- ජනතා කේන්ද්‍රීයතාවය (People-centered)
- ප්‍රාදේශියකරණය (Localisation)
- සමාජ සම්බන්ධතා හා සමානාත්මතා ගොඩනැගීම Building social relationships and equality
- ද්‍රරිද්‍රතාවය අවම කිරීම (Poverty Reduction)
- ප්‍රතිපත්ති සම්පාදනය සදහා ජනතා මැදිහත්වීම (Participation of people for policy making)
- ජනතා කේන්ද්‍රීයතාවය
සංවර්ධන ක්‍රියාවලියට විවිධ පාර්ශව අන්තර්ගත වෙයි. නමුත් එහි ප්‍රධාන පාර්ශවය වන්නේ ප්‍රතිලාභ ලබන ජනතාවයි. එබැවින් ඔවුන් මුලික කොටගෙන සංවර්ධන සැළසුම් සිදු කළ යුතුය. කේන්ද්‍රීයතාවය යන්නෙන් අදහස් කරන්නේ ජනතාව මුලික කරගත් සන්නිවේදනයක් ක්‍රියාත්මක කිරීමයි. සංවර්ධන සන්නිවේදන ක්‍රියාවලියේදී සංවර්ධන සංදේශ ජනතාගත කරන්නේ එම ප්‍රජාව, ගැටළු, අවශ්‍යතා හා අරමුණු පැහැදිලිව හදුනා ගැනීමෙනි. ජනතා කේන්ද්‍රිය ස්වභාවය හේතුවෙන් පෙළඹවීම, ප්‍රජාව බල ගැන්වීම, ජන මතය විමසීම, යැපීම් මානසිකත්වය අවම කිරීම,ස්වං විශ්වාසය ගොඩනැගීම හා ප්‍රජා සහභාගීත්වය වර්ධනය කරයි. සංවර්ධන ක්‍රියාවලියකදී ජනතාවගේ උපරිස සහයෝගය හා සහභාගීත්වය ලැබෙයි. තවද පුද්ගල කුසලතා හා හැකියා වර්ධනය කිරීම මගින් පුද්ගලයන්ගේ නිපුණතාවයන් වර්ධනය කරයි. එය පුද්ගල පැවැත්ම යහපත් ආකාරයෙන් පවත්වා ගැනීමට උපකාරී වේ. ජනතා කේන්ද්‍රිය රැකවරණය යනු ජනතාවගේ අවශ්‍යතාවයන් නැතිනම් පුද්ගල අවශ්‍යතාවයන් සාර්ථක කර ගැනීමට සංවර්ධන සන්නිවේදනය උපකාරී වීමයි. පුද්ගල යහ පැවැත්නම වර්තාධනය කිරීම උදෙසා පුද්ගලයා බල ගන්වයි. එසේම පැවැත්ම වෙනුවෙන් කටයුතු කරයි. ජනතා කේ්න්ද්‍රීයතාවයට ප්‍රජාව කළමනාකරණය කිරීම ද ඇතුළත් වෙයි. සංවර්ධන වැඩසටහනක් සමග ජනතාව සම්බන්ධ කර ගැනීම, ගැටළු හදුනා ගැනීම, ගැටළු කළමනාකරණය සදහා ජනතාව දිරි ගැන්වීම හා උපකාර කිරීම, ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් වගකීම ආදිය දැක්විය හැකිය.
උදා - අධ්‍යාපණය -උසස් අධ්‍යාපණ අවශ්‍යතා සදහා විශ්වවිද්‍යාල, තාක්ෂණික හා කාර්මික විද්‍යාල අධ්‍යාපණ ක්‍රමවේදයක් මගින් ශිෂ්‍යන් බල ගන්වයි. පුද්ගල නිපුණතා වර්ධනය කිරීම මගින් සමාජීය යහපැවැත්ම පවත්වා ගැනීමට උපකාර කරයි.
ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සඳහා සන්නිවේදන මූලධර්ම
- යහ පැවැත්ම ප‍්‍රවර්ධනය, පුද්ගල කේන්ද්‍රීය රැකවරණය හා සමස්ත පුද්ගල රැුකවරණ
කෙරෙහි අවධානය යොමු කිරීම
- හවුල්කාරත්වය හා සහභාගිත්වය
- සමාජ/සංස්කෘතික විවිධත්වය පිළිබඳ ව සංවේදීතාව
- මාධ්‍ය පරිශීලකයන් අතර සම්බන්ධතාව සහ සන්නිවේදනයේ ගුණාත්මක භාවය
- පුද්ගල අවශ්‍යතා සඳහා ප‍්‍රතිචාරාත්මක රැුකවරණය
- අඛණ්ඩ පෞද්ගලික සම්බන්ධතා
- අයිතීන් සහ වගකීම්
2. ප්‍රාදේශියකරණය
ලක්ෂණ
ප‍්‍රදේශීයකරණය යනු කිසියම් රටක සංවර්ධනය එරට සමාජ, දේශපාලනික, ආර්ථික
හා සංස්කෘතික ලක්‍ෂණ මත පදනම් ව ඔවුන් විසින් ම සිදු කරනු ලබන කි‍්‍රයාවලියක් වේ. එනම් ජාතික සංවර්ධනයකි. ඒ රටට ගැලපෙන ආකාරයෙන් සංවර්ධන කටයුතු සිදු කරයි. රටෙහි සංවර්ධන ගැටළු හා අවශ්‍යතා හදුනා ගැනීම සහ අරමුණු සහගතව සංවර්ධන ඉලක්ක වෙනුවෙන් ක්‍රියා කරයි. එය තනිව පාලකයාට හෝ ආණ්ඩුවට සිදු කළ නොහැක. එබැවින් ජනතා සහභාගීත්වය වර්ධනය කරයි. රටෙහි සංවර්ධනටය ජනතාව දායක වන්නේය. ග්‍රාමීය ජනතාවගේ මුලික අවශ්‍යතාවයන් වන ද්‍රරිද්‍රතාවය අවම කිරීම හා ආර්ථිකය වර්ධනය උදෙසා වැඩසටහන් ක්‍රියාත්ම වේ. ස්වං රැකියා, වගාවන් සදහා උපකාර කිරීම මෙන්ම කර්මාණ්තශාලා ආරම්භ කොට රැකියා ආදිය ලබා දෙන්නේ ජීවන තත්ත්වය උසස් මට්ටමකට පත් කිරීමටයි. සම්පත් යනු සීමිත ප්‍රභවයන්ය. මිනිසුන් සිය අසීමිත අවශ්‍යතා වෙනුවෙන් සීමිත සම්පත් කිසිදු කළමනාකරණයකින් තොරව භාවිතා කරයි. නමුත් ප්‍රාදේශිකරණය යටතේ භූමි හායනය සහ කාන්තාරකරණයෙන් වැළකීම, වනාන්තර ආරක්ෂා කිරීම, ජල සම්පත් කළමනාකරණය
සහ ජෛව විවිධත්වය සුරැුකීම වැනි කාර්ය සඳහා ග‍්‍රාමීය ප‍්‍රජාවගේ කි‍්‍රයාකාරී සහභාගිත්වය වර්ධනය කරයි.
උදා - ජලය සුරැකීම, විදුලිය සුරැකීමට ජනතාව පෙළඹවීමෙන් රටෙහි සම්පත් අපතේ යාම අවම කිරීමට කටයුතු කරයි.
3. සමාජ සම්බන්ධතා හා සමානාත්මතා ගොඩනැගීම
ලක්ෂණ
සාමාජීය සම්බන්ධතා - තමන්ගේ ම සමාජ කි‍්‍රයාවක් නිර්මාණය කිරීම මගින් අන් අයගේ කි‍්‍රයා වටහා
ගැනීම, අන්තර්කි‍්‍රයා සම්බන්ධීකරණය, තමන්ගේ ම ඇගැයුම, සහන සැලසීම, අර්ථවත් අභිප්‍රේරණය හා
සියලූ ම ආකාරයේ සමාජ අන්තර්කි‍්‍රයා සංවිධානය කිරීම සාමාජීය සම්බන්ධතා ගණයට අයත් වේ.
සමානාත්මතාව - සමානාත්මතාව යනු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කුලූන යි. 18 වන සියවසේ ප‍්‍රංශ විප්ලවය හා
අමෙරිකානු නිදහස් සටනේ දී සමානාත්මතාව පිළිබඳ සංකල්පය ඉදිරියට පැමිණිණි. වර්තමාන යුගයේ
සියලූ රාජ්‍ය සමානාත්මතාව යන සංකල්පය පිළිගෙන තිබේ. සමානාත්මතාව යනු සමාජයේ පුළුල් වෙනස්කම් ඉවත් කිරීම, විශේෂ වරප‍්‍රසාද අවසන් කිරීම, හැකියා පදනම මත සමාන අවස්ථා ලබා දීම සහ පුද්ගලයන්ගේ මූලික අවශ්‍යතා සපුරා ලීම සඳහා විධිවිධාන සැලසීම යි.
සංවර්ධනයේ ස්වභාවයක් වන්නේ සමාජ සම්බන්ධතා හා සමානාත්මතාවය ගොඩනැගීමයි. සමාජ සම්බන්ධතා ගොඩනැගීම හා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කැපවෙයි. දියුණු වු රටවල සංස්කෘතිමය වශයෙන් හෝ නිති රීති මගින් සමාජ සම්බන්ධතා සදහා තහංචි පැනවීම ඉතා අවමය. මානව හිමිකම් හා සමාජ නිදහස මුලික කොටගත් ගැටුම් අවම පරිසරයක් නිර්මාණය වී ඇත. සමානාත්මතාවය සමාජයේ මුලිත වීම හේතුවෙන් කිසිදු ආකාරයක පංති බෙදීම් දක්නට නොමැත. එබැවින් කිසිදු පාර්ශවයකට ඒකපාර්ශිකව විශේෂ වරප්‍රසාද ආදිය හිමි නොවෙයිත ඊට හේතුව වන්නේ විශේෂිත මානව අයිතාවාසිකම් නොමැති වීමයි. පොදු සමාජ යහපත උදෙසා විවිධ සීම පැනවීම, ලිහිල් කිරීම , වගකීම් පැවරීම ආදිය සාධාරණ හේතුන් මත ක්‍රියාත්මක වෙයි.
උදා - පළමු ලෝකයේ දියුණු රටක් හා තුන්වන ලෝකයේ දියුණු වෙමින් පවතින රටක සමානාත්මතාවය ක්‍රියාත්මක වීම අසමානය. තෙවන ලෝකයේ දේශපාලනික ආර්ථික හා සංස්කාතිමය සාධක මත සමාජීය සම්බන්ධතා හා සමානාත්මතාවය ක්‍රියාත්මක වීම වෙනස් වේ.
4. ද්‍රරිද්‍රතාවය අවම කිරීම
ලක්ෂණ
රටක පවතින ප්‍රධානතම ගැටළුවක් බවට පත්වන්නේ මුල්‍යම සම්පත් හිගබවයි. යම් රටක දල දේශීය ඉපැයීම හා ඒක පුද්ගල ආදායම පහල මට්ටමක පැවැතිම හේතුවෙන් දිළිදු බව ඇතිවෙයි. ජනතාවට සිට රට මත යැපීමටත් රටට ලෝකයේ අනෙකුත් රටවල් හා සංවිධාන මත යැපීමටත් සිදුවෙයි. ලෝක ආර්තීක දර්ශකයට අනුව 1990 දශකයේ දී ජාත්‍යන්තර සංවර්ධන චින්තනයේ කේන්ද්‍රීය අවධානය දිළිඳුකම අඩු කිරීම බවට පත්විය. එබැවින් දරිද්‍රතාව යන්න හැම විට ම සංවර්ධනය සඳහා සන්නිවේදන න්‍යාය පත‍්‍රවල ප‍්‍රමුඛ කොටස බවට පත් විය. දිළිඳුකම අවම කිරීම වර්තමාන ලෝකය මුහුණ දෙන ප‍්‍රධාන අභියෝගයකි. එබැවින් ද්‍රරිද්‍රතාව අවම කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වීම සංවර්ධන සන්නිවේදනයේ ස්භාවයකි.
ජනතාවගේ දිලිදු බව අවම කිරීම හා නගා සිටුවීම සදහා ස්ථිර රැකියා, ව්‍යවසායක කර්මාණ්ත හා ව්‍යාපාර ආදිය වෙනුවෙන් ශ්‍රමය , කුසලතා හා සම්පත් යෙදවීම පිළිබදව ජනතාව දැනුවත් කිරීම සංවර්ධන සන්නිවේදනයේ ස්වභාවයකි. තමන්ගේම ශ්‍රමයෙන් නැගී සිටීමට උත්සාහ කරන ජනතාවට උපකාර කිරීම වෙනුවෙන් අධ්‍යාපණික, ආයතනික සේවා, බැංකු සේවා ආදියෙහි ප්‍රවේශ හෙවත් ක්‍රියාවලීන් ගොඩනගා කාර්යන් පහසු කරයි. දිලිදු පවුල් හා කාන්තාවන් නගා සිටීම වෙනුවෙන් ස්වං රැකියා වලට , විදෙස් රැකියා , නව නිපැයුම්, රැකියා ලබාදීම ආදී ක්‍රියාවන් මගින් ආර්ථික ශක්තිය වර්ධනය කරයි. රටකට සිය ආර්ථිකය පාලනය කිරීමට මෙන්ම දිලිදු බව අවම කිරීමට අනෙකුත් රටවල් හා සංවිධාන සමග ආර්ථික සහයෝගීතා, ප්‍රදානයන්, ණය ගැනීම් සිදු කිරීමට සිදුව ඇත.
උදා- ශ්‍රී ලංකාව ලබාගන්නා ලෝක බැංකු ආධාර, චීනයෙන් ලබාගන්නා නය, ආසියානු බංකුවෙන් ලබාගන්නා ණය ආදිය දැක්විය හැකිය. එම මුදල් යොදවන්නේ මෙරට සංවර්ධන ව්‍යාපෘති උදෙසාය. සංවර්ධනයේ මුලික අපෙක්ෂාවක් ලෙස දිලිදු බව තුරන් කිරීම දැක්විය හැක.
5. ප්‍රතිපත්ති සම්පාදනය සදහා ජනතා මැදිහත්වීම
ලක්ෂණ
රටක යම් ප්‍රතිපත්තියක් ගොඩනැගීමට බොහෝ අවස්ථා වල මුලික වන්නේ එක් පාර්ශවයකි. එබැවින් ඔවුන්ගේ අභිලාෂයන් එම ප්‍රතිපත්ති තුළ මුලික වෙයි. සංවර්ධන ව්‍යාපෘතියක් සම්පාදනයේදී ඒ තුළ මුලික අවධානයක් යොමු විය යුතු වන්නේ ප්‍රතිලාභ ලබන ප්‍රජාවයි. එබැවින් ඔවුනගේ සැබෑ ගැටළු හා අවශ්‍යතා මුලික විය යුතුය. සංවර්ධන සන්නිවේදනයේ ස්භාවයක් වන්නේ ප්‍රතිපත්ති සම්පාදනය කරන පාර්ශවය හා ජනතාව අතර අන්තර් සම්බන්ධතා ගොඩනැගීමයි. එබැවින් ප‍්‍රතිපත්ති සම්පාදනය සඳහා ජනතා සහභාගිත්වය යනු ජනතා අදහස් විමසා ප්‍රතිපත්ති නිර්මාණය කිරීමයි. එයින් එක් පුද්ගලයාගේ ගැටලූව පිළිබඳ ව වඩා
හොඳ අවබෝධයක් ලබා සහභාගී වන්නන්ගේ ගැටලූ, ඔවුන් ඉදිරිපත් කරන කරුණු, අද්දැකීම්, දැනුම,
අදහස්, මනාප, අපේක්ෂා, භීති සහ වටිනාකම් හුවමාරු කර ගැනීමට සහභාගිවන්නන්ට අවස්ථාව
සැලසීම යි. එලෙස සහභාගිත්වය ලබා දීම මගින් ප‍්‍රතිපත්ති සම්පාදනයට ප‍්‍රජාවට ම මැදිහත් විය
හැකි ය.
ප්‍රතිපත්ති සම්පාදනය සදහා ජනතා මැදිහත්වීමේදී ජනතා අදහස් , යෝජන හා ජන මතය විමසීමෙදී. රාජ්‍ය මාධ්‍ය වෙනුවට එලදායිම මාධ්‍ය ක්‍රමවේදයක් නැතහොත් සන්නිවේදන උපාය මාර්ගයක් භාවිතා කළ හැකිය. ජනතාව භාවිතා නොකරන මාධ්‍ය හෝ අකමැති සන්නිවේදන ක්‍රම භාවිතා කිරීම යෝග්‍ය නැත. පංති විෂමතාවය හෝ සමාජ අසමානතාවයන් පාලනය කරමින් ජනතාවට සිය අදහස් හා මතවාද ලබා දීම ලිහිල් කිරීම මෙහි මුලික වේ. ජනතා අදහස් වලින් ප්‍රතිපත්ති පෝෂණය කිරීම වඩාත් ඵලදායි වන්නේ මෙහි ප්‍රතිලාභිනගේ අවශ්‍යතා ඉටු වීම හේතුවෙන්. ජනතා ගැටළු අවම වෙයි. රටක ජනතාවම රටෙහි සංවර්ධනයට දායක වන බව එයින් තහවුරු කරයි. තවද නවීන සන්නිවේදන ක්‍රමෝපායන් ජනතා අදහස් විමසීමට භාවිතා කරමින් සංවර්ධන සැළසුම් සකස් කළ හැකිය.
උදා- නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගොඩ නැගීමට ජනතා අදහස් ලබා ගැනීම.
Sameera Herath
B.A (Sp) hons University of Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
Diploma in University of Colombo
whatsapp - 0717893803







No comments:
Post a Comment
Thank you. To your encouragement. Stay tuned.