Wednesday, March 2, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) සන්නිවේදන ප‍්‍රතිපත්ති හා මාධ්‍ය නියාමනය Communication Policy and Media Regulation සන්නිවේදන ප්‍රතිපත්ති Communication policies

                     සන්නිවේදන ප්‍රතිපත්ති Communication policies



සන්නිවේදන ප‍්‍රතිපත්ති හැදෑරීමේ මුඛ්‍ය අරමුණු 
  •  අන්තර්ගතය පිළිබඳ අවබෝධය
  •  මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය පිළිබද අවධානය
  • තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය  පිළිබද අවධානය
  •  මාධ්‍ය සම්බන්ධතා අධිකාරීන් හා බැඳි සම්බන්ධතා  පිළිබද අවධානය 

  •  අන්තර්ගතය පිළිබඳ අවබෝධය
සන්නිවේදන ප්‍රතිපත්ති ලෙස හදුන්වන අණ පණත්, රෙගුලාසී, අාචාරධර්ම , බලපත්‍ර , ගිිවිසුම් අාදී සියල්ල තුළ අන්තර්ගතය පිළිබද අවධානය  යොමු කළ යුත්තේ  නෙෙතිමය වශයෙන් පනව අැති සීමා, අයිතිවාසිකම් පිළිබද හදුනා ගැනීමටය. මාධ්‍ය භාවිතයේදී , නිර්මාණකරණයේදී, භාෂණයේදී ඒක් ඒක් මාධ්‍යන් හා අවස්ථාවන් අනුව පවතින  නෙෙතිකමය සීමා හා අයිතිවාසිකම් නියමාකාරයෙන් භාවිතා කිරීමේ දැනුම පුරවැසියන්ට හා මාධ්‍යයන්ට ලැබෙයි.

  •  මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය පිළිබද අවධානය
මාධ්‍ය කර්මාණ්තයේදී හිමිකාරීත්වය රාජ්‍ය  හෝ පෞද්ගලික යන අාකාරයනගෙන් මුලික වශයෙන් ක්‍රීයාත්මකය. මාධ්‍ය අාරම්භ කිරීමට හා පවත්වා ගැනීමට බලය පවරණ බල පත්‍ර, බදු ප්‍රතිපත්ති, ගිවිසුම්, අාචාරධර්ම , සංඛ්‍යාත සීම අාදිය හිමිකාරී සාධකය මත ක්‍රියාත්මක  වේ. මාධය ක්‍රයිත්මක වන්ෙන් හිමිකරුවාගේ දෘෂ්ටියට අනුවය.  මාධ්‍ය  හිමිකරුවා රට පලනය කරන අාණ්ඩුවට පක්ෂ නම් ඒම මාධය අායතනයට  විශේෂ වරප්‍රසාද හිමිය. ඒබැවින් යම් සීමා කිරීම් ලිහිල් කරන අවස්ථාද පවතින බව දැකගත හැකිය. නමුත් ඒසේ කිරීමට අවශ්‍යය අාකාරයෙන් නීති රීති සකසා නැතත්  තත්ත්කාලීන සමාජ  දේශපාලනික ව්‍යුහය මගින් ඒය පාලනය කරන අවස්ථා අැත.
  • තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය  පිළිබද අවධානය
සන්නිවේදන ක්ෂේත්‍රයෙදී මාධ්‍ය අායතනවලය  නව තාක්ෂණික උපකරණ , සම්පේෂණ සීමා පුළුල් කීරීම, ඩිජිටල් තාක්ෂණික උපකරණ ගෙන්වීම, අානයනික ටෙලි නාට්‍ය ෙවනුෙවන් නව බදු ප්‍රතිපත්තියක් අනුගමනය අාදීය දැක්විය හැකියි.  2015න් පසු මෙරට මාධය අායතනවල සම්පේශනයන් ඩිජිටල් කරණයට, සිනමා ශාලා ඩිජිටල්කරණයට ලක් කරන ලදී . රාජ්‍ය ප්‍රතිප්ති මගින් බදු නිදහස් කිරීම, ව්‍යාපාරික ණය ලබාදීම අාදිය සිදු කරමින් කර්මාණ්තයේ තාක්ෂණික හා යටිතල පහසුකම් නවීකරණය කරන ලදී.
  •  මාධ්‍ය සම්බන්ධතා අධිකාරීන් හා බැඳි සම්බන්ධතා  පිළිබද අවධානය 
සන්නිවේදන ප්‍රතිපත්ති මගින් මාධ්‍ය න්‍යාමනයන්ට අායතනවලට බලය පැවරීම, මාධ්‍ය හා අනෙකුත් පාර්වශ අතර සම්බන්ධතා කළමනාකරණ කීරීමට ප්‍රතිපත්ති හදුන්වාදීම, නිදහස් මාධ්‍ය සංස්කෘතියක්  ගොඩනැගීමට අවශ්‍යය පරිසරය නිර්මාණට අාදිය දැක්විය හැකිය.


I. සමාජ විමර්ශනයේ දී සන්නිවේදන ප‍්‍රතිපත්තිවලට බලපාන හෝ මග හැරිය නොහැකි
හෝ වැළැක්විය නොහැකි වෙනත් සමාජ සාධක රැසක් ද දැක ගත හැකි ය. (උදා :- වර්ණ භේද වාදය,
වාර්ගිකත්වය වැනි සමාජීය හා සංස්කෘතිමය සාධක දැක්විය හැකිිය.  සන්නිවේදන ප‍්‍රතිපත්ති රටාව සකස් කරනු ලබන්නේ තත්සමාජයේ පවත්නා සම්මත දේශපාලනික හා සමාජීය තත්ත්වයට අනුකූල ව ය


  • 1927 දී බී. බී. සී. ආයතනය පිළිබඳ බි‍්‍රතාන්‍ය රාජකීය ප‍්‍රඥප්තිය (Royal Charter)
  • 1934 අමෙරිකා එක්සත් ජනපදයේ සන්නිවේදන පනත (Communications Act)
  • සන්නිවේදන ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා පවත්වන ලද ප‍්‍රථම සම්මන්ත‍්‍රණය 1976
  • 1970 මැක්බ‍්‍රයිඞ්  කොමිසම
  • 1964 දී විල්බර් ශ‍්‍රාම් ජාතීන් අතර ප‍්‍රවෘත්ති ගලනය 
  • 1969 දී හර්බට් ශෙලර් (Herbert Schiller)  ගුවන්විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන්ධ අධ්‍යයනය
  • යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ .  ' Many Voices One World 



1927 දී බී. බී. සී. ආයතනය පිළිබඳ බි‍්‍රතාන්‍ය රාජකීය ප‍්‍රඥප්තිය (Royal Charter)


1927 දී බී. බී. සී. ආයතනය පිළිබඳ බි‍්‍රතාන්‍ය රාජකීය ප‍්‍රඥප්තිය (Royal Charter) මඟින් මහා බි‍්‍රතාන්‍යය සහ යටත්විජිතවල ගුවන්විදුලි මාධ්‍ය හැසිරවීම පිළිබඳ ප‍්‍රතිපත්ති හඳුන්වා දී තිබේ. මෙහි පදනම වූයේ මහජන සේවා  (Public Service)  ගුවන්විදුලි සංකල්පය ස්ථාපිත කිරීම යි. පසුකාලීන ව මේ ප‍්‍රතිපත්ති රූපවාහිනී කෙරෙහි ද ආදේශ කරනු ලැබී ය.


1934 අමෙරිකා එක්සත් ජනපදයේ සන්නිවේදන පනත (Communications Act)

1934 අමෙරිකා එක්සත් ජනපදයේ සම්මත කරන ලද සන්නිවේදන පනත (Communications Actමඟින් අමෙරිකාවේ ගුවන්විදුලිය, රූපවාහිනිය, විදුලි සන්දේශ හා විදේශ සන්නිවේදනය සඳහා පෙඩරල් සන්නිවේදන කොමිශන් සභාව  Federal Communications Commission (FCC)  ඇති කරනු ලැබී ය. එය ජනමාධ්‍ය ආයතන අතර තාක්ෂණික ගැටලූ නියාමනය කිරීම සඳහා කටයුතු කර තිබේ.







සන්නිවේදන ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා පවත්වන ලද ප‍්‍රථම සම්මන්ත‍්‍රණය 1976

සන්නිවේදන ප‍්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා පවත්වන ලද ප‍්‍රථම සම්මන්ත‍්‍රණය 1976 කොස්තාරිකාවේ සැන්ජෝස්හි දී පවත්වනු ලැබී ය. නව ජාතික හා ජාත්‍යන්තර සන්නිවේදන මණ්ඩලයක් පිහිටුවා ගැනීම කෙරෙහි එහි දී අවධානය යොමු විය. සැම රටක ම ජාතික විඥානයට අමතර ව අන්තර්ජාතික සම්බන්ධතා තහවුරු කරන ආකාරයෙන් සන්නිවේදන ප‍්‍රතිපත්ති සකස් කර ගත යුතු බව දක්වන ලදි. එතැන් පටන් රටවල් තම සන්නිවේදන ප‍්‍රතිපත්ති මාලාව විධිමත් කිරීමේ කාර්යය ආරම්භ කළේ ය



1970 මැක්බ‍්‍රයිඞ්  කොමිසම

1970 දශකයේ අගභාගයේ දී නොබෙල් සාම ත්‍යාගලාභී ශෝන් මැක්බ‍්‍රයිඞ්ගේ  (Sean Mcbride) සහභාගිත්වයෙන්යු නෙස්කෝ සංවිධානය විසින් ගෝලීය මාධ්‍ය නිරූපණය වඩාත් සාධාරණීකරණය කිරීමට මැක්බ‍්‍රයිඞ් කොමිසම ආරම්භ කරන ලදි.






1964 දී විල්බර් ශ‍්‍රාම් ජාතීන් අතර ප‍්‍රවෘත්ති ගලනය 



ගෝලීය සන්නිවේදන අසමතුලිතතා සම්බන්ධ මූලික ගැටලූ එවක සන්නිවේදන විශාරදයන්ගේ අවධානයට යොමු විය. 1964 දී විල්බර් ශ‍්‍රාම් ජාතීන් අතර ප‍්‍රවෘත්ති ගලනය පිළිබඳ අදහස් දක්වමින් සංවර්ධනය වෙමින් පවතින රටවල ප‍්‍රවෘත්ති අඩු අවධානයක් හා යථාර්ථය විකෘති කිරීමක් කරන බව ප‍්‍රකාශ කරයි.


1969 දී හර්බට් ශෙලර් (Herbert Schiller)  ගුවන්විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන්  අධ්‍යයනය

1969 දී හර්බට් ශෙලර් (Herbert Schiller)  ගුවන්විදුලි සංඛ්‍යාත වෙනස් කිරීම සම්බන්ධයෙන්
අධ්‍යයනය කොට  චන්ද්‍රිකා සම්බන්ධතා මත යුද්ධමය අවශ්‍යතා සඳහා වැඩි වශයෙන් යොදවන බව
පෙන්වා දෙන ලදි. මේ අදහස් 1970 දශකයේ දී නොබැඳි ජාතීන්ගේ සමුළුව හා යුනෙස්කෝ සංවිධානයේ
සාකච්ඡුාවට භාජනය විය. මෙය නොබැඳි රටවල් අතර ප‍්‍රවෘත්ති හුවමාරු ක‍්‍රමවේද ගොඩනැ`ගීමට ද හේතු
විය.


යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ .  ' Many Voices One World 


යුනෙස්කෝ සංවිධානය විසින් නිකුත් කරනු ලැබූ .  ' Many Voices One World  නම් මැක්බ‍්‍රයිඞ් වාර්තාව
දක්වන ආකාරයට රටක සන්නිවේදන ප‍්‍රතිපත්ති සකස් විය යුත්තේ අසමානතා දුරු කිරීමට යි. එසේ නො
වුව හොත් සුළුතරයකගේ වුව ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව අදහස් ප‍්‍රකාශ කිරීමට ඇති අවස්ථාව අහිමි කළ හොත්
වෙනත් ආකාරයකට ඒ පීඩනය පුපුරා යාමට හැකි ය.

යුනෙස්කෝ සංවිධානය පෙන්වා දෙන්නේ  ඕනෑ ම පුද්ගලයෙකුට යහපත් ජීවිතයක් ගත කිරීමේ අයිතියක්
ඇත. ඒ සඳහා ජාතික හා අන්තර්ජාතික වශයෙන් පිළිගනු ලබන සන්නිවේදන ප‍්‍රතිපත්ති මාලාවක් සකස්
කළ යුතු ය. එයින් සමාජ දුරස්ථභාවය අවම කරයි; සාමය සහ සමානාත්මතාව ඇති කරනු ලබයි. මේ අනුව
සැම පුද්ගලයෙකුගේ ම ආත්ම ශක්තිය සලසා ලන සන්නිවේදන ප‍්‍රතිපත්ති මාලාවක් තිබිය යුතු ය. පුද්ගල
ජීවිතයේ සැම අංශුවක් හා සම`ග ම සන්නිවේදනය බැඳී පවතින බැවින් සන්නිවේදන පරතරය තුරන් කිරීම
හෝ අවම කිරීම සඳහා රටක සන්නිවේදන ප‍්‍රතිපත්ති සකස් කළ යුතු වේ.



රටක මාධ්‍ය ප‍්‍රතිපත්තිය සකස් වන්නේ පුළුල් වශයෙන් සන්නිවේදන ප‍්‍රතිපත්ති ඇසුරෙනි. මාධ්‍ය ප‍්‍රතිපත්ති
කිසියම් රටක මහජනතාවගේ පොදු ශුභසිද්ධිය සලසා දීම සඳහා සම්පාදනය කරනු ලබයි.

මාධ්‍ය ප‍්‍රතිපත්තිවල අන්තර්ගත 
1. මාධ්‍ය කර්මාන්තයේ හිමිකාරිත්වය
2 .තාක්ෂණික යටිතල පහසුකම් හා තාක්ෂණික සංවර්ධනය
3 .මහජනතාව සම`ග මාධ්‍ය සම්බන්ධතාව
4 . මාධ්‍ය අධිකාරීන් හා වෙළෙඳ පොළ නියාමනය සම්බන්ධ ව යි.

මාධ්‍ය ප‍්‍රතිපත්ති වැදගත් බව.
1. නිරවද්‍යතාව අපක්ෂපාතිත්වය සහ සාධාරණත්වය පිළිබඳ මූලධර්මවලට ගරු කිරීමට
2. ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ අවබෝධය සහ මානුෂීය ප‍්‍රජා අතර සම්බන්ධතාව ප‍්‍රවර්ධනය කිරීමට
සහ ප‍්‍රකාශ කිරීමේ නිදහස සහතික කිරීම මඟින් විවිධ සංස්කෘති හා ප‍්‍රජා අතර සමඟිය
ප‍්‍රවර්ධනය කිරීමට
3. සියලූ ම මාධ්‍ය ආයතනවල කාර්යභාරය ස්වාධීන කිරීම මඟින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය කිරීම
4. ආචාර ධර්ම හා සදාචාරාත්මක මාධ්‍යවේදී පිළිවෙත් ප‍්‍රවර්ධනය කිරීම සහ ස්වාධීන යන්ත‍්‍රණය
නිර්මාණය කිරීමෙන් මාධ්‍ය ක්ෂේත‍්‍රයේ විනිවිද භාවය ප‍්‍රවර්ධනය කිරීම පිණිස ය.


මාධ්‍ය ප‍්‍රතිපත්ති

  1. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය
  2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව
  3. මාධ්‍ය නිදහස 
  4. 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත
  5.  2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත (Right to Information Act - RIT)


මාධ්‍ය ප‍්‍රතිපත්ති සකස් කිරීමේ දී මූලික අංගයක් වන්නේ රටක පාලන රාමුව යි. ප‍්‍රජාතාන්ත‍්‍රික රාජ්‍ය
රාමුව මාධ්‍ය ප‍්‍රතිපත්ති සැකසීමේ දී ජනතා හිතවාදී ස්වරූපයක් ගනියි. මාධ්‍ය ප‍්‍රතිපත්ති සාමාන්‍යයෙන්
රජයක් විසින් නිර්මාණය කරනු ලැබුව ද යුරෝපා සංගමය හෝ ජාත්‍යන්තර වෙළෙඳ සංගමය හෝ තම
ආයතනයෙහි ක‍්‍රියාත්මක කිරීම සඳහා මාධ්‍ය ආයතන විසින් ම මාධ්‍ය ප‍්‍රතිපත්ති නිර්මාණය කර ගත හැකි
ය. මේ සඳහා මාධ්‍ය හෝ සන්නිවේදන හිමිකම පිළිබඳ පිළිගත් ප‍්‍රකාශනඉවහල් කර ගනු ලබයි. ඒ අතර
මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශය, රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ‘භාෂණයේ හා ප‍්‍රකාශනයේ
අයිතිය’ වැනි වගන්ති මූලික වේ.

1. මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය

මානව හිමිකම් පිළිබඳ අවධානය දිගු කාලීන ව විකාශය වූවකි. සැම පුද්ගලයෙකුට ම සිය ආගම
තෝරා ගැනීම වාර්ගික සමානතාව ස්ථාපිත කිරීම සඳහා ජනයාට අයිතියක් ඇතැ යි යන අදහස කෙරෙහි අවධානය යොමු වී පැවතිණි. පසු කාලීන ව උපත, දේපළ, ජාතික සමාජ සම්භවය,
ජාතිය වර්ණය, ස්ත‍්‍රී පුරුෂ භාවය හා ආගම වැනි සාධක මඟින් සමානතාව අහිමි වන බව සාකච්ඡාවට භාජනය වී තිබිණි.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය  (Universal Declaration of Human Rights - UDHR)
 යනු මානව හිමිකම් ඉතිහාසයේ සන්ධිස්ථානයකි. ලෝකය පුරා සැම ප‍්‍රදේශයක ම විවිධ නෛතික හා
සංස්කෘතික පසුබිම්වල නියෝජිතයන් විසින් සකස් කරන ලද මේ ප‍්‍රකාශනය එළි දක්වන ලද්දේ
1948 දෙසැම්බර් 10 දින පැරීසියේ පවත්වන ලද එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසිනි. ඒ අනුව සැම වසරක ම දෙසැම්බර් 10 දින විශ්ව මානව හිමිකම් දිනය ලෙස නම් කර තිබේ.

 මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය දෙවන ලෝක යුද්ධයේ අද්දැකීම්වල ප‍්‍රතිඵලයක් විය. එය
විසින් වර්තමානයේ ලෝකයේ බොහෝ රටවල මූලික අයිතිවාසිකම් සඳහා පදනම සකස් කරනු
ලැබී ය.

මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය ආරම්භ වන්නේ මිනිස් සමාජයේ සියලූ සාමාජිකයන්ට
නෛසර්ගික ගෞරවය නිදහස හා යුක්තිය සමාජ පදනම බව පිළගනිමිනි. එම`ගින් ප‍්‍රකාශ වන්නේ
මානව අයිතිවාසිකම් විශ්ව සම්මුතියක් බවත් කවුරුන් කොතැනක ජීවත් වුවත් සියල්ලන් විසින්
භුක්ති විඳිය හැකි විය යුතු බවත් ය.

 විශ්ව ප‍්‍රකාශනයේ සිවිල් හා දේශපාලනික අයිතිවාසිකම්වලට ජීවත් වීමේ අයිතිය, නිදහස,
නිදහස් භාෂණය හා පෞද්ගලිකත්වය වැනි දේ ඇතුළත් වේ. සන්නිවේදනය සම්බන්ධයෙන්
ප‍්‍රධාන වශයෙන් අදාළ වන්නේ මෙහි 19 වන වගන්තිය යි. විශ්වීය ප‍්‍රකාශය ගිවිසුමක් නොවන
බැවින් රටවල් සඳහා ඍජු නෛතික බැඳීමක් නොමැත.


මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනය - 19 වන වගන්තිය 

 ”තම මතය දැරීමේ හා ප‍්‍රකාශ කිරීමේ නිදහසට අයිතියක් සෑම කෙනෙකුට ම
ඇත. බාධා කිරීම්වලින් තොර ව මතිමතාන්තර දැරීමේත්, සීමා මායිම් නො සළකා කවර හෝ
මාධ්‍යක් මගින් තොරතුරු හා අදහස් සෙවීමේ, ලබා ගැනීමේ හා බෙදා හැරීමේ නිදහස මේ
අයිතියට ඇතුළත් ය.” (පුවත්පත් කලා සමීක්ෂා ii පිටුව 95)


2. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව
රටක ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව යනු සමකාලීන නීතියේ විධිවිධාන හා බැඳි රටක පාලනයට සම්බන්ධ
නෛතික වූ නීතිරීති පද්ධතියකි.

 1978 ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රික සමාජවාදී ජනරජ ව්‍යවස්ථාව අනුව III වන පරිච්ජේදෙය් 10 වැනි
වගන්තියේ සිට 14 වැනි වගන්තිය දක්වා මූලික අයිතිවාසිකම් වේ.

x 14 (1) (අ) භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහස අයත් ය. සැම
පුරවැසියෙකුට ම අඅැත.

 (අ) භාෂණයේ නිදහසට සහ ප‍්‍රකාශනය ඇතුළු අදහස් පළ කිරීමේ නිදහසට හිමිකම ඇත්තේ ය.
මේ නිදහස ආණ්ඩු ක‍්‍රම ව්‍යස්ථාවේ යම් පමණකට සීමා කිරීමට ලක් කර ඇත. ඒ බව 15 (1)  සහ 15
(2) වගන්තිවලින් දක්වා ඇත.


15 (1) 13 වන ව්‍යවස්ථාවේ (5) වන සහ (6)  වන අනුව්‍යවස්ථාවලින් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති
මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද ක‍්‍රියාත්මක විය හැක්කේ ද රාජ්‍ය ආරක්ෂාව තහවුරු
කිරීම පිණිස නීතියෙන් නියම කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට පමණක් යටත් ව ය. මේ අනුව්‍යවස්ථාවේ
කාර්ය සඳහා ”නීතිය” යන්නට මහජන ආරක්ෂාව පිළිබඳ තත් කාලයේ අදාළ වන නීතිය යටතේ සාදන
ලද නියෝග ද ඇතුළත් වන්නේ ය.

15 (7) 12 වන ව්‍යවස්ථාවෙන්, 13 වන ව්‍යවස්ථාවේ (1) වන හා (2) වන අනුව්‍යවස්ථාවලින් සහ 14 වන
ව්‍යවස්ථාවෙන් ප‍්‍රකාශ කොට පිළිගෙන ඇති සියලූ ම මූලික අයිතිවාසිකම් භුක්ති විඳිය හැක්කේ ද
ක‍්‍රියාත්මක විය හැක්කේ ද රාජ්‍ය ආරක්ෂාව ද රටේ යථා පැවැත්ම ද තහවුරු කිරීම පිණිසත්, මහජන
සෞඛ්‍ය හෝ සදාචාරය ආරක්ෂා කිරීම පිණිසත්, අන්‍යයන්ගේ අයිතිවාසිකම් හා නන් වැදෑරුම් නිදහස
නිසි පරිදි පිළිගන්නා බවට සහ ඊට නිසි පරිදි ගරු කරන බවට වගබලා ගැනීම පිණිසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදි
සමාජයක පොදු ශුභ සාධනය සඳහා යුක්තිසහගත ව අවශ්‍ය දෑ සපුරා ලීම පිණිසත් නීතියෙන් නියම
කරනු ලැබිය හැකි සීමා කිරීම්වලට යටත් ව ය. මේ අනුව්‍යාවස්ථාවේ කාර්ය සඳහා ”නීතිය” යන්නට
මහජන ආරක්ෂාව පිළිබඳ ව තත්කාලයේ ආදාළ වන නීතිය යටතේ සාදන ලද නියෝග ද ඇතුළත්
වන්නේ ය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් තොරතුරු අයිතිය ද මූලික අයිතිවාසිකමක් ලෙස තහවුරු විය.

3. මාධ්‍ය නිදහස

මාධ්‍ය නිදහස යනු සිය පුරවැසයන්ට සහ ඔවුන්ගෙ සමාගම් වලට මෙන්ම ප‍්‍රවෘත්ති වාර්තා කරුවන්ට සහ ඔවුන්ගේ ප‍්‍රකාශනවලට නිදහසේ අදහස් ප‍්‍රකාශ කිරීමට රජයදී ඇත ඇපය ය. ප‍්‍රවෘත්ති එකතු කිරීම සහ ජනතාව අතර බෙදා හැරීමට සහ තොරතුරු ලබාගැනිමට දමේ මෙය අදාල වේ. බොහෝ රටවල මෙය ආරක්ෂාව සදහා ව්‍යවස්ථානු කූල හෝ නිතියට ප‍්‍රතප‍්‍රධාන පවති.


රාජ්‍ය තොරතුරු ලබාගැනිමේ දී තොරතුරු වර්ගිකරනයක් පවති සංවේදී ,වර්ගිකෘත්‍ත,රහසිගත හෝ ජාතික අභිලාශය සදහා අවශ්‍යෂ වශයෙන් තොරතුරු වර්ග කෙරේ. මේවායෙන් කුමක් අනාවරනය කර යුතුද යන්න රජය තිර නදය කරයි. බෝහෝ රටවල ජාතික අභලාශයේ සිමාවන් නිර්වචනනය සදහා මාධ්‍ය නිදහස පිළිබ නිත යොදා ගැනේ.

රජයේ නිදහස් මහජන මාධ්‍යයක් මගින් එහි පුද්ගලයින් සහ ඔවුනගේ සංගම්, ප‍්‍රවෘත්ති එක්සත් කිරිමේ සංවිධාන (ජනමාධ්‍යකරුවන්* සහ ඔවුන් නිකුත් කරන වාර්තාවලට සහතික විය යුතු වේ. එය ප‍්‍රවෘත්ති එක් රැුස් කිරීම යන මහජනතවට බෙදාහැරීම සඳහා තොරතරු ලබාගැනිමේ ක‍්‍රියාවලිය දක්වා පැතිර යන යුතුය. බොහෝ රටවල මාධ්‍ය නිදහස පවත්වා ගැනීම සඳහා ව්‍යවස්ථානුකූල හෝ ව්‍යවස්ථාපිත ආරක්ෂණ යොදා ගනී.

රජයේ තොරතුරු වලට අනුබද්ධයෙන්, තොරතුරු වර්ගීකරණයට අනුව සංවේදි, වර්ගකල හෝ රහස් සහ මහජන කර්මාන්ත අනුව ආරක්ෂා කළ යුතු දේ රජය ‍වෙන්කර හඳුනාගෙන මහජනයාට ලබාදිමට හෝ ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතුයි.

පුද්ගල නිදහසේ දිගුවක් ලෙස පුවත්පත් නිදහසත්, එහි දිගුවක් ලෙස මාධ්‍ය නිදහසත් ප‍්‍රචලිත විය. ඉන්අ දහස් කෙරුණේ විද්‍යුත් වූ හෝ මුද්‍රිත වු හෝ අන්‍ය මාදිලියක මාධ්‍යයකින් හෝ සන්දේශ විසරණය
කිරීමෙහි ලා ”ප‍්‍රකාශනයේ නිදහස” අතවශ්‍ය වන බව යි. මාධ්‍ය නිදහසට බාධක වයෙන් පැමිණෙන දේශපාලන, සමාජ හා නෛතික සාධක කවරේ ද යන්න
සංවාදයට බඳුන් විය.

ප‍්‍රකාශන නිදහස
විධිමත් ලෙස ප‍්‍රකාශන නිදහස යන්න මුල් වරට ඉදිරිපත් වූයේ 1948 දෙසැම්බර් 10 වන දා මානව
හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයෙන් ඉදිරිපත් විය.

රටක පවතින නෛතික ව්‍යූහය අනුව යම් යම් අවස්ථාවල දී මාධ්‍ය නිදහස අභියෝයට පත් වුව ද
මෙයට පදනම් වන සිද්ධාන්ත අභියෝගයට ලක් කිරීම දුෂ්කර ය.

 මාධ්‍ය නිදහස ම`ගින් අත්පත් වන ප‍්‍රධානතම කාර්යයක් ලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදි සමාජවල සලකනු
ලබන්නේ ග‍්‍රාහකයා වෙත සමීප වන තොරතුරු එකිනෙක ගෙන වාද විවාදවලට ලක් කොට එක`ග
බව හෝ විරුද්ධතාව ප‍්‍රකාශ කිරීමට හැකියාව ලැබීම යි. එම`ගින් විවිධාකාර මත පළ වීමත් එක`ග වීම
සහ එක`ග නොවීම යන ක‍්‍රියාදාම බහුල වීමත් දැක ගත හැකි ය. මෙම`ගින් ග‍්‍රාහක දැනුම්වත් බව
ප‍්‍රබලත්වයට පත් වීම වැළැක්විය නොහැකි ය.

තමන් අභිමත දේ පමණක් එ්ක පාර්ශ්වික ව ග‍්‍රාහක ලෝකයට නැඹුරු කිරීම වෙනුවට බහු පාර්ශ්වික
ස්වභාවයකින් එය යොමු කිරීම මාධ්‍ය නිදහසේ අපේක්ෂාව විය යුතු බව පෙන්වා දී ඇත.

 කාලයාගේ ඇවෑමෙන් සන්නිවේදන තාක්ෂණයේ නැ`ගීමෙන් අන්තර්ජාලය හා පරිගණක සේවා බහුල
වීමෙන් මාධ්‍ය නිදහස යන සංකල්පය තව දුරටත් අභියෝගයට ලක් වූ බවක් දැකිය හැකි ය. මේ
පිළිබඳ එක් මතයක් වන්නේ නියාමනය කළ නොහැකි පරිදි අන්තර්ජාලය හා සමාජ ජාලා භාවිතයට
පැමිණ ඇති බව යි. එ් අනුව පාලනයෙන් තොර බහුවිධ ප‍්‍රකාශන රැුසක් එ් මාධ්‍යවලින් විකාශයට
පත් වීම වැළැක්විය නොහැකි වී ඇත.

නව මාධ්‍ය ජාලවල නැගීමත් සමග ම ස්වදේශීය - විදේශීය භේදයකින් තොර ව තොරතුරක්
ජාත්‍යන්තර ස්වරූපයක තත්ත්වය ගැනීම වැළැක්විය නොහැකි සේ ම එක දේශපාලන මතවාදයකින්
එහි තොරතුර යටපත් කිරීම ද කළ නොහැකි ය.

4.2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත

බුද්ධිමය දේපළ යනුවෙන් අදහස් කරන්නේ මානව මතයේ නිර්මාණශීලීත්වය මඟින් බිහි කරන සමස්තයට
ඇති අයිතිවාසිකම් ය. කාර්මික, විද්‍යාත්මක, සාහිත්‍ය, කලා හා සෞන්දර්යාත්මක ක්ෂේත‍්‍රවල බුද්ධිමය
ක‍්‍රියා පදනම් අයිතිවාසිකම් මෙයට අයත් වේ. මීට අමතර ව එහි විෂය ක්ෂේත‍්‍රය පුළුල් වේ. නවකථා,
කෙටිකතා, නාට්‍ය, චිත‍්‍රපට, සංගීත, කෘති, ඡුායාරූප, මූර්ති, පරිගණක වැඩසටහන්, ගෘහ නිර්මාණ
සැලසුම්, විවිධ නව සැලසුම්, වෙළෙඳ සන්නාම, ශාඛ අභිජනන අයිතිය හා පේටන්ට් බලපත‍්‍ර යනාදිය ඊට
අයත් වේ.

රටක නිර්මාණකරණය සඳහා නීතිමය ආරක්ෂාව අවශ්‍ය වේ. ඒ අනුව ශ‍්‍රී ලංකාවේ බුද්ධිමය
දේපළ සඳහා ආරක්ෂාව සපයන්නේ 2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත යි.

 මේ පනතේ 06 වැනි වගන්තියට අනුව සාහිත්‍ය, කලාත්මක සහ විද්‍යාත්මක කේෂේත‍්‍රවල මුල් ම බුද්ධිමය
නිර්මාණ සඳහා මෙලෙස ආරක්ෂාව සලසා ඇත. ප‍්‍රකාශන හිමිකම දෙයාකාරයකින් හිමි වන අතර ඒ
ආර්ථික අයිතිවාසිකම් සහ සදාචාරාත්මක අයිතිවාසිකම් වශයෙනි.

කෙසේ වෙතත් අයිතිකරුගේ දේපළ පිළිබඳ සමාජයේ අනෙකුත් සාමාජිකයන්ගේ නීත්‍යනුකූල ව පිළිගත්
අයිතිවාසිකම් සහ අවශ්‍යතා සැලකිල්ලට ගත යුතු ය.

පනතේ 9 (1)  වගන්තියට අනුව ආර්ථික අයිතිවාසිකම යන්නට හිමිකරු ම පමණක් සිදු කිරීම හෝ සිදු
කිරීමට බලාපොරොත්තු වන අංග ලෙස ප‍්‍රතිනිෂ්පාදනය, පරිවර්තනය, බෙදා හැරීම, කුලියට දීම,
ආනයනය කිරීම, ප‍්‍රදර්ශනය කිරීම, විකාශනය හෝ සන්නිවේදනය කිරීම අදාළ වේ. ආර්ථික
අයිතිවාසිකමේ මුල් අයිතිය රඳා පවතින්නේ කර්තෘත්ව ස්වභාවය මත ය. ඒ අනුව හවුල් නිර්මාණයක
දී අදාළ පාර්ශ්වවලට ආර්ථික අයිතිවාසිකම් කර්තෘත්වය මත හිමි වේ.

සාධාරණ භාවිතය (Fair Use)
සාධාරණ භාවිතය යනු හිමිකම් අයිතිය උල්ලංඝනය කිරීමක් නොවන අතර විවේචන, විචාරය,
ප‍්‍රවෘත්ති වාර්තාකරණය, ඉගැන්වීම, ශිෂ්‍යත්ව හෝ පර්යේෂණ සඳහා ආදි වෙනත් කාර්ය යොදා ගැනීමට
ඇති අවසරය යි. භාවිතයට සාධාරණ ද යන්න තීරණය කිරීම සඳහා සලකා බැලිය යුතු කරුණු හතරක්
ඇත.

සාධාරණ භාවිතයක් සදහා බලපාන සාධක හතර

  • භාවිතය සහ එහි ස්වභාවය
  • හිමිකම් ආරක්ෂා කර ඇති කාර්යයේ ස්වභාවය
  • සම්පූර්ණ හිමිකම් සහිත කාර්යවල දී භාවිත කරනු ලබන කාර්ය ප‍්‍රමාණය
  • හිමිකම් ආරක්ෂා කළ කාර්ය වෙළෙඳ පොළ සඳහා භාවිත කිරීම සඳහා ඇති බලපෑම


5. 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත (Right to Information Act - RIT)

රාජ්‍ය ආයතන පවත්වා ගෙන යනු ලබන තොරතුරු මහජනයාට ලබා ගැනීමට ඇති අයිතිය තහවුරු
කරමින් පුරවැසියා ඉල්ලා සිටින තොරතුරක් ලබා ගැනීමේ අයිතිය මේ පනතින් තහවුරු කෙරේ.

 ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා මහජන සහභාගිත්වය වැඩි දියුණු කිරීමේ අරමුණින් විනිවිද භාවය, රාජ්‍ය
වගකීම්, පොදු මහජන ආරක්ෂාව හා දුෂණයට එරෙහි ව තොරතුරු ලබා ගැනීමේ අයිතිය මෙමඟින්
තහවුරු කෙරේ. ප‍්‍රවේශ වීමේ හැකියාව, මුද්‍රිත ලේඛන, පරිගණක ලිපි ගොනු, ලිපි, විද්‍යුත් තැපැල්,
ඡුායාරූප, ගිවිසුම්, සැලසුම්, හා ශ‍්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම් යනාදිය මෙයට ඇතුළත් වේ.  ඕනෑ ම
තොරතුරක් යන්නට රාජ්‍ය භාෂාව, විභාග කටයුතු, පෞද්ගලික වෛද්‍ය වාර්තා යනාදි ව්‍යතිරේක
ගණනාවක් ද මීට ඇතුළත් වේ.

ඓතිහාසික පසුබිම

  • ලෝකයේ ප‍්‍රථමවරට 1766 දී ස්විඩනය විසින් තොරතුරු ලබා ගැනීමේ නීති සම්මත කරන ලදි.
  • 1946 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය 59 (1) විසින් තොරතුරු ලබා ගැනීමේඅයිතිය සම්මත කරන ලදි.
  • 1966 දී අමෙරිකා එක්සත් ජනපදය විසින් තොරතුරු නිදහස පිළිබඳ පනත සම්මත කරන ලදි.
  • යුරෝපීය කවුන්සිලය විසින් රාජ්‍ය ආයතන විසින් පවත්වා ගෙන යනු ලබන තොරතුරු සඳහා ප‍්‍රවේශය පිළිබඳ නිර්දේශ සාමාජික රටවල් වෙත ලබා දෙන ලදි.
 ඒ අනුව 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ පනත විසින් ඊට අදාළ කි‍්‍රයාකාරී යන්ත‍්‍රණය 2017
පෙබරවාරි 02 වනදා සිට ක‍්‍රියාත්මක කරන ලදි. තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීම සඳහා
තොරතුරු දැන ගැනීමේ කොමිසම පිහිටුවා ඇති අතර එම`ගින් පනතට අදාළ පැමිණිලි විභාග කරනු
ලැබේ.

මේ කි‍්‍රයාදාමය සාර්ථක කර ගැනීම සඳහා රාජ්‍ය යන්ත‍්‍රණය, රාජ්‍ය යන්ත‍්‍රණයේ මහජන සබඳතා පිළිබඳ
නිලධාරීන්ගේ හෝ තොරතුරු සැපයීම සඳහා නිසි වෘත්තීය නිපුණතාවකින් යුත් නිලධාරීන්ගේ සේවය
මෙන් ම භාවිතය පිළිබඳ ජනතාවගේ දැනුම්වත් බව ද බෙහෙවින් ඉවහල් වේ.

Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 

No comments:

Post a Comment

Thank you. To your encouragement. Stay tuned.

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...