Wednesday, March 2, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) සන්නිවේදන සමීක්ෂණ Communication Research සන්නිවේදනය හා සමීක්ෂණ Communication and Research

             සන්නිවේදනය හා සමීක්ෂණ Communication and Research

මිනිසා තොරතුරු සත්වයෙක්වන අතර ජීවත්වන්නේ තොරතුරු සමාජයකයි. තොරතුරු වලට වැඩි වටිනාකමක් ඇති බැවින් සෑම ආකාරයකින්ම තොරතුරු සොයාගෑනීමට උත්සාහ කරයි.එයම මත පදනම් වන දැනුම් සමාජයක් ඒ අනුව ගොඩනැගී  ඇත.මිනිසාගේ අඛන්ඩ දැනුම සොයායාමේ ක්‍රියාවලිය ඥාන ගවේෂනය ලෙස හදුන්වයි. මිනිසා පර්යේෂණ භාවත කරන්නේ වද්‍යාත්මක ආකාරයෙන් ඥාන ගවේශනය කිරීමටයි. එහිදී සමීක්ෂණ, නිරීක්ෂණ, සහභාගීත්ව පර්යේෂණ, ආදී ක්‍රම ගණනාවක් භාවිත කරයි. එසේම අධාල විෂය අනුව ද පර්යේෂණ සිදු කරන ආකාරයන් වෙනස් වෙයි. පර්යේෂණය දැනුමේ ප‍්‍රමාණය වැඩි දියුණු කරගැනීමට ක‍්‍රමානුකූලව සිදු කරනු ලබන නිර්මාණාත්මක කාර්යයකි, මෙයට මිනිසාගේ දැනුම, සංස්කෘතිය සහ සමාජය, සහ නව භාවිතයන් සොයා ගැනීමට මෙම දැනුම යොදා ගන්නා අයුරු අඩංගු වේ. එය තොරතුරු පිහිටුවන්න සහ තහවුරු කරන්නට, පෙර කාර්යන්හි ප‍්‍රතිඵල යලි ගොඩ නගන්නට, නව හෝ පවතින ගැටළු නිරාකරණය කිරීමට, සිද්ධාන්ත වලට සහය දැක්වීම හෝ නව න්‍යායන් ගොඩ නැගීමට යොදා ගනියි. ආදී
විද්‍යාත්මක ක‍්‍රමය පදනම් කර ගත් පර්යේෂණ විෂය ක්‍ෂේත‍්‍රය ලෙස වර්ධනය වී
ව්‍යාප්ත ව ඇත.
http://www.e-thaksalawa.moe.gov.lk/moodle/pluginfile.php/20399/mod_resource/content/1/P4_Soc_Ch7.pdf



සන්නිවේදන සමීක්ෂණ යන්න අවබෝධ කර ගැනීම සඳහා පර්යේෂණය යන විෂය ක්ෂේත‍්‍රය පැහැදිලි
කර ගත යුතු වේ. ඉංග‍්‍රීසි බසින්  Research  ලෙස හඳුන්වන පර්යේෂණ වචනයේ අර්ථය ”නැවත සෙවීම”
යන්න යි. ඒ අනුව පර්යේෂණය යන්නෙන් කිසියම් දෙයක් හෝ සංසිද්ධියක් පිළිබඳ ව විමසීම හා සෙවීම
`ගින් සත්‍යතාව ඔප්පු කිරීම සඳහා වන ක‍්‍රියාවලියක් අදහස් වේ.

තොරතුරු ගවේෂණය සදහා යොදාගන්නා පර්යේෂණ අධාල විෂය හා ක්‍රමවේදය අනුව එකිනෙකට වෙනස් වෙි. විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පර්යේෂණ එකිනෙකට වෙනස් වේ. පර්යේෂන මගින් නව දැනුම උත්පාදනය කරයි. පෙර නෙපෙැවති දැනුමක් ගොඩනගයි. සමීක්ෂණ යනු පර්යේෂන පැවැත්වීමේ එක් ක්‍රමයක් පමණයි. මාධ්‍ය සමීක්ෂණ යන්නෙන් අදහස් වන්නේ මාධ්‍ය බාවිතය හා මාධ්‍යයේ බලපෑම පිළිබදව අධ්‍යයනය කිරීමයි. ඒ සදහා සමීක්ෂණ මගින් තොරතුරු රැස්කරනු ලබයි.  එසේ ම කිසියම් ගැටලූවක් පිළිබඳ
විද්‍යාත්මක ව හා ක‍්‍රමානුකූල ව අධ්‍යයනය කිරීම පර්යේෂණයකින් සිදු වේ. පර්යේෂණ යන්න පිළිබඳ
නිර්වචන රැසක් ඇත.




පර්යේෂණ නිර්වචන
Oxford Advance Learners' Dictionary 
 ”කුමන හෝ දැනුම්ක්ෂේත‍්‍රයක් පිළිබඳ ව ඉතා සැලකිල්ලෙන් සොයා බැලීම හෝ විමසීම ම`ගින් නව කරුණු එකතු කර ගැනීම”
වේ.



ගෲන්වල්ට් ප‍්‍රකාශය දක්වන්නේ ද ළමයින් හා තරුණයන් මාධ්‍ය සාක්ෂරතාවෙන් යුතු විචාරශීලී ග‍්‍රාහකයන්
බවට පත් කළ යුතු බව ය. පර්යේෂණ හා සමීක්ෂණ වැනි විද්‍යාත්මක ක‍්‍රමවේද ම`ගින් මාධ්‍යයේ බලපෑම ක‍්‍රමවත්ව අධ්‍යයනය කිරීමෙන් දරුවන්ගේ විචාරශීලීත්වය සහ මාධ්‍ය සාක්ෂරතාව පෝෂණය වීමට පිටුබලයක් ලැබෙනබව යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙයි.

 1982 ගෲන්වල්ට් ප‍්‍රකාශනය පිළිබඳ අදහස් සංවර්ධනය කරමින්‘පැරිස් න්‍යායපත‍්‍රය’  ^Paris Agenda මගින් ඉදිරිපත් කර ඇති කරුණු 12න් එක් නිර්දේශයක් වන්නේ ද මාධ්‍ය ම්බන්ධ ව පර්යේෂණ සිදු කිරීමට ගුරු භවතුන් හා සිසු දරුවන් යොමු කළ යුතු බව යි.




සන්නිවේදනය හා මාධ්‍ය සමීක්‍ෂණ

  •  මානව සම්බන්ධතා පවත්වා ගෙන යාමේ ක‍්‍රියාවලිය සන්නිවේදනය මත ර`දා පවතී. සන්නිවේදන ජනමාධ්‍යයේ බිහි වීම හා ව්‍යාප්තිය මානව සම්බන්ධතා සංකීර්ණ කිරීමටහේතු වී ඇත.
x මාධ්‍ය සමීක්ෂණ හෙවත් ග‍්‍රාහක සමීක්ෂණ `ගින් මාධ්‍ය පිළිබඳ ග‍්‍රාහක ප‍්‍රතිචාර කෙබඳු ද,
මාධ්‍ය ම`ගින් ග‍්‍රාහකයා කෙරෙහි ඇති කරනු ලබන බලපෑම කවර ආකාර ද යන්න හඳුනා ගත
හැකි ය.

x මාධ්‍ය පිළිබඳ ග‍්‍රාහකයාගේ ප‍්‍රතචාර  කෙබඳු ද යන්න හඳුනා ගැනමට  මෙන් ම මාධ්‍ය ම`ගින්
ග‍්‍රාහකයා කෙරෙහි ඇති කරන බලපෑම කවර ආකාර ද යනන හඳුනා ගැනීම සදහා මාධ්‍ය
සමීක්‍ෂණ යොදා ගනු ලබයි.

x මෙහි දී සාම්ප‍්‍රදායක මාධ්‍ය, ජනමාධ්‍ය හා නවමාධ්‍ය ආදි ක්ෂේත්‍ර සමීක්ෂණ
ගත හැකි අතර ග‍්‍රාහකත්වය, පාඨකයා, ශ‍්‍රාවකයා, නරඹන්නා, පේ‍්‍රකෂ කයා සහ පරිශීලකයා දතත
දායකයන් ලෙස සහභාගී කර ගත හැකි ය.

x මාධ්‍ය සමීක්ෂණ මගින් සන්නිවේදකයා, නාලිකාව, සන්දේශය, ග‍්‍රාහකයා හා බලපෑම
යනාදියෙහි තත්තවය, ජන ප‍්‍රියත්වය, ගුණාත්මකභාවය, ආකර්ෂණය බව, තාක්ෂණික භාවිතය
හා සමාජ බලපෑම පිළිබද ග‍්‍රාහකයා දක්වන කැමැතත,  අදහස්, මතවාද හා යෝජනා ලබා
ගැනීම සිදු කෙරේ

x මාධ්‍ය සමීක්ෂණ විශේෂ අවසථාවක දී හෝ වාරානුකූල ව හෝ පැවැත්වි ය. එමගින්
කලින් කලට මාධ්‍ය හැසිරීම් රටා වෙනස් වන ආකාරය හඳුනා ගත හැකි ය.


සමීක්ෂණ අර්ථකථනය

සමීක්ෂණ යන්න පිළිබඳ ඔක්ස්ෆර්ඞ් ශිෂ්‍ය ශබ්දකෝෂය ^Oxford Learner's
Dictionary 
 සාමාන්‍ය ජනතාවගේ අදහස් හා හැසිරීම් පිළිබඳ විමර්ශනය
කිරීම යනුවෙනි. මෙය සාමාන්‍යයෙන් ඔවුන්ගෙන් ප‍්‍රශ්න ඇසීම මගින් සිදු කෙරෙයි.





Survey   යන වචනයෙහි අර්ථය ලෙස මලලසේකර ශබ්දකෝෂය 

 ‘සෝදිසිකරනවා,සමීක්ෂණය කරනවා, සමීක්ෂණය’ යන්න යි.

සමීක්‍ෂණය තෝරා ගත් නිශ්චිත භූමි කලාපයක වාසය කරන මිනිසුන්ගෙන් තොරතුරු රැස්
කර ගැනීම සඳහා යොදා ගනු ලබන පර්යේෂණ විධි ක‍්‍රමයකි.


සමීක්ෂණ නිර්වචන

මාර්ක් ඒබ‍්‍රහම් ^Mark Abraham&
‘‘ප‍්‍රජාවක ක‍්‍රියාකාරකම් හා ඒවා නිර්මාණය වී ඇති ආකාරය පිළිබඳ ව සමාජ විද්‍යාත්මක
ආකල්ප ඔස්සේ විමසා බැලීමේ දී යොදා ගන්නා ප‍්‍රමාණාත්මක දත්ත එකතු කිරීමේ
ක‍්‍රියාවලිය යි.’’ 

මෝර්ස් ^Herman N. Morse)
‘‘සමාජ තත්ත්වයක් හෝ සමාජ ප‍්‍රශ්නයක් ක‍්‍රමවත් ව හා විධිමත් ව විග‍්‍රහ කිරීමේ ක‍්‍රමය යි.’’
හර්මන් එන්. 

සමීක්ෂණ පැවැත්වීමේ අරමුණු

x ගැටලූවක් හෝ සංසිද්ධියක් පිළිබඳ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ඔස්සේ සොයා බැලීම සඳහා
කරන පර්යේෂණ  ක‍්‍රියාවලියක දී ඊට අදාළ දතත ් දායකයන්ගෙන් ඍජු ව ම තොරතුරු
ඒකරාශී කර ගැනම සඳහා  භාවිත කරන උපාය මාර්ගයක් ලෙස ද සමීක්‍ෂණ හඳුනා ගත හැකි ය.

x සමීක්‍ෂණයක් ම`ගින් පුදගලයා ගේ පෞද්ගලක ිතොරතුරු, අදහස් මතවාද, යොජනා,  ක‍්‍රියාකාරකම්,
හැසරී ම්, ආකල්ප යනාදිය පිළිබඳ තොරතුරු (දත්ත* ලබා ගත හැකි ය.

x සමීක්ෂණ ක‍්‍රියාවලියක දී සිදු වන්නේ ප්‍රාථමික දත්ත ඒකරාශි කිරීමයි.

x සමකාලීන ගැටලූවක් පිළිබඳ විද්‍යාත්මක ක‍්‍රමවේදයක් ඔස්සේ දත්ත ඒකරාශී කිරීම
සමීක්ෂණයකින් සිදු වේ

සමීක්ෂණ ක‍්‍රම (වර්ග)
x සමීක්ෂණ ක‍්‍රම පැහැදිලි කරන මූලික සමීක්ෂණ වර්ග 2ක් මෙහි දී සාකච්ඡුා කෙරේ.

1. විස්තරාත්මක සමීක්ෂණ ^Descriptive Survey&

2. විග‍්‍රහාත්මක සමීක්ෂණ ^Analytical Survey)


1. විස්තරාත්මක සමීක්ෂණ ^Descriptive Survey&



x කිසියම් ගැටලූවක් පිළිබඳ විවිධ මානවලින් තොරතුරු ඒකරාශී කිරීම යන්න විස්තරාත්මක
සමීක්ෂණය යන්නෙහි මූලික අදහස යි.

x මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දී සමකාලීන මාධ්‍ය හැසිරීම, මාධ්‍ය ආයතන, වැඩසටහන් සහ වෙනත්
මාධ්‍ය ක‍්‍රියාකාරකම් සම්බන්ධ විස්තරාත්මක සමීක්ෂණ සිදු කළ හැකි ය.

 උදාහරණ ලෙස පරිසරය සම්බන්ධ මාධ්‍ය වැඩසටහනක් සඳහා තොරතුරු ඒකරාශී කිරීම හෝ
පාසල පිළිබඳ රූපවාහිනී වැඩසටහනක් සඳහා කරුණු තොරතුරු රැස් කිරීම කළ හැකි ය.

x එසේ ම රූපවාහිනියේ කිසියම් කාල සීමාවක් ඇතුළත ප‍්‍රචාරය කරන ලද වෙළෙඳ දැන්වීම්
පිළිබඳ ප‍්‍රමාණය, වර්ගය, තත්ත්වය, කාලය යනාදිය පිළිබඳ සමීක්ෂණයක් ම`ගින් දත්ත
රැස් කළ හැකි ය.

x විස්තරාත්මක සමීක්ෂණයකින් ලබා ගන්නා දත්ත මගින් සිද්ධිය හෝ බලපෑම පිළිබඳ ව
ගැඹුරු අවධානයක් යොමු නො කෙරේ.

ගුණාත්මක හා ප‍්‍රමාණාත්මක තොරතුරු මේ සමීක්ෂණ මගින්රැස් කෙරේ.

2. විග‍්‍රහාත්මක සමීක්ෂණ ^Analytical Survey)


x සන්නිවේදනය හා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ දී විග‍්‍රහාත්මක සමීක්ෂණයක් මගින් සිදු කෙරෙන්නේ
කිසියම් ගැටලූවක් හෝ අවස්ථාවක් හෝ වැඩසටහනක් හෝ පිළිබඳ ව විද්‍යාත්මක
ප‍්‍රවේශයකින් සොයා ගනු ලබන දත්ත අදාළ සමීක්ෂණයේ අරමුණුවලට යටත් ව විග‍්‍රහාත්මක
ව විමසා බැලීම යි.

x මෙහි දී ගැටලූවක් විවිධ මානවලින් විශ්ලේෂණය කෙරේ.
- දුරකථනය
- තැපෑල හා විද්‍යුත් තැපෑල
- අන්තර්ජාලය


x උදාහරණ ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප‍්‍රචලිත වන තොරතුරු මගින් සිදු වන සමාජ බලපෑම
කෙබඳු ද? වෙළෙඳ ප‍්‍රචාරණ දැන්වීමක් විසින් භාණ්ඩයක් මිල දී ගැනීම කෙරෙහි ග‍්‍රාහකයා
වෙත කරනු ලබන බලපෑම කෙබඳු ද? වැනි ගැටලූ පිළිබඳ විග‍්‍රහාත්මක සමීක්ෂණ ම`ගින්
විමසා බැලිය හැකි ය.



සමීක්‍ෂණ භාවිතයේ වාසි හා අවාසි වාසි

වාසි
x කෙටි කාලයක දී ප‍්‍රශ්නාවලිය සඳහා දත්ත රැස් කර ගැනීමේ හැකියාව ඇති බැවින් ඒ
සඳහා දැරීමට සිදු වන්නේ සාපේක්ෂ වශයෙන් අඩු වියදමකි.

x දුරකථනය, අඅන්තර්ජාලය, තැපෑල වැනි ක‍්‍රම භාවිත කරමින් සමීක්‍ෂණ  දුරසථ ව ් මෙහෙයවීමේ
හැකියාව පවතින අතර දත්ත   දායකයා වෙත ළගා වීමේ දී ඇති විය හැකි දුෂ්කරතා එම`ගින්
අවම කර ගත හැකි ය.

xදත්ත දායකයන් විශාල ප‍්‍රමාණයකින් වව ද තොරතුරු රැස් කර ගැනීමේ හැකියාව පවතී.

x මෘදුකාංග භාවිතයෙන් තොර ව මෙන් ම මෘදුකාංග භාවිත කරමින් ද සමීක්‍ෂණ දත්ත රැුස් කිරීම
හා විශ්ලේෂණය කිරීම සිදු කළ හැකි ය.

x මාර්ගගත ^Online&   සමීක්‍ෂණ  සඳහා විශෙෂ මෘදුකාංග හා යෙදවම් (app)
නර්මාණය කර ඇති අතර ක්ෂණික ව දත්ත රැස් කිරීමටත් විශ්ලේෂණය කිරීමටත් එම`ගින්
අවසථාව සැලසේ.

x විශාල දත්ත සංඛ්‍යාවක් විශ්ලෙෂණය  කිරීමේ දී මෘදුකාංග භාවිතයෙන් ඒවායෙහි වලංගු
භාවය, විවිශ්වාසනීයතත්වය, සංඛ්‍යාන විද්‍යාතමක නිරවද්‍යතාවය ආරකෂා ් කර ගනමි ි න් විවිධ විචල්‍ය
අතර සහසම්බන්ධතාව පරීක්‍ෂා කර බැලීමේ හැකියාව ඇත.

x ආකල්ප, මතවාද, විශ්වාස, චර්යා රටා, සිදුවීම් හා වටිනාකම් යනාදිය පිළිබඳ පුළුල් පරාසයක
පවතනා ් තොරතුරු එක් වර රැස් කර ගැනීමේ හැකියාව පවතී.

x නිවැරදි ප‍්‍රමිතියට අනුව සමීක්ෂණය  කිරීමෙන් දෝෂ අවම කර ගත හැකි ය.

අවාසි
x නිවැරදි සත්‍ය තොරතුරු අවංක භාවයෙන් යුත්තව ලබා දීම සඳහා දතත ් දායකයන්
උනන්දු නොවීමට ඉඩ ඇත.

x ඇතැම් තොරතුරු හෙළි කිරීමෙන් තමාට අවාසිදායක තත්ත්වයක් ඇති
වෙති යි පවත්නා සැකය මත සත්‍ය හෙළි නොකිරීමට දත්ත දායකයන් කටයත ු ු කළ හැකි ය.

x තොරතුරු ලබා දීමේ දී අපක්ෂපාත බව ආරක්ෂා කරගැනීමට දත්ත දායකයා අපොහොසත්
විය හැකි ය.

x ඇතැම් ප‍්‍රශන සඳහා පිළිතුරු ලබා දීමේ දී මතකය අඩු කම හෝ නොමැති කම නසා අසත්‍යය
තොරතුරු ලබා දිය හැකි ය.
x දත්ත දායකයා පිළිතුරු සපයන මොහොතේ සිටින මානසික මට්ටම ලබා දෙන පිළිතුරෙහි
ගුණාත්මකභාවය කෙරෙහි බලපායි
x ප්‍රශ්නාවලියේඇතැම් ප‍්‍රශන  ගැනීමේ දී ඇති වන දෝෂ හේතුවෙන් ලබා දෙන පිළිතුර
විකෘත විය හැකි ය.
x සමීක්ෂණයක් `ගින් අතීත තත්ත්ව පිළිබඳ දත්ත එක් රැස් කර ගත නොහැකි ය.
උදා:- ආරම්භක අවධියේ ලංකාවේ පුවත්පත්වල පාඨකත්වය පිළිබඳ දත්ත රැස් කිරීම
x සංකීර්ණ ගැටලූ සම්බන්ධයෙන් පුද්ගල චර්යා, අදහස් හා ආකල්ප පිළිබඳ මිනුම් කළ නොහැකි
වේ.
x සමීක්ෂණයක දී ප‍්‍රශ්නාවලියක් මගින් දත්ත රැස් කරන විට  විස්තරාත්මක ව ගැඹුරු
පිළිතුරු ලබා ගත නොහැකි වේ

Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 

1 comment:

Thank you. To your encouragement. Stay tuned.

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...