Wednesday, March 2, 2022

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) ජන සන්නිවේදනයේ ප්‍රයෝජන Uses of mass communication

               ජන සන්නිවේදනයේ ප්‍රයෝජන  Uses of mass communication



 Joseph R. Domimic (2010) The Dynamics of Mass Cognition
1. සංජානනය(Cognitive ) / දැනුමලබා ගැනීම

2. අපසරණය  (  Diversion ) විකල්පවෙත යොමු කිරීම

3. සමාජ උපයෝගීතාවය (Social utility)

4. ආපසු ගැනීම් කිරීම (withdrawal)







1. සංජානනය(Cognitive ) / දැනුමලබා ගැනීම



සංජානනය යමක් තේරුම් ගැනීමට , අවබෝධයට, වටහා ගැනීමට ඇති හැකියාව නම් වේ.                              Joseph R. Domimic,  දක්වන ආකාරයට ජනමාධ්‍යයේ ප්‍රයෝජනයක් වනනේ මිනිසුන්ට තොරතුරු පිළිබද උත්තේජන මෙන්ම අවබෝධය ද ලබාදෙන බවයි. මාධ්‍ය මගින් ලබාදෙන සංදේශ ග්‍රහණය කරගැනීමෙන් පසු එය සංජානනය කරගනිමින් දැනුමක් බවට පත්කරයි. මිනිසා සෑම විටම තොරතුරු ලබා ගැනීමට හා එය දැනුමක් බවට පත්කර ගැනීමට ක්‍රියාකරයි. පුද්ගලයෙකු සංජානන ක්‍රියාවලිය මගින් ග්‍රහනය කරගත් තොරතුරු විශ්ලේෂණය කොට තේරුම්ගෙන දැනුමක් බවට පත්කරගනියි. 

නිදසුන් - වර්තමානයේ කොරෝනා  වෛරසය හමුවේ රජයේ ක්‍රියාකාරීත්වය පිළිබද මිනිසුන් අවබෝධකරගන්නේ මාධය සංදේශ සංජානනය කරගැනීමෙනි. එහිදී රූපවාහීනි ප්‍රවෘති වැඩසටහන්වල  මැතිවරණයක අවශ්‍යතාවය දැඩිව ප්‍රකාශ වන අන්දමේ අවධාරිතයක් ඉදිරිපත් කරන්නේ නම්, මිනිසුන්ට රජයේ ඊළග සුදානම මැතිවරණය බැවි වටහාගත හැකිය.




2. අපසරණය  (  Diversion ) විකල්පවෙත යොමු කිරීම 

පුද්ගලයා පාළුව , කාන්සිය, විඩාව දුරුකර ගැනීම, ඒකාකාරී ජීවන රටාවෙන් දුරස් වීමට ජනමාධ්‍ය භාවිතයට යොමුවෙයි. දැනුම හා  තොරතරු ලබා ගැනීමේ අධ්‍යාපණික, කාලීන හා සගරාමය වැඩසටහන් නැරඹීම, විනෝදාස්වාදය වෙනුවෙන් නාට්‍ය, චිත්‍රපට, තරු වැඩසටහන් නැරඹිම, ගීත ඇසීම ආදිය සිදුකරයි. මේ ආකාරයේ සිත සැහැල්ලු කරන, ප්‍රබෝ්ධය ඇතිකරන මාධ්‍ය සංදේශ ග්‍රහනයට රුචිකත්වයක් දක්වයි. 

)1. උත්තේජන (stimulation) - කම්මැලිකම, වීඩාව දුරුකර ගැනීමට විවේකය සදහා රූපවාහිනිය නැරඹිම.

2.පීඩන හා ගැටළු වලින් දුරස්වීමට (Relaxation ) - මානසිකව හෝ සමාජීයව පුද්ගලයා මුහුණ දෙන ගැටළු වලදී සැහැල්ලුවෙන් සීටීමට මාධ්‍ය භාවිතයට යොමුවෙයි.

3. චිත්තවේග මුදා හැරීමට (Emotional release) - පුද්ගලයාට ඇතිවන භාවයන් මුදා හැරීමට මාධ්‍ය හේතුවෙයි. චිත්‍රපටයක් නරඹන  විට සතුට, ත්‍රාසය, බිය, කදුලු සැලීම ආදී ලෙස භාවයන් පිටකරයි.


3. සමාජ උපයෝගීතාවය (Social utility)

 සමාජයක් යනු සම්බන්ධතා ජාලයකි. සමාජ උපයෝගීතාවයේදී  පුද්ගලයන් පුද්ගලයන් අතර සම්බන්ධතා නිර්මාණය උදෙසා මාධ්‍ය ක්‍රියාකරයි. සම්බන්ධතාවල වැදගත්කම අවබෝධකරදීම මගින් ශක්තිමත් සම්බන්ධතා ගොඩනැගීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි. සම්බන්ධතා නිර්මාණය කරන සාධකයක් බවට මාධය පත්වෙයි. නිදසුන් ලෙස පවුලේ සමාජිකයන් එකට එක්ව රූපවාහී ටෙලි නාට්‍ය නැරඹිම, තරු වැඩසටහන් නැරමීම  හා ප්‍රවෘත්ති නාරුමීම ආදියට සහභාගී කරගනී. එපමණක් නො ව  තොරතුරු හුවමාරුව සමග සම්බන්ධා පවත්වා ගැනීම සිදු වෙයි. මාධය මගින් ශක්තිමත් සම්බන්ධතා ගොඩනැගීම මානව අවශ්‍යතාවයක ලෙස පෙන්වා  දෙයි.


4. ආපසු ගැනීම් කිරීම (withdrawal)
ආපසු ගැනීම ආපසු ගැනීම යන්නෙන්  විස්තර කරන්නේ තමන් සහ අනෙක් පුද්ගලයින් අතර බාධකයක් ඇති කිරීම සඳහා මාධ්‍ය භාවිතා කිරීමයි. නිවසේ අයෙක් මාධ්‍ය භාවිත කරමින් සිටියි නම්  (පුවත්පත කියවන , රූපවාහීන වැඩසටහනක් උනන්දුවෙන් නරඹන ) අනෙක් අය එම තැනැත්තාට බාධා නොකළ යුතු ක්‍රියාවක් ලෙස දක්වයි. ජනමාධ්‍ය අන්තර්ගතයට සහභාගී වීම අර්ථ දැක්වෙන්නේ බාධා නොකළ යුතු සමාජීය වශයෙන් සුදුසු හැසිරීමක් ලෙස ය.මිනිසුන් තමන් සහ අනෙක් අය අතර ආරක්ෂිත කලාපයක් නිර්මාණය කිරීමට මාධ්‍ය භාවිතා කරයි. පුද්ගල සම්බන්ධතා දුරස් කිරීමට මාධ්‍ය හේතුවක් වීී ඇති නමුත් අනවශ්‍ය අවස්ථාවල් මගහැරීමට හා අවශ්‍යය අවස්ථාවක අධාල කාරණාව වෙනුවෙන් විශේෂත්වයක් ලබා දීම වෙනුවෙන් මෙය ප්‍රයෝජනවත් බව දැක්විය හැකිය. 





Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 

No comments:

Post a Comment

Thank you. To your encouragement. Stay tuned.

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...