සමීක්ෂණ ක්‍රියාවලිය/පියවර
1. ගැටලුව හඳුනා ගැනීම
2. අරමුණු හඳුනා ගැනීම
3. මාතෘකාව තීරණය කිරීම
4. දත්ත රැස් කිරීම
5.නියැදිය
6. දත්ත විශ්ලේෂණය කිරීම
7. නිගමන
8. වාර්තාව ලිවීම
පර්යේෂණයක් යනු ගැටළුවකට පිිළිතුරු සොයන ක්‍රමානුකූල විමර්ෂණයකි.(Burns ,2004) සමීක්ෂණයක මුලික ඉලක්කය වන්නේ ගැටළුවට අධාලව දත්ත රැස් කිරීම හා දත්ත විශ්ලේෂණය කිරීමයි.
සමීක්ෂණය සාර්ථක වීමට ගැටලුව නිශ්චිත වීම මගින් සාර්තක ප්‍රතිඵලයක් ලබාගත හැකිය. සමීක්ෂණයක ප්‍රධාන ගැටළුවක් සමග අනු ගැටළු ද ඇත. සමීක්ෂණ ගැටළුව තෝරා ගැනීමේදී සමාජීය වශයෙන් ඊට ඇති වැදගත්කම, ඊට ඇති සෘජු හෝ වක්‍ර මුලාශ්‍ර වල සත්‍යතාවය සොයා ලැලිය යුතුය. ගැටළු නිශ්චිත කර ගැනීම මගින් පර්යේෂණය සිදු කිරීමේ උපන්‍යාසයන් ගොඩනගාගත හැකිය. එනම් සමීක්ෂණය මගින් අවසානයේ අත්පත් කර ගැනීමට බළාපොරොත්තුවන නිගමනය පිළිබද පුර්ව නිගමනයක් ඇති කර ගැනීමයි. අරමුණකදී සිදුවන්නේ අධාළ ගැටළු පිළිබද අධ්‍යයනයය. සමීක්ෂණයේ නිරවද්‍යතාවය, සාර්ථකබව, විද්‍යාත්මක බව සදහා නිශ්චිත ගැටළුවක් හෝ ගැටළු කිහිපයක් අධ්‍යයනය කළ හැකිය. එයින් තෝරාගත් මාතෘකාව නිශ්චිතව හදුනාගනීමට, විෂය පථය හදුනා ගැනීමට , පර්යේෂණ ක්‍රමවේදය, නියැදිය ආදිය සොයා ගැනීම පහසු කරවයි. සමීක්ෂණයේදී සීමිත කාලයක් තුළ ගැටළුවලට අධාල තොරතුරු රැස්කර නව දැනුමක් උත්පාදනය කරයි.http://www.tvec.gov.lk/wp-content/uploads/2018/02/DTET-9.pdf
■ සන්නිවේදන ක්ෂේත්‍රයේ දී ගැටලු තෝරා ගත හැකි අවස්ථා,
- සමාජ මාධ්‍ය භාවිතය
- ගුවන්විදුලි මාධ්‍යයට සවන් දීම
- මුද්‍රිත මාධ්‍ය භාවිතය
- රූපවාහිනි නැරඹීම
- ජංගම දූරකථන භාවිතය
2. අරමුණු හඳුනා ගැනීම
සමීක්ෂණයක ගැටළු පිළිබදව සෙවීම අරමුණු වේ . සමීක්ෂණ ගැටළුව පිළිබද විවිධ පාර්ශව මගින්
තොරතුරු ගවේෂණය පිළිබද ඇති කරගන්නා ඉලක්කය වේ. එනම් සමීක්ෂණය මගින් අත්පත්කර ගැනීමට බළාපොරොත්තු වන අවසාන ප්‍රථිපලයයි. සමීක්ෂන ගැටළුවට අදාලව එක් අරමුණක් හෝ අනු අරමුණු හොවත් අරමුණූ කීපයක් තිබිය හැකිය.
http://amalianuruddika.blogspot.com/2017/06/blog-post_2.html
3. මාතෘකාව තීරණය කිරීම
සමීක්ෂණය සදහා ගැටළු තෝරා ගැනීම උපකල්පණ නැතිනම් උපන්‍යාස සකස් කිරීම හා අරමුණු තෝරා ගැනීමෙන් පසු පර්යේෂණයෙහි විෂය පථය හා සීමාවන් හදුනාගත හැකිය. ගැටළුව තක්සේරු කරමින් මාතෘකාව ගොඩනගයි. සමීක්ෂණයක ප්‍රධාන මාතෘකාවක් හා අනු මාතෘකාවක් තිබිය හැකිය. සමීක්ෂණයේදී පර්යේෂකයා අධාල මාතෘකාව පිළිබදව තොරුතුරැ ගවේෂණය කරයි.
4. දත්ත රැස් කිරීම
දත්තවල ස්වභාවය අනුව ඒවා වර්ග දෙකකට බෙදේ. ඒ ගුණාත්මක හා ප්‍රමාණාත්මක
වශයෙනි.
I. ප්‍රමාණාතමක දත්ත (Quantitative Data) - සංඛ්‍යාත්මක ව ප්‍රමාණය පෙන්වා දෙන දත්ත
II. ගුණාතමක දත්ත (Qalitative Data) - සංඛ්‍යාතමත්මකව පෙනවා දිය නොහැකිය විශේෂ
ගුණාංග හා ඊට ම ආවේණික වූ ලක්ෂණ ආදිය පෙන්නුම් කරන දත්ත
පර්යේෂණ ක්‍රියාවලියේ දී අවශ්‍ය තොරතුරු ක්‍ෂේත්‍රයට ගොස් ලබා ගැනීමේ හෝ
ලේඛනාගාරයකින් ලබා ගැනීමේ හැකියාව ඇත. එසේ ලබා ගන්නා තොරතුරු දත්ත ලෙස
හඳුන්වන අතර ඒ දත්තවල සවභාව අනුව ප්‍රධාන වශයෙන් කොටස් කිහිපයකට බෙදේ.
ප්‍රාථමික දත්ත (Primary Data)
සමීක්ෂකයා විසින්ම සමීක්ෂණයේ අරමුණුවලට අදළ ව විශේෂිත ව එකතු කර ගනු ලබන දත්ත
ද්වීතික දතත (Secondary Data)
ප්‍රකාශිත මූලාශ්‍රයයකින් (ග්‍රනථ යකින්/පර්යෙෂණ වාර්තාවකින) ලබා ගනු ලබන දත්ත.
සමීක්ෂණ ක්‍රියාවලියක දී දත්ත රැස් කිරීම සඳහා යොදා ගනනා ප්‍රධාන ක්‍රමවේද
1. ප්‍රශ්න මාලා ක්‍රමය (ප්‍රශ්ණාවලී)
2. සම්මුඛ සාකච්ජා
4.1 ප්‍රශ්නාවලි
ප්‍රමාණාත්මකව දත්ත රැස් කිරීම වෙනුවෙන් ප්‍රශ්ණානවලි භාවිත කරයි. සමීක්ෂණයේ ගැටළු හා අරමුණු වලට අදාලව දත්ත දායකයන් මගින් දත්ත රැස් කර ගැනීමේ විධික්‍රමයක් ලෙස මෙය හදුනාගත හැකිය. ප්‍රශ්ණාවලිය මගින් ඉලක්කගත ප්‍රශ්න සෘජුව හෝ වක්‍රාකාරයෙන් ලබාගත හැකිය. මෙහිදී සමීකෂකයා ආචාර්ම පිළිපැදිය යුතුය. දත්ත දායකයන් සමග සම්බන්ධතා පැවැත්වීමට හා දත්ත ලබා ගැනීමට සහයෝගය ලබාගත හැකිය. නොමගයවන අසත්‍යය ප්‍රකාශ සිදු කරමින් දත්ත දායකයා මුලා නොකර ප්‍රශ්නාවලිය පුරාවා ගැනීමට කටයුතු කළ යුතුය. සෘජුව පිළිතුරක් ලබා ගැනීමට නොහැකි නම් එය වක්‍රාකාරයෙන් විමසා සටහන් කළ හැකිය.
ප්‍රශ්ණාවලියකදී විස්තරාත්මකව තොරතුරු ලබාගත නොහැක. හැකිතාක් කෙටියෙන් ඉලක්කගත ප්‍රශ්න වෙනුවෙන් පිලිතුරු අපේ්ක්ෂා කරයි.
■ ප්‍රශ්නාවලය සඳහා නිශ්චිත පිළිතුරු ලබා දීමට දතත දායකයට පහසු වන ආකාරයට
ප්‍රශ්නාවලිය සකස් කළ යුතුය.
■ අධ්‍යාපන මට්ටම, වයස් සීමාව, ආදායම් මටට්ම, භාෂාව යනාදි දත්ත දායකයන්ගේ
ස්වභාවය හඳුනා ගෙන ඊට ගැළපෙන ආකාරයට ප්‍රශ්නාවලිය ගොඩනැඟිය යුතුය.
■ ඍජු පිළිතුරු නො ලැබෙති යි අපේක්ෂා කරන ප්‍රශන වක්‍ර ආකාරයෙන් විමසිය යුතුය.
■ සමා සහිත ප්‍රශන සංඛ්‍යාවක් ඇතුළත් කළ යුතුය.
■ ප්‍රමුඛතාව අනව ප්‍රශ්ණ පෙළ ගැස්විය යුතුය.
■ ප්‍රශනාවලි ක්‍රමයේ වාසි මෙන් ම අවාසි තත්ත්ව ද පවතී.
■ ප්‍රශ්නාවලි සකස් කිරීමේ දී පහත සඳහන් කරුණුවලින් වැළකී සිටීම සුදුසු ය.
- පක්ෂපාත පිළිතුරු අපේක්ෂාවෙන්
- දීර්ඝ ප්‍රශ්න ඇසීම
- අනමාන ප්‍රශ්න
- ව්‍යාකූල ප්‍රශන ඇසීම
- දත්ත දායකයන් අපහසුතාවයට වට පත් වන ප්‍රශ්න ඇසීම
- එක ම ප්‍රශනය නැවත නැවත ඇසීම
4.2 සම්මුඛ සාකච්ජා
පර්යේෂකයා හා දත්ත දායකයා අතර ඇතිවන සංවාදයක් මගින් තොරතුරු රැස් කිරීම සම්මුඛ සාකච්ජා වේ. සම්මුඛ සාකච්ජාවක් පැවැත්වීමේදී දත්ත දායකයා ඊට දක්වන ප්‍රතිචාර ඉතා වැදගත්ය යහපත් ආකාරයෙන් ද්වීපාර්ශිවික සම්බන්ධතා බවත්වා ගැනීමට පර්යේෂකයා ආචාරධර්ම පිළිපැදිය යුතුය. එහිදී සුහදතාවය පවත්වාගත යුතුය. පෙර සුදානම් කරගත් අධාල විෂය සම්බන්ධව සකස් කළ ප්‍රශ්ණාවලියක් මගින් සෘජු හා වක්‍ර ප්‍රශ්න ඇසිය හැකිය. එහිදී එය සකස් කිරීමට පර්යේෂකයා ඊට පෙර තොරතුරු රැස් කිරීම, පුද්ගලයා පිළිබද අවබෝධය, ගොනු කිරීම හා අනුපිළිවෙලකට ප්‍රශ්ණ සකස් කිරීම සිදු කළ යුතුය. පෙර සුදානමකින් යුත්ව ඉලක්කගතව ප්‍රශ්න ඇසීමට හැකිය. එසේම දත්ත දායකයාගේ ප්‍රකාශ අනුව අළුතින් තොරතුරු එක්කර ගැනී, නව ප්‍රශ්න ඇසීම, සංශෝධනය කිරීම් සිදු කළ හැකිය. පර්යේෂකයා ඉදිරිපත්කරන එක් ප්‍රශ්නයකදී දත්ත දායකයා තවත් ප්‍රශ්ණ දෙකකට පමණ වාචිකව පිළිතුරු සපයන අවස්ථා ඇත. එහිදී පෙර සුදානම් කර තීබු ප්‍රශ්ණ නැව ඇසීම ප්‍රයෝජනවත් නැති බැවින් සංශෝධන එම අවස්ථාවේදීම කළ හැකිය. අසන ප්‍රශ්නවලට ලබා දෙන පිළිතුරුවලට අමතර ව දත්ත දායකයා නිරීක්ෂණය කිරීමෙන්
ඔහුගේ සිතුවිලි, හැඟීම්, ක්‍රියාකාරකම්, ආකල්ප , මතය හා බලාපොරොත්තු වැනි දේ පිළිබදව
අවබොධයක් ලබා ගත හැකි ය.
7. නියැදිය
■ සමීක්ෂකයෙකුට සමස්ත ජනගහණය ම සමීක්ෂණය කළ නොහැකි විට සමස්තය
නියෝජනය වන පරිදි තෝරා ගන්නා කොටස නියැදිය වේ.
■ හොඳින් සංකලනය වූ කුඩා නියදියකින් සමස්තය පිළිබඳ නිගමනවලට එළඹිය හැකි ය.
■ නියදිය තොරාගැනීමේදී අපක්ෂපාතී විය යුතුය.
■ සංඛ්‍යාන විද්‍යාත්මක පදනමකින් නියැදිය තෝරා ගැනීම (නියැදීම) සිදු කළ යුතු ය.
■ නියැදිය තෝරාගැනීමේ විවිධ ක්‍රම පවතින අතර ගැටලුවේ සවභාවය අනුව අදාළ
නියැදි වර්ගය තෝරා ගැනීම පිළිබඳ අවධානය යොමු කළ යුතුය.
නියාදිය තොරා ගන්නා සරල ක්‍රමයක් පහත දැක්වේ.
අහඹු නියැදිය
පංතියක සිසුන් 50 දෙනෙකු අතුරින් 10 දෙනෙකුගෙන් යුත් නියාදියක් තෝරා ගැනීමට අවශ්‍ය විටෙක තුණ්ඩු කැබලි 50 ගෙන ඉන් 10ක් 1 - 10 දක්වා අංකනය කර ඉතිරිය සඳහා 0 යොදන්න. පසු ව අහඹු ලෙස සිසුන් 50 දෙනාට ම තුණ්ඩු කැබලි ලබා දෙන්න. නියැදිය ලෙස තේරී පත් වන්නේ අංක 1-10 දක්වා අංක සහිත තුණ්ඩු ලබා ගත් සිසුන් පමණි. මෙය අහඹු නියැදි ක්‍රමය ලෙස හඳුන්වයි.
අහඹු ස්ථාවර නියැදිය
පන්තියක සිටින සිසුන් 50ක් අතුරින් 25 දෙනෙකු තෝරා ගැනීමට අවශ්‍ය විටෙක නාම ලේඛනයට අනුව ඔත්තේ හෝ ඉරට්ටේ අංක පිළිවෙළට නියැදිය තෝරා ගත හැකි ය. මෙය අහඹු ස්ථාවර නියැදිය යි.
6. දත්ත විශ්ලේෂණය කිරීම
දත්ත යනු කිසියම් සකස් කිරිමකට ලක්කිරිමට පෙර අමු , අවිධිමත් ලෙස පවතින කරුණු වේ.එය සංවිධානය කරන තෙක් දත්ත සරල හා බැලූ බැල්මට අහඹු හා නිෂ්ඵල දෙයක් විය හැකිය. සමීක්ෂණයක දත්ත රැස් කරන ක්‍රමයක් හරහා ලබා ගන්නා දත්ත අමු දත්ත (Raw Data) වේ. අමු දත්තයන් ගොනු කිරීම හා විශ්ලේෂණය සදහා සමීක්ෂකයා මෘදෘකාංහ භාවිතයකින් තොරව තමන් විසින්ම සිදු කරනු ලබන දත්ත එකතු කිරීම හා විශ්ලේශන ක්‍රමයක් මෙන්ම ^Manual Data Processing and Analyzing) මෘදෘකාංග භාවිතා කර සිදුකරන දත්ත ගොනු කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ මෘදෘකාංග පවතියි. සමීක්ෂණයේ ස්වභාවය අනුව ගැලපෙන මෘදෘකාගය යොදාගත හැකිියහ. (
f,i SPSS, Excel, ATLAS.ti, Mini tab) දත්ත ගොනුකිරීමෙන් අනතුරුව විශ්ලේෂණය කරයි.
ප්‍රශ්නාවලියක් හෝ සම්මුඛ සාකච්ජාවක් මගින් ලබාගන්නා අමු දත්ත විශ්ලේෂණය කිරීමෙන්. දත්ත අතර සම විෂමතා හදුනා ගැනීම, දත්ත අතර පවතින සම්බනධතා හදුනා ගැනීම, දත්ත අතර සාපේක්ෂ වෙනස්කම් හදුනා ගැනීමට එමගන් හැකිය. දත්ත විශ්ලේෂණය කොට තොරතුරු සකස් කිරීම හා නිගමනවලට එළබීම සිදුවෙයි.
- දත්ත ගොණු සකස් කිරීම.
- දත්ත අතර සම විෂමතා හදුනා ගැනීම
- දත්ත අතර පවතින සම්බන්ධතා හදුනා ගැනීම
- දත්ත අතර සාපේක්ෂ වෙනස්කම් හදුනා ගැනීම
- විශ්ලේෂණය කොට තොරතුරු සකස් කිරීම
- විශ්ලේෂණය මගින් නිගමනවලට එළබීම සිදුවෙයි.
දත්ත විශ්ලේෂණයක් සිදු කිරීම සදහා අමු දත්ත (Raw Data) විශ්ලේෂණය හදහා සකස් කළ යුතුය. එහි පියවර ගණනාවකි. සමීක්ෂණයක් පැවැත්වීමේදී ප්‍රශ්ණාවලි හා සම්මුඛ සාකච්චා මගින් රුස්කරගත දත්ත අනුපිවෙළකට සකස් කිරීම සිදුවෙයි.
සමීක්ෂණය ඔස්සේ ලබා ගන්නා ලද දත්ත විශ්ලේෂණය මගින් අනාවරණය කරගන්නා කරුණු ඇසුරෙන් සමීක්ෂකයාගේ ප්‍රකාශය නිරීක්ෂණයේදී දක්වයි. එය සිදුවන්නේ සමීක්ෂකයාගේ අවබෝධය මතයි. එනම් අධාල විෂය සම්බන්ධයෙන් සොයා රැස්කරගත් කරුණු ඇසුරෙන් ඉදිරිපත් කිරීමයි.
සමීක්ෂකයා ආරම්භයේ දී හඳුනා ගත් ගැටලුව/ගැටලු ගොඩ නැඟමට හේතු එහි ස්වභාවය
හඳුනා ගැනම හා ී ගැටලු නිරාකරණය කර ගැනමට ී අවශ්‍ය දැනම න ු ගමන ි ඔසf ් ස් යොජ ් නා කළ
හැකි ය. සමීක්ෂණ අවසානයේ එළඹෙන ඇතැම් නිගමන තවත් පර්යෙෂණය ් ක් සඳහා ගැටලුවක්
නිර්මාණය කීරීමට හේතු විය හැකිය. එය පදනම් කොටගෙන තවත් සමීක්ෂයකට යැමට සිදුවෙයි.
නිගමනය තාර්කක විය යුතු අතර පැහැදිලි හා කෙටි විය යුතුය. එය සමීක්ෂකයාගේ පරිකල්පණයක් නො ව සමීක්ෂණයෙන් ලබාගත් තොරතුරු ඇසුරෙන් දක්වන විද්‍යාත්මක ප්‍රකාශයක් විය යුතුය. සමීක්ෂණ ක්‍රියාවලියේ සාර්ථකත්වය වන්්නේ සාර්ථක අවසානයක් ලෙස නිගමනය දැක්වීමයි.
8. වාර්තාව ලිවීම
සමීක්ෂණ ක්‍රියාවලියේ අවසාන පියවර ලෙස වාර්තාව සැකසීම හා එය ප්‍රකාශයට පත් කිරීම
හෝ ඉදිරිපත් කිරීමයි. මෙයින සමීක්ෂණයෙන් සොයාගත් දැනුම ප්‍රකාශ කරයි ප. සමීක්ෂණය පිළිබද තොරතරු
අනෙකුත් පාර්ශවයන්ට දැනගත හැකි වන්නේ වාර්තාව මගින්ය. එය සරල භාෂාවක් භාවිත කළ යුතු ශාස්ත්‍රීය ලියවිල්ලකි. සාහිත්‍ය ලක්ෂණ ඊට ඇතුළත් නොකිරීමට සමීක්ෂකයා වග බලා ගත යුතුය. සමීක්ෂණ ක්‍රියාවලි සිදු කරන ලද්දේ කිසියම් විභාග අවශ්‍යතාවක් ඉටු කිරීම සඳහා නම්නි යම කරන ලද වචන සංඛ්‍යාවට යටත් ව වාර්තාව ලිවිය යුතුය
Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
Diploma in English University of Colombo
whatsapp - 0717893803
No comments:
Post a Comment
Thank you. To your encouragement. Stay tuned.