය - වැඩිහිටියන්ට වඩාත් සුදුසු ය; වැඩිහිටියන් සම`ග පැමිණෙන වයස අවුරුදු 18ට අඩු
ළමයින්ට ද නැරඹිය හැකි ය.
පනතට අනුව රැගුම් පාලක මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීම අදාළ විෂය භාර ඇමතිවරයාගේ
කටයුත්තකි. එහෙත් එක් එක් කාලසීමාවල මණ්ඩලයට සාමාජිකයන් පත් කිරීමට කටයුතු නො කර තනි
පුද්ගලයෙකු (සභාපති) යටතේ ක‍්‍රියාත්මක වූ අවස්ථා ද දක්නට ලැබේ.
ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩල පනතට අදාලව ප‍්‍රාසාංගික කලා නිර්මාණයක් ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධව, ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩලය අනුගමනය කරන ප‍්‍රධාන නිර්ණායක ක‍්‍රම පහක් වෙයි.
1. රටේ පවතින නීතිය හෑල්ලූවට ලක් නොකිරීම.
2.ජාතීන්ගේ සිරිත් විරිත් හා සම්ප‍්‍රදායයන් ගරු කිරීම
3. සියලූම ආගමික හැඟීම්වලට ගරු කිරීම.
4. සානුකම්පිත බව ඉස්‌මතු වන ආකාරයට හෝ තවත් අය ඒ සඳහා පොළඹවා ගන්නා ආකාරයේ සාපරාධී ක‍්‍රියා ඉදිරිපත් නොකළ යුතුය.
5. විවාහයේ පාරිශූද්ධත්වය පිළිගත යුතු අතර, දුෂ්චරිත ඉස්‌මතුවන ආකාරයට ලිංගිකත්වය ඉදිරිපත් නොකිරීම ය.
ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මණ්‌ඩල පනතේ සඳහන් පරිදි, ලිංගිකත්වය සහ අපචාර යන්න විග‍්‍රහ වන්නේ මෙසේ ය.විවාහ සංස්‌ථාව, අවඥාවට ලක් කිරීම හා අනියම් සබඳතා ජීවිතයේ සාමාන්‍ය සිද්ධි හැටියට නොසැලැකීම සහ ඒවා පාපී ක‍්‍රියා ලෙස සැලකීමය. එමෙන්ම, ළමයින් සඳහා නුසුදුසු යෑයි සැලැකෙන, දරුවන් බිය වද්දවන බියකුරු දර්ශන හා අපරාධ, ළමයින් විසින් දැන නොගත යුතු වැඩිහිටියන්ට සුවිශේෂී වූ කරුණු ඇතුළත් රංගන අවස්‌ථා ඇතුළත් චිත‍්‍රපට මෙන්ම. නාට්‍යය ළමයින් සඳහා ප‍්‍රදර්ශනයට නුසුදුසු සේ සලකා, ඒවා වාරණය කෙරේ.
2. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය (Sri Lanka Press Council)
ශ්රී ලංකා පුවත්පත් මණ්‌ඩලය පුවත්පත හා පාඨකයා සුරැකීමට සමාජ වගකීම් සහගත මාධ්‍ය පද්ධතියකක් පවත්වා ගැනීම වෙනුවෙන් මාධ්‍යවේදීන්ගේ නිදහස හා අයිතිවාසිකම් ආරක්‌ෂා කිරීමට පිහිටවන ලද ආයතනයක් මෙන්ම මාධ්‍ය නිදහස අනවශ්‍ය ලෙස භාවිතා කිරීමෙන් අගතියට පත්වන පාර්ශවයන් ආරක්‌ෂා කිරීමටද කටයුතු කරන පුවත්පත් නියාමන ආයතනයකි. එමෙන්ම මෙම මණ්‌ඩලය 1973 අංක 5 දරන පාර්ලිමේන්තු පනතින් අනුමත කරන ලද නීත්‍යානුකූල ආයතනයක් වන අතර එය දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ද පිළි ගැනීමට හා ගෞරවයට පාත‍්‍ර වී ඇත. ශ‍්‍රී ලංකාවේ පුවත්පත් මාධ්‍ය නියාමනය සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය යි.
1973 අංක 05 දරන ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්ඩල පනත යටතේ මෙය පවත්වා ගෙන යනු ලබයි. පුවත්පත්වල වෘත්තීය තත්ත්වය ඉහළ නැංවීම, පුවත්පත් නිදහස ආරක්‍ෂා කිරීම, පුවත්පත් ආචාර ධර්ම පවත්වා ගෙන යාම සහ පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආදී අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වෙයි.මෙරට ප‍්‍රකාශයට පත් වන සැම පුවත්පතක් ම වාර්ෂික ව මණ්ඩලයේ ලියාපදිංචි විය යුතු ය.
පුවත්පත් මණ්ඩලයේ ප‍්‍රධාන විධායක නිලධාරියා වන්නේ එහි කොමසාරිස්වරයා ය. එහි සභාපතිවරයා
ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩලය පත් කරනු ලබන්නේ ජනාධිපතිවරයා විසිනි. එ සඳහා ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ
ජනරාල්වරු නිල බලයෙන් පත් කෙරෙති.එබැවින් ගෙවුනු 40 වසර තුළ පුවත්පත් මණ්‌ඩලය අපක්‌ෂපාතීව, ස්‌වාධීනව සහ දේශපාලන මතවාද සහ ප‍්‍රතිපත්තිවලින් නොබැඳී ඉතා සාධාරණ ප‍්‍රතිපත්තියක පිහිටා සිටිමින්, රාජ්‍ය බලධාරීන්ගේ බලපෑම්වලට හෝ ඔවුන්ගේ අදහස්‌වලට යටත් නොවී ක‍්‍රියාත්මක වූ අතර යුක්‌ති සහගතව දෙපාර්ශවය වෙත සාමය හා සාධාරණත්වය ලබා දෙමින් ස්‌වභාවික යුක්‌තිය ආරක්‌ෂා කිරීමේ ප‍්‍රතිපත්තියක් අනුගමනය කරන ලද බව ඉතා වගකීමෙන් සඳහන් කළ යුතුය.
පුවත්පත් මණ්ඩලය යටතේ 1981 දී ගැසට් මගින් ප‍්‍රකාශයට පත් කර ඇති ආචාරධර්ම මාලාවට ඇතුළත් පුවත්පත් ආචාරධර්ම කඩ කිරීම පිළිබඳ මහජන පැමිණිලි විභාග කරනු ලබන්නේ සභාපතිවරයා ප‍්‍රමුඛ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසිනි. පුවත්පත්වල ආචාරධර්ම කඩ කිරීම පිළිබඳ විභාග කර තීන්දු ප‍්‍රකාශයට පත් කළ හැකි අතර මේ පනත ම`ගින් මණ්ඩලයට අධිකරණ බලතල අර්ධ වශයෙන් ලබා දී තිබේ. පුවත්පත් කොමසාරිස් මණ්ඩලයේ පරිපාලන කටයුතු මෙහෙයවන අතර පුවත්පත් පරීක්‍ෂණය කර ඒවායේ ඇති ආචාරධර්ම කඩ වන අවස්ථා පිළිබඳ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අවධානය යොමු කිරීමට ද
කොමසාරිස්වරයාට හැකියාව ඇත.
1973 අංක 5 දරන පුවත්පත් මණ්ඩල පනත, පාර්ලිමේන්තුවේ බහුතරයකින් සම්මත කරන ලද නීතියකි. එමෙන්ම එය දිසා අධිකරණයක බලතල සහිතව බල ගැන්විය හැකි නීති සමුදායකින් සමන්විත නීති පද්ධතියකි. ජනතා ගෞරවයට පාත‍්‍ර වූ මහාචාර්යවරු, ආචාර්යවරු, ප‍්‍රවීන පුවත්පත් කලාවේදීන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්ගෙන් සැදුම්ලත් වියත් මණ්‌ඩලයකින් විසඳුම් දෙන විට එය ‘කැලෑ නීතියක්’ ලෙස හඳුන්වන්නේ නම් කිසිම නෛතික බලයක් නැති පුවත්පත් පැමිණිලි කොමිෂමට අදාළ වන්නේ කවර නීතියකින් දැයි නිගමනය කිරීමට කිසිවකුටත් නොහැකිය.
ආධුනික මාධ්‍යවේදීන් පුහුණු කිරීම, මාධ්‍ය ලෝකයට ප‍්‍රවේශවීම සඳහා මඟ පෙන්වා දීම, ඔවුන් අගය කිරීම, කාලීන පර්යේෂණ කටයුතුවල නියෑලීම, මාධ්‍යවේදීන්, විශ්ව විද්‍යාල හා පාසල් සිසුන් වෙනුවෙන් වැදගත් ප‍්‍රකාශන නිකුත් කිරිම, ඩිප්ලෝමා හා විවිධ වැඩමුළු මෙහෙයවීම, යුක්‌තිය පසිඳලීමට අමතරව පුවත්පත් මණ්‌ඩලය කරන කාලීන මෙහෙවරයන් වේ. ජාත්‍යන්තර සබඳතා තුළින් දැනුවත් කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමටත් අධ්‍යාපන හා සමාජ සම්බන්ධතා පුළුල් කිරීමටත් පුවත්පත් මණ්‌ඩලය මඟින් ඉදිරියේ දී අපේක්‌ෂා කරනු ඇත. මෙම දැනුවත් කිරීමේ වැඩසටහන මඟින් මණ්‌ඩලය අපේක්‌ෂා කරනුයේ ආචාර ධර්ම ගරු කරමින් මානව වාදී ගති ලක්‌ෂණ පිළිබිඹු කරන යහපත් මාධ්‍ය සංස්‌කෘතියක් හා මාධ්‍යවේදීන් පිරිසක් මෙරට තුළ බිහි කිරීම හා ඔවුන්ගේ දැනුම හා කුසලතා දියුණු කරමින් නියාමනයේ ඇති අවශ්‍යතාවය ස්‌වයං වාරණය තුළින් සමාජයෙන් තුරන් කිරීමය. නමුත් එය දීර්ඝ කාලීනව අඛණ්‌ඩව ක‍්‍රියාත්මක කළ යුතු යාන්ත‍්‍රණයක් බැවින් ඊට කාලය අවශ්‍ය වේ. එබැවින් යහපත් මාධ්‍ය සංස්‌කෘතියක් ගොඩ නැංවීම සඳහා මෙම මණ්‌ඩලයෙන් මාධ්‍යවේදීන් වෙනුවෙන් සිදු කරන ලද මෙහෙය ලඝූ කොට දැක්‌විය නොහැක.
මාධ්‍ය වාර්තාවන්හි සඳහන් වූ පරිදි මෙතෙක් පුවත්පත් මණ්‌ඩලය විසින් කිසිම මාධ්‍යවේදියකු සිරගත කොට නැත. අසාධාරණ දඬුවම් දී නැත. යුක්‌තිය ලබා ගැනීමට අධික මිලක් ගෙවිය යුතු බව සත්‍යයක් වුවද පුවත්පත් මණ්‌ඩලය රජයේ වියදමින් දෙපාර්ශවය ආරක්‌ෂා කරමින් වටිනා මෙහෙවරක යෙදී සිටිනු ඇත. එබැවින් මාධ්‍යවේදීන් සිරගත කිරීම හෝ දැඩි දඬුවම් පැනවීම යෑයි සඳහන් කිරීම අසත්‍යයකි.
ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ‍්‍රී ලංකේය මාධ්‍ය කර්මාන්තයේ උන්නතිය සදහා නිසි මගපෙන්වීමක් සහ නායකත්වයක් ලබාදෙමින් ප‍්‍රබල දායකත්වයක් ලබාදෙන ආයතනයකි. ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනය සමන්විත වන්නේ මාධ්‍යවේදීන්ගේ වෘත්තීය ප‍්‍රතිපත්ති මාලාව ආචාර ධර්ම ප‍්‍රචලිත කිරීමේ වගකීම සහිත ස්වයං නියාමන යාන්ත‍්‍රණය වන ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (Press Complaints Commission of Sri Lanka (PCCSL) සහ ජනමාධ්‍යවේදයේ කෙටි කාලීන පාඨමාලා සහ ඩිප්ලෝමා පාඨමාලා ක‍්‍රියාත්මක කරනු ලබන්නේ ශ‍්‍රී ලංකා ජනමාධ්‍ය විද්‍යාලයෙනි (Sri Lanka College of Journalism (SLCJ)).
3. විදුලි සන්දේශ නියාමන කොමිශන් සභාව
(Sri Lanka Telecommunication Regulatory Commission - SLTRC)
ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) 1996 අංක 27 දරණ ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධන) පනත යටතේ ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ පිළිබඳ ජාතික නියාමන ආයතනය ලෙස පිහිටුවන ලදී.
නියාමන ක්‍රියාවලිය හැඩගැස්වීම, මහජන අයිතිය ආරක්ෂා කිරීම සහ වැඩි වැඩියෙන් තරඟකාරී වෙළඳපලක අභියෝගයන්ට ප්‍රතිචාර දැක්වීම මගින් විදුලි සංදේශ කර්මාන්තයේ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය වෙනුවෙන් පිහිටුවා ඇත. ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන කොමිසමේ සභාපති සහ අධ්‍යක්‍ෂ මණ්ඩලය විසින් ප‍්‍රතිපත්තික තීරණ ගනු ලබන අතර අධ්‍යක්‍ෂ ජනරාල්වරයා යටතේ පරිපාලන කටයුතු සිදු කෙරේ.
විද්‍යුත් සන්නිවේදනය හා අන්තර්ජාලය හා සම්බන්ධ නව මාධය හා සමාජ ජාලා මාධ්‍ය න්‍යාමය කිරීමට බලය පවරන ලද ආයතනයක් ලෙස විදුලි සන්දේශ හා නියාමන කොමිෂන් සභාව හදුන්වාදිය හැකිය. තාක්ෂණික හා නෛතික සීමාකිරීම් යටතේ මෙරට විදුලි සන්දේශ සේවා පාලනය කරනු ලබයි.
විදුලි සන්දේශ සේවා සැපයීමේ දී මෙන් ම ඊට අදාළ උපාංගවල ගුණාත්මකභාවය පිළිබඳ කටයුතු
කිරීමේ දී නව විදුලි සන්දේශ ක‍්‍රමෝපාය ප‍්‍රවර්ධනය කිරීම කොමිසමේ අරමුණු අතර වේ.
ගුවන්විදුලි සහ රූපවාහිනි විකාශ සඳහා සංඛ්‍යාත පද්ධති බෙදා දීම මගින් එක් එක් මාධය ආයතනයට නිශ්චිත සංඛ්‍යාත පද්ධති හා සම්ප්‍රේශණ පරාසයන් ලබාදී ඇත. මෙරට රූපවාහිනී හෝ ගුවන්විදුලි සම්ප්‍රේශණ ක්‍රියාවලිය සදහා බලපත්‍ර ලබාදීමේදී ඊට අනුමැතිය ලබාදෙයි. රහසිගතව පවත්වාගෙන යන පාලනයකින් තොර මාධය ආයතන වලට එරෙහිව නීතිමය පියවර ගැනීමට මැදිහත්වෙයි.
ජංගම දුරකථන සේවා ක්‍රියාත්මක කිරීමට අනුමැතිය ලබාදෙනු ලබයි. පාරිභෝගික අයිතිය සුරක්ෂිත කරමින් ජංගම දුරකථන භාවිතයේ ග‍්‍රාහකයන්ට මතු වන ගැටලූ පිළිබඳ පැමිණිලි කිරීමටත් ඊට අදාළ මෙහෙයුම් කටයුතු සිදු කර විසඳුම් ලබා දීමටත් කොමිසම බැඳී සිටියි. 2020 වසරේදී කොරනො වසංගතය මෙරට ව්‍යාප්තවීම සමග ඇදිරිනීතිය ක්‍රියාත්මක කළ අවස්ථාවේදී සමජ ජාලා මාධය මගින් දුරකථන සමාගම්වල Data මංකොල්ලයට එරෙහිව. කොමිසමට පැමිණිලි කළ අතර කොමිසම මගින් අධාල ආයතන වෙත ජනතාවට සහන සලසන ලෙස නියෝග කළේය. ජනතාවට සහන හිිමිවිය. තවද අන්තර්ජාලය හා සම්බන්ධ සමාජ ජාලා මාධය වෙබ් අඩවි වාරණයට කටයුතු නිරීමේ අයිතිය ඇත්තේ මෙම ආයතනයටයි. 2019 වසරේ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් පසු මෙරට අන්තරජාල හා සමාජ ජාලා වෙබි අඩවි වාරණය කිරීමට කටයුතු කරනු ලැබුවේ මෙම ආයතනයයි. 2019 වසරේ සිට මෙරට 5G තාක්ෂණය බලගැන්වීම සදහා කටයුතු කරනු ලබයි.
4. ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසම (Press Complaints Commission of Sri Lanka - PCCSL)
ශ්රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව (PCCSL) 2003 ඔක්තෝබර් 15 වන දින මාධ්‍ය කර්මාන්තය විසින් විවෘත කරන ලද ස්වේච්ඡා ස්වයං-නියාමන යාන්ත‍්‍රණයකි. ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, පුවත්පත් ප‍්‍රකාශකයන්ගේ සංගමය යන ආයතන ඒකාබද්ධ ව පිහිට වූ ස්වයං නියාමන ආයතනයකි. එබැවින් මෙය රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය ආධාර මත යෑපෙන අතර පැමිණිලි කොමිෂමට ශ‍්‍රී ලංකා පුවත්පත් මණ්‌ඩලය මෙන් බලාත්මක කළ හැකි නීත්‍යානුකූල භාවයක් නොමැති අතර රජයේ අනුග‍්‍රහයක් ද නොමැති සංවිධානයකි. https://www.divaina.com/2015/07/26/feature11.html
1998 දී මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම පිළිබඳ කොළඹ ප‍්‍රකාශය යථාර්තවත් කිරීම එයින් සිදුවිය. 1998 දී කොළඹදී පැවති ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණය ශ‍්‍රී ලංකාවේ පුවත්පත් සංගමය, ශ‍්‍රී ලංකාවේ සංස්කාරකවරුන්ගේ සංගමය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් ශ‍්‍රී ලංකාවේ ක‍්‍රියාකාරී ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ලෝක පුවත්පත් සංගමය, පොදුරාජ්‍ය මණ්ඩලීය පුවත්පත් සංගමය, ජාත්‍යන්තර පුවත්පත් ආයතනය ආදිය අතර පැවතියේය. එහි ප්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා පුවත්පත් ආයතනයට අනුබද්ධ ව 2003 වසරේ දී
ශ‍්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිෂන් සභාව (PCCSL) පිහිටුවනු ලැබී ය.
ශ‍්‍රී ලංකා කර්තෘ සංසදය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති වෘත්තීය මාර්ගෝපදේශ සංග‍්‍රහය යටතේ පුවත්පත් මගින් සිදු වන ආචාරධර්ම කඩ කිරීම් පිළිබඳ පැමිණිලි මේ කොමිසම වෙත ඉදිරිපත් කළ හැකි ය. මහජනතාවගෙන් ලිඛිත ව ලැබෙන පැමිණිලි ඒ ඒ පුවත්පත් වෙත යොමු කර ඊට අදාළ කරුණු විමසා බලා නිවැරදි කිරීමක් පළ කිරීමට ඉල්ලීම් කිරීමත් කොමිසම මගින් සිදු කරනු ලැබේ. පැමිණිලි විභාග කිරීමට පුවත්පත් මාධ්‍ය මෙන් ම වෙනත් ක්ෂේත‍්‍රවලට අයත් විද්වතුන්ගෙන් සමන්විත මණ්ඩලයක් පත් කර තිබේ.
5. ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය
(Sri Lanka Computer Emergency Readiness Team, Coordination Center - CERTCC)
ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිත ආයතනය විසින් Information and
Communication Technology Agency - ICTA h යටතේ 2006 වසරේ දී පිහිටුවන ලද ආයතනයකි.රී ලංකා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) . ආර්ථික හා සමාජයීය දියුණුව සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) යොදා ගැනීම සම්බන්ධ කටයුතු ඉටුකරයි. 2010 වසරේදී මෙය සන්නිවේදන හා තොරතුරු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති සමාගමක් බවට පත්විය. අධ්‍යාපනය හා මානව සම්පත් කළමනාකරණය ඔස්සේ තොරතුරු තාක්ෂණය සඳහා යටිතල ව්‍යූහය ගොඩනංවමින් දිවයිනේ තොරතුරු තාක්ෂණ ශක්‍යතාව හා ඒ සම්බන්ධව පුරවැසියන්ගේ අවබෝධය ඉහළ නැංවීම එහි එක් කාර්යභාරයකි. තොරතුරු තාක්ෂණය පිළිබඳව නියාමනයන් එළිදැක්වීම සහ ශ‍්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ භාවිතාව පිළිබඳව ලොව දැනුවත් කිරීම ද මෙයින් සිදු වේ.
රටේ ජාතික සයිබර් ආරක්‍ෂණ ආයතනය වශයෙන් ක‍්‍රියාත්මක වෙමින් විවිධ සංවිධාන හා පුද්ගලයන් විසින් සිදු
කරනු ලබන සයිබර් අපරාධ සඳහා කඩිනම් ප‍්‍රතිචාර දැක්වීමට කටයුතු කරයි. සයිබර් යනු සයිබර්නෙටික්ස් යන වචනයෙන් බිදී ආ වදනකි. සයිබර්නේටික්ස් යනු ජීවි හෝ යන්ත‍්‍ර අතර සිදුවන සන්නිවේදනයේ හා ස්වයංක්රීය පාලනය හා අදාළ වන විද්යාව ලෙසින් සරලව හදුනා ගත හැක. ඒ අනුව සයිබර් යන්න සන්නිවේදන තාක්ෂණය , අතත්‍ය ස්තයාවරෝපනය ((VR) ආදිය හා සම්බන්ද හදුන්වුමක් ලෙස ගත හැක. වත්මනේ මෙම සයිබර් යන වචනය අන්තර්ජාලය කේන්ද්‍ර කරගනිමින් බහුල ලෙස කතාබහට ලක් වෙයි. සයිබර් ආරක්ෂණය යනු සන්නිවේදන ජාල, පද්ධති, දත්ත ආදිය ද්විමය අන්තරායන්ගෙන් සුරක්ෂණය උදෙසා ගන්න වූ ක‍්‍රියාමාර්ග ලෙස සරලව දැක්විය හැක. සයිබර් ආරක්ෂණ ක‍්‍රියාවලිය තුලින් තොරතුරු තාක්ෂනය නිසාවෙන් සිදුවන , සිදුවියහැකි ආරක්ෂණ තර්ජනයන් මැඩ පැවැත්වීමට ක‍්‍රියාමාර්ග ගන්න අතරම , තොරතුරු ආරක්ෂනය තුලින් ද්විමය ස්වාභාවයෙන් හෝ වෙනත් ආකාරයෙන් තිබෙන තොරතුරු වල ආරක්ෂණය උදෙසා කටයුතු සිදු කරයි. තවද තොරතුරු මෙන්ම දත්ත ආරක්ෂණය තවත් එක ක්ෂේත‍්‍රයක් ලෙස හදුනා ගැනේ. මෙකි ක්ෂේත‍්‍රයන් තුනම එකිනෙකට සහ සම්බන්ද වන අතර එය දෙවන රුපයේ වෙන් සටහනින් දක්වා ඇත.
දත්ත ආරක්ෂනය, සයිබර් ආරක්ෂණය හා තොරතුරු ආරක්ෂණය අතර සම්බන්දය
පරිගණක භාවිතය හා ජංගම දුරකථන මගින් සිදු කරන මූල්‍ය හා වෙනත් අපරාධ පිළිබඳවත්, අනවසරයෙන් ඇතුළුවීම( hack) , ව්‍යාජ ගිණුම්, ත්‍රස්ථවාදී සංවිධානවල ක‍්‍රියාකාරීත්වයට එරෙහි ව දැනුම්වත් කිරීම , අනතුරු ඇගවීම හා විසඳුම් ලබා දීම ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදයේ
(Sri Lanka Computer Emergency Readiness Team, Coordination Center - CERTCC) කාර්ය ලෙස දැක්විය හැකිය.
Sameera Herath
B.A (Sp) hons University of Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
Diploma in University of Colombo
whatsapp - 0717893803






No comments:
Post a Comment
Thank you. To your encouragement. Stay tuned.