Wednesday, March 2, 2022

මීඩියා Media සංවර්ධන සන්නිවේදනය (නව විෂය නිර්දේශය) development communication සංවර්ධන සදහා සන්නිවේදන අපේක්ෂා Expectations of Communication for Development

                                   සංවර්ධන සදහා සන්නිවේදන අපේක්ෂා                                           (Expectations of Communication for Development)


සංවර්ධන සන්නිවේදන අපේක්ෂා යනුවෙන් හදුන්වන්නේ සංවර්ධන කිරීමේ ඉලක්ක හා  අරමුණු වේ. අපේක්ෂාවන් ළගා කර ගැනීම සැළසුම්සහගත ක්‍රියාවලියක්  වේ. සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමේදී ඊට භාවිතා කරන සංවර්ධන සන්නිවේදන ක්‍රියාවලිය  විිවිධ පැතිකඩ ඔස්සේ විමර්ෂණය කරනු ලැබේ. සංවර්ධනය සඳහා සන්නිවේදන අපේක්‍ෂා යනු සංස්කෘතිය, මාධ්‍ය, සන්නිවේදනය සහ සංවර්ධනය පිළිබඳ අන්තර් විෂය ක්ෂේත‍්‍රයකි. දේශිය හා ජාත්‍යන්තර වශයෙන් සමාජ වෙනස්කම් ගවේෂණය හා විමර්ෂණය කරනු ලැබේ. ඊට  හේතුව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් සිදුවන සිදුවීම් සෘජුව  හෝ වක්‍රාකාරව සංවර්ධනයේ ගමන්මග වෙනස් කරන බැවින් ඒ් පිළිබද විමර්ෂණය කරයි..තොරතුරු සන්නිවේදනය, අධ්‍යාපනය, හැසිරීම් වෙනස්වීම, සමාජ අළෙවිකරණය, මාධ්‍ය ආචාර ධර්ම, සමාජ වෙනස්කම් සඳහා සන්නිවේදනය සහ ප‍්‍රජා සහභාගීත්වය ආදිය මගින් ජන අපේක්‍ෂා ඉටු කර ගැනීමේ කි‍්‍රයාදාමයක් සංවර්ධනය සඳහා සන්නිවේදන අපේක්ෂා යන්නෙන් යෝජනා කෙරේ. සංවර්ධනයේදී සන්නිවේදනය භාවිතා කරගනිමින් අධාල ක්ෂේත්‍ර අධ්‍යයනය කරනු ලබයි.

 සංවර්ධන සදහා සන්නිවේදන අපේක්ෂා

  1. අවශ්‍යතා කේන්ද්‍රීයත්වය 
  2. ස්වයං නිර්ණය
  3. ස්වයං විශ්වාසය 
  4. යහපත් පරිසරයක් ගොඩනැගීම
  5. සහභාගීත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය

1. අවශ්‍යතා කේන්ද්‍රීයත්වය
මුලික මානව අපේක්ෂාවන් ළගාකර ගැනීම  සංවර්ධනයෙන් බළාපාෙරාත්තු  වේ. ප්‍රජාව පිළිබදව, ඔවුන්ගේ අවශ්‍යතා , ගැටළු හදුනා ගැනීම  වෙනුවෙන් සන්නිවේදන භාවිතා කරයි.  මෙහි මුලික අපේක්ෂාව වන්නේ  සෞඛ්‍ය සේවා, පෝෂණය, සනීපාරක්ෂාව, මානව හිමිකම් සහ නවාතැන් අවශ්‍යතා ඉටු කර ගැනීමට
සංවර්ධනය සඳහා සන්නිවේදනය පුළුල් ලෙස උපයෝගී කර ගැනීම අවශ්‍යතා කේන්ද්‍රීයත්වය යන්නෙන්
අදහස් කිරීමයි.

උදා- මානව අවශ්‍යතා පෙළගැස්වීමේ න්‍යාය (Marslo's Hiarachy)
ඒබ්‍රහම් මාස්ලෝ මනෝ විද්‍යාව හා කළමනාකරණය පිළිබඳ මහාචාර්‍යවරයෙක්. මිනිස් හැසිරීම්, ආකල්ප සහ වුවමනා පිළිබඳ නිරන්තරයෙන් පර්යේෂණ කළ මහාචාර්‍ය ඒබ්‍රහම් මාස්ලෝ 1943 දී මානව අවශ්‍යතා පෙළගැස්වීමේ න්‍යාය නිර්මාණය කළා. මිනිස් අවශ්‍යතා සහ වුවමනා යනුවෙන් කොටස් දෙකක් ක්‍රියාත්මක වේ. එයින් අවශ්‍යතා (Needs) සීමිතයි. එහෙත් වුවමනාවන් (Wants) අසීමිතයි.
භෞතිකමය අවශ්‍යතා (Physiological needs)
කුසගින්න සඳහා ආහාර, පිපාසය සඳහා පිරිසිදු ජලය, නිවහනක අවශ්‍යතාවය, ලිංගික අවශ්‍යතාවය ආදිය මූලික අවශ්‍යතා වේ.
ආරක්ෂණ අවශ්‍යතා (Safety needs)
තම ජීවිතය සහ ස්වකීයන්ගේ ජීවිත පිළිබඳ ආරක්ෂිත හැඟීම දෙවන ස්ථරයේ පවතී.
සමාජීය අවශ්‍යතා (Social needs)
සමාජ අවශ්‍යතා ඉහල පන්තියේ අවශ්‍යතා ගොනුවට වර්ගීකරණය කර තිබේ. ආදරය කරුණාව ලැබීම, තමාත් සමාජයේ වැදගත් පුද්ගලයෙකු යැයි හැඟීමක් ඇති කර සඳහා පදනමක් සකස් කර ගැනීම, විරුද්ධ ලිංගිකයින්ගේ ආකර්ශණය දිනා ගැනීම, මිතුරු ඇසුර සහ තමන් කණ්ඩායමකට අයත් යැයි හැගීමක් ඇති කර ගැනීම සමාජීය අවශ්‍යතා ගොනුවට අයත් වේ.
සම්මානනීය අවශ්‍යතා (Esteem needs)
අන්‍යයන්ගේ පිළිගැනීමට ලක්වීමේ හැඟීම, අන්‍යයන්ගේ අගය කිරීමට ලක්වීමේ හැඟීම, යම් තරාතිරමක් තනතුරක් කරා ලඟාවීමේ හැඟීම ආදී තමන් විශේෂිත පුද්ගලයෙකු ලෙසින් සෙසු සමාජය පිළිගන්නවා යැයි අත්දැකීමට තිබෙන මානවයා තුල තිබෙන කැමැත්ත මානව අවශ්‍යතාවයක් බව මාස්ලෝ සඳහන් කරයි.
ආත්ම පරීපූරණ අවශ්‍යතා (Self actualization needs)
සමාජයේ අන් අය ඉදිරියේ කැපී පෙනෙන විශිෂ්ඨයෙකු බවට පත් වීම, පරමාදර්ශී චරිතයක් බවට පත් වීම, ජීවන තත්වය අඛණ්ඩව වර්ධනය කර ගැනීම ආදිය ආත්ම පරිපූරණ අවශ්‍යතා ගොන්නට අයත් වේ.
මෙම අවශ්‍යතා පිළිවෙලින් පිරමීඩයක ආකාරයට සකස් කළ මාස්ලෝ මූලික මානව අවශ්‍යතාවයන් වූ භෞතික හා ආරක්ෂණ අවශ්‍යතා පිරමීඩයේ යටම ස්ථරයේ සටහන් කළේය.
භෞතික හා ආරක්ෂණ අවශ්‍යතා ස්ථරයට ඉහලින් තැබුවේ සමාජීය අවශ්‍යතා ය. ඊලඟ ස්ථරයේ සම්මානනීය අවශ්‍යතා තැබූ මාස්ලෝ ඉහලින්ම තැබුවේ ආත්ම පරිපූරණ අවශ්‍යතා ය.
රූප සටහන බලන්න.
පිරමීඩයේ පහල ස්ථරයේ අවශ්‍යතා නියෝජනය කරනු ලබන භෞතික හා ආරක්ෂණ අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීමට හැකි වෙන මානවයා පිරමීඩයේ ඉහල අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම කෙරෙහි නිරායාසයෙන් පෙළඹෙන බව මාස්ලෝ පවසයි. එයින් අදහස් වෙන්නේ අවශ්‍යතා පිරමීඩයේ පහල ස්ථර ජය ගැනීමට අපොහොසත් වෙන්නේ නම් සමාජයේ ඉහල පිළිගැනීමක් සහිත පුද්ගලයෙකු බවට පත් වීමට නොහැකි වෙන බවයි.
සමාජයේ ඉහල තත්වයක් කරා ගමන් කළ පුද්ගලයින් ඇසුරෙන් අඛණ්ඩව පරීක්ෂා කළ මාස්ලෝ පිරමීඩයේ පහල ස්ථර ජය ගැනීමට නොහැකි වෙන පුද්ගලයින් හට සමාජය තුල කැපී පෙනෙන පරමාදර්ශී චරිත බවට පත් විය නොහැකි බව අවධාරණය කරයි




2. ස්වයං නිර්ණය



පුද්ගලයකුගේ ජීවිතය තමා විසින් ම පාලනය කෙරේ. ස්වයං නිර්ණය යනු මිනිසුන් තමාගේ පුද්ගල අවශ්‍යතා සම්බන්ධ ප‍්‍රවණතා හා මනෝවිද්‍යාත්මක අවශ්‍යතා සැලකිල්ලට ගෙන, මානව අභිපේ‍්‍රරණය සහ පෞරුෂය පිළිබඳ අවබෝධයෙන් යුතු ව ක‍්‍රියා කිරීම යි. පුද්ගලික සංවර්ධනය යනු ජීවිත කාලය පුරාම සිදුවන ක්‍රියාවලියකි. එය මිනිසුන්ට ඔවුන්ගේ හැකියාවන් සහ ගුණාංග තක්සේරු කිරීමටත්, ඔවුන්ගේ ජීවිතයේ අරමුණු සලකා බැලීමටත්, ඔවුන්ගේ හැකියාවන් අවබෝධ කර ගැනීමට සහ උපරිම කර ගැනීමට ඉලක්ක තැබීමටත් මාර්ගයකි.පුද්ගල අපේක්ෂාවන් වැඩි දියුණු කිරීමට,   විශ්වාසය ඉහළ නැංවීමට සහ වඩාත් තෘප්තිමත්, උසස් තත්ත්වයේ ජීවිතයකට මඟ පෑදිය හැකි ජීවන ඉලක්ක සැකසීමට ඔබට අවශ්‍ය කුසලතා හඳුනා ගැනීමට මෙය උපකාරී වේ. පුද්ගලික සවිබල ගැන්වීම සඳහා , ධනාත්මක සහ ඵලදායී තීරණ ගැනීමට පුද්ගලයන් සවිබල ගන්වයි.  ස්වයං නිර්ණය පිළිබඳ සංවර්ධන වැඩසටහනේ, මනෝ විද්‍යාත්මක අර්ථකථනය නම් තමන්ගේ ම තෝරා ගැනීම් සහ තමන්ගේ ම ජීවිත පාලනය කිරීමේ හැකියාව හෝ කි‍්‍රයාවලිය ශක්තිමත් කිරීම යි.පුද්ගලයා තුළ ස්වං විශ්වාසය ගොඩනැගීම හා සවිබල ගැන්වීම සංවර්ධන සන්නිවේදනයේ මුලික අපේක්ෂාවකි.ඒ පිළිබද තමා විසින්ම  සොයාබැලීම ස්වං නිර්ණයක් වේ

ස්වයං නිර්ණය යනු මානසික යහපැවැත්මේ වැදගත් අංගයකි. ඒ සඳහා,

ස්වාධීනත්වය: තමන්ගේ ම හැසිරීම පාලනය කිරීමට තමන් සිටින බව සිතීම කෙරෙහි
මිනිසුන්ට ඇති අවශ්‍යතාව

නිපුණතාව: තම අවශ්‍යතා, දැනුම සහ කුසලතා ගොඩනැ`ගීමට වැදගත් වන කාර්ය
පිළිබඳ විශාරදත්වය වර්ධනය කිරීමට ඇති අවශ්‍යතාව

සම්බන්ධතාව: මිනිසුන්ට අනෙකෙකු සම`ග යම් ප‍්‍රමාණයක සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය
බව සිතීමට ඇති අවශ්‍යතාව


3. ස්වයං විශ්වාසය

ස්වං විශ්වාසය යනු අාත්ම විශ්වාසයයි. තමා  විසින්  සංවර්ධන කරුණක් සම්බන්ධ ව අභ්‍යන්තර හේතු හෝ මූල හෝ විමසීමෙන් ඇති කර ගනු ලබන විශ්වාසය යි. තම ස්ව සංකල්පය මත පිහිටා තම හැකියාවන් නිපුණතාවයන්  කෙරෙහි අැතිකරගනු ලබන අාකල්පමය  විශ්වාසයයි. දිගු කාලීන සමාජ, දේශපාලනික, ආර්ථික ආදි වර්ධන සහ ඵලදායිතාව පිළිබඳ අවබෝධ කර ගැනීම සඳහා ස්වයං විශ්වාසය ප‍්‍රයෝජනවත් ය.

 ඵලදායිතාව හා සංවර්ධනය සඳහා පහසුකම් සපයන බලවේග කි‍්‍රයා කරන්නේ කෙසේ ද? ස්ථාවර
රාජ්‍යවල සංවර්ධන ප‍්‍රවණතා උදාසීන කරන යන්ත‍්‍රණ මොනවා ද? ප‍්‍රාග්ධනයේ සහ දැනුමෙහි
බලවේග සකි‍්‍රය කළ හැක්කේ කෙසේ ද? සමාජ පද්ධතිවල පවතින සැඟවුණු ආර්ථික ක‍්‍රමෝපාය
මතු කරන්නේ කෙසේ ද? යනාදිය තමන් විසින් ම විමසනු ලබයි. මෙසේ සංවර්ධනය පිළිබඳ පැහැදිලි විශ්වාසයක් තමා විසින් ම අවබෝධයෙන් ඇති කර ගැනීම ස්වයං
විශ්වාසය යි.


4.යහපත් පරිසරයක් ගොඩනැගීම



මිනිසා වූ කලී පරිසරයේම තවත් එක්‌ කොටසකි. ඔහුගේ මුළු පැවැත්ම තහවුරු වන්නේ මෙම පරිසරය මතයි. මිනිසා වටා පවතින මෙම පාරිසරික පද්ධතිය යහපත් වූ තරමට මානවයාගේ පැවැත්මට එය යහදායක වනු නිසැකය. ග්‍රීකයන් පරිසරය හැඳින්වූයේ ධසංes (ඔයිකස්‌) ලෙසය. එහි සරලම අර්ථය තමා ජීවත්වන වටපිටාව යන තේමාවයි. පරිසරය යනු කුමක්‌දැයි අවබෝධ කර ගත යුතු කරුණකි. එසේම පරිසරයේ පවතින සංවේදීතාවය, පරිසරයේ පවතින විවිධත්වය, පාරිසරික සමතුලිතතාවය, පාරිසරික අවශ්‍යතා, පාරිසරික නිර්මාණ, පරිසර ආරක්‍ෂණ පිළිවෙත්, පාරිසරික සෞන්දර්යත්වය සහ පාරිසරික ප්‍රයෝජන පිළිබඳ අවබෝධය මූලික වශයෙන් මිනිසා විසින් අවබෝධයේ තබා ගත යුතු ඉතා වැදගත් සාධක කිහිපයකි. සංවර්ධන සදහා සන්නිවේදන අපේක්ෂා යටතේ යහපත් පරිසරයක් ගොඩනැගීම එනම් පරිසර විද්‍යාත්මක සමබරතාව (Ecological balance)  යි. යහපත් පරිසරයක් ගොඩනැගීම මගින් සුහදශීලී
සබඳතා නීරෝගි හා පි‍්‍රයජනක පාරිසරික සමතුලිතතා නිරූපණය කරයි. මේ සඳහා ඉහළ අධ්‍යාපනික සුදුසුකමක්‌ අවශ්‍ය නොවන අතර ප්‍රායෝගිකව අපට ලද හැකි දැනුම් සම්භාරය ඉහත තේමාවන් විෂයෙහිලා අවබෝධයක්‌ ඇති කර ගැනීමට ඉතාම ප්‍රයෝජනවත්යසම්පත් සූරා කෑම, වනාන්තර විනාශ කිරීම වැළැක්වීම, පරිසර දුෂණය අවම කිරීම හා පිටුදැකීම, වැනි මානව කි‍්‍රයාකාරකම් යනාදිය මෙමගින්


5.සහභාගීත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය


සංවර්ධන වැඩසටහන්වල පාර්ශවයන් පිළිබද  සොයා බැලීම හා සහයෝගය ලබා ගැනීම මෙහි මුලික අපේක්ෂාවකි. එනම් සංවර්ධනය සඳහා සන්නිවේදනය මගින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී සවිඥානකත්වය ඉහළ දැමීම සහ ප‍්‍රජා සහභාගිත්වය වර්ධනය කරයි.  විද්‍යුත් තාක්ෂණය භාවිත කිරීම මගින් පුරවැසි දේශපාලන කි‍්‍රයාකාරීත්වය දියුණු කිරීමට යෝජනා කෙරේ.  එසේ ම සමාන අරමුණු හෝ ඉලක්ක ඇති පුද්ගලයන්ට සමාන මනසක් ඇති පුද්ගලයන් හමු වීමට හා උනන්දුවක් දක්වන ගැටලූ සාකච්ඡුා කිරීමට ‘අතථ්‍ය සන්නිවේදනය (Virtual Communication) යොදා ගත හැකි ය. පුරවැසියන්ට ඔවුන්ගේ මත සම්බන්ධයෙන් ඔවුන්ගේ දේශපාලන නියෝජිතයන් සමඟ කතා කළ හැකි ය.  ජනයා අතර අන්තර් කි‍්‍රයාකාරිත්වය නිරන්තරයෙන් පවත්වා ගෙන යනු ලබන සන්නිවේදනය සහභාගීත්ව ප‍්‍රජාතන්ත‍්‍රවාදය යි. මෙසේ සන්නිවේදන බලයෙන් පුරවැසියෝ වඩාත් ඍජු සංවර්ධන භූමිකාවක් ඉටු කිරීම පිණිස දිරි ගැන්වෙති.

Sameera Herath
B.A (Sp) hons Public Relations and Media Management University of Kelaniya
Diploma in Communication University of Kelaniya
 Diploma in English University of Colombo


whatsapp - 0717893803 








No comments:

Post a Comment

Thank you. To your encouragement. Stay tuned.

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...