සංවර්ධන සන්නිවේදනය
සංවර්ධනය සඳහා සන්නිවේදනය යන සංකල්පය මුලින්ම හඳුන්වා දී ඇත්තේ යුනෙස්කෝ සංවිධානයයි. ඒ 1950 දශකයේ අග භාගයේදීයි. 1970 දී සංවර්ධන සන්නිවේදනය යන යෙදුම මුල්වරට භාවිත කෙරිණ. පිලිපීන රාජ්‍ය විශ්වවිද්‍යාලය සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ අර්ථකථනයක් 1960 දශකයේ අග දී ඉදිරිපත් කළේය.
සංවර්ධන සන්නිවේදනය යනු රටක වේගවත් වෙනසක් සිදු කිරීමට යොදා ගත හැකි මානව සන්නිවේදනයට අයත් කලාවක් හා විද්‍යාවකි. එමගින් රටක පුළුල් ආර්ථික හා සමාජ සමානාත්මතාවක් ඇති කළ හැකි අතර මානව අවශ්‍යතා පුළුල්ව සම්පූර්ණ කළ හැකිය.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ ක‍්‍රියාත්මක කරන ලද සංවර්ධන සැලසුම් කාර්මික රටවල් ආශ‍්‍රිතව සාර්ථක විය. එහෙත් තුන්වන ලෝකයේ රටවල සංවර්ධන සැලසුම් අසාර්ථක වී තිබේ. ඒ පිළිබඳ විවිධ පර්යේෂණ සිදුකෙරිණ. ඒවායේ ප‍්‍රතිඵල ලෙස සංවර්ධනය සඳහා නව සන්නිවේදන ක‍්‍රමෝපා හඳුනා ගැණින. එය සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිකිරීමට සාධක විය. තුන්වන ලෝකයේ රටවල් ලෙස ආසියා - අප‍්‍රිකා සහ ලතින් ඇමරිකා රටවල් දැක්විය හැකිය. ( නොදියුණු හෝ ඌන සංවර්ධිත හෝ දියුණු වෙමින් පවතින රටවල් * උතුරු ඇමරිකාව - බටහිර යුරෝපය - ජපානය - ඔස්ටේ‍්‍රලියාව - නවසීලන්තය - දකුණු අප‍්‍රිකාව - ඊශ‍්‍රායලය හෙවත් කාර්මික රටවල් පළමුවන ලෝකය ලෙස හැඳින්වෙයි. දෙවන ලෝකය යනුවෙන් හැඳින්වෙන්නේ නැගෙනහිර යුරෝපීය රටවල් සහ ලතින් ඇමරිකා රටවල් ය.
සංවර්ධන ක‍්‍රියාවලිය සඳහා ප‍්‍රජාව සහභාගී කරවා ගැනීමට යොදා ගත හැකි පෙළඹවීම් උපායමාර්ගයක් වශයෙන් සංවර්ධන සන්නිවේදන සංකල්පය බිහිවිය. යම් රටක සමස්ත ප‍්‍රජා සංවර්ධනයට සංවර්ධන සංකල්පය පිටිවහලකි. එම අවශ්‍යතාව සම්පූර්ණ කිරීමට සංකල්පය බිහිවිය. 1980 දශකයේදී සංවර්ධන සන්නිවේදන විවාදය නැවත ඇරඹිණ. එහිදී සංවර්ධන සන්නිවේදනය ද - සංවර්ධනය සඳහා සන්නිවේදනය ද - සංවර්ධනය සඳහා උපකාර කරන සන්නිවේදනය ද - සංවර්ධනය උපකාර කරන සන්නිවේදනය ද ආදී කරුණු එහිදී අවධානයට ගැණින. රටක ජාතික සංවර්ධන ක‍්‍රියාවලියේ අන්තර්ගත කොටසක් ලෙස සංවර්ධන සන්නිවේදනය දැක්විය හැකිය. සාම්ප‍්‍රදායික සමාජය නවීන සමාජයක් බවට පත් කිරීම සඳහා සන්නිවේදනය යොදා ගැනීම සංවර්ධන සංකල්පයෙන් දැක්වෙයි.
සංවර්ධනය යන්නෙන් ආර්ථික - සමාජ - සෞඛ්‍ය - සංස්කෘතික - අධ්‍යාපනික හා පරිසරාත්මක සංවර්ධනය අදහස් කෙරේ.

සංවර්ධනය සම්බන්ධ නිර්වචන
--------------------------------
මහාචාර්ය විමල් දිසානායක
____________________
ජාතික සංවර්ධනය යනු ප‍්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය සහ සදාචාරාත්මක සංවර්ධනය යන කොටස්වලින් පරිපූර්ණ වූ සංවර්ධනයයි.

ඩඞ්ලි සියර්ස්
________________
සංවර්ධනය යනු දරිද්‍රතාව, සාක්ෂරතා ඥානයේ පහත් මට්ටම, විරැුකියාව, හා සමාජීය අසමානතාව ආදී පීඩාවලින් සංවර්ධනය වෙමින් පවතින රටවල ජනතාව මුදා ගැනීමයි.

පෝල් පී. ස්ටීවන්
__________________
සංවර්ධනය යනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමයි. එම බලවේග නම් මන්දපෝෂණය, රෝග, නූගත්කම, මුඩුක්කු, විරැුකියාව හා සමාජ අසමානතාවයි.

සංවර්ධන සන්නිවේදනය සම්බන්ධ බටහිර මතවාද
-----------------------------------------------------
මහාචාර්ය විල්බර් ශ‍්‍රාම්
__________________
ජාතික අපේක්ෂා උසස් මට්ටමකට ගෙන ඒම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජාතිකත්වය පිළිබඳ හැඟීම තහවුරු කිරීමට ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - රජයේ සංවර්ධන ඉලක්ක පිළිබඳ අවබෝධයක් ජනතාව තුළ ඇතිකිරීමට ජනමාධ්‍ය භාවිත කළ හැකි බවත් ශ‍්‍රාම්ගේ මතයෙහි දැක්වෙයි. සාම්ප‍්‍රදායික සමාජවල නව හැකියා ව්‍යප්තියට ජනමාධ්‍ය භාවිතයට ගත හැකිය. පොදු ජනතාව හැකිතාක් පාලන තන්ත‍්‍රයට සම්බන්ධ කර ගැනීම සඳහා ජනමාධ්‍ය යොදා ගැනීමේ හැකියාව ද තිබේ.

එවර්ට් එම්. රොජර්ස්
__________________
සංවර්ධනය පිළිබඳ අවබෝධයක් ඇතිකිරීම සඳහා ජනමාධ්‍ය භාවිතයට ගැනීමත් - ජනසන්නිවේදනය සහ අධ්‍යාපනය අතර ඇති සම්බන්ධතාව මැනවින් තේරුම් ගැනීමටත් - නවෝත්පාදන විසරණයටත් සංවර්ධන සන්නිවේදනය භාවිත කෙරේ. ජාතික න්‍යාය පත‍්‍රය සැකසීමත් - සංවර්ධනය පිළිබඳ විවිධ ගැටලූ සාකච්ඡුාවට පසුබිම සැකසීමත් -සන්නිවේදනය හා පුද්ගලාන්තර සන්නිවේදනය අතර සම්බන්ධතාව වටහා ගැනීමටත් සංවර්ධන සන්නිවේදනය පිටිවහලකි.

ඩැනියල් ලර්නර්
________________
මැද පෙරදිග කලාපයට විශේෂිතව කරන ලද පර්යේෂණ අනුව මෙම මතවාදය ඉදිරිපත් කෙරිණ. නාගරීකරණය - සාක්ෂරතාව - ජනමාධ්‍ය භාවිතය - දේශපාලන සහභාගීත්වය ආදී කරුණු කෙරෙහි මෙහිදී අවධානය යොමුවිය. මීට අමතරව අදහස් මතවාද වෙනස්කිරීමේ ක‍්‍රියාවලියට සහවේදනය බලපාන බව ද ඩැනියල් ලර්නර් පෙන්වාදෙයි.

ලූෂන් පායි
______________
පෞද්ගලික මත හා සංකල්ප සමාජීය පදනමක් තුළ ඉදිරිපත් කිරීම හා විග‍්‍රහ කිරීම ජනමාධ්‍යවලින් ඉටුවිය යුතුය. සන්නිවේදන හා දේශපාලන ක‍්‍රියාවලි අතර ඇති සම්බන්ධතා එමගින් ඔහු විග‍්‍රහ කරයි. ජනමාධ්‍ය මගින් තොරතුරු ලබා ගැනීමෙන් පසු දේශපාලනය පිළිබඳ තුලනාත්මක අවබෝධයක් ලබාගත හැකි බව මින් පෙන්වා දී තිබේ.https://web.facebook.com/sakudumukudu/posts/525001617577306?_rdc=1&_rdr

සංවර්ධන සන්නිවේදනය පිළිබද ශ්‍රී ලංකීය අත්දැකීම.
සංවර්ධන සන්නිවේදනය පිළිබද නිශ්චිත ආකෘතියක් ශ්‍රී ලංකාව තුළ නැත. එහෙත් විවිධ අවස්ථාවලට දී විවිධ ආකෘතීන් අත්හදා බලා ඇති බව ඉතිහාසය විමසන විට පෙනේ දැනට ද ශ්‍රි ලංකා සමෘද්ධි අධිකාරිය විසින් සිය ආයතනික ව්‍යුහාත්මක ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරික සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතිය තුළ පහළ මට්ටමේ සමෘද්ධී අධිකාරිය සමග පවත්වා ගෙන යන සන්නිවේදනාත්මක සම්බන්ධතාව එවැනි එක් ආකෘතියක් ලෙස දැක්විය හැකිය. එසේම සර්වෝදය ව්‍යාපාරය මෙන්ම සණස ද, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය ද තම තමන්ගේ සංවර්ධනාත්දක අරමුණු ජය ගැනීම සදහා විවිධ ආකෘති භාවිත කරයි.
ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය සදහා ජනමාධ්‍ය භාවිතය පිළිබද විමසීමේ දී කැපී පෙනෙන්නේ ශ්‍රී ලංකා ගුවන් විදුලියයි. එය ආරම්භයේ සිටම මහජන සේවා ගුවන් විදුලියක් ලෙස කටයුතු කරමින් ජනතාවගේ විවිධාකාර වූ සංවර්ධනයක් සදහා විශාල වූ සේවාවක් ඉටු කර ඇත. එසේම ප්‍රජා ගුවන් විදුලි සේවා පිහිටුවීම මගින් ඒ ඒ ප්‍රදේශවල ජනයාගේ සංවර්ධන අවශ්‍යතාවන් සපුරාලීම සදහා ගුවන් විදුලී මාධ්‍යට කළ හැකි උපරිම සේවාවක් සගසා ඇත.
1963 වර්ෂයේ දී ගුවන් විදුලියේ සන්ධ්‍යා සේවය ආරම්භ කිරීම කැපී පෙනෙන්නකි. මේ මගින් ග්‍රාමීය සන්ධ්‍යාව වැඩ සටහන් ඉදිරිපත් කරනු ලැබිනි. මෙහි අරමුණ වූයේ ග්‍රාමීය මට්ටමේ කෘෂිකාර්මික හා ග්‍රාමීය ජන ජීවිතය නගා සිටුවීමට අවශ්‍ය සෞඛ්‍ය තොරතුරු ආදිය ලබා දීමයි. එමපණක් නොව කාන්තා සංවර්ධනය අරමුණු කරගත් වැඩ සටහන් ද විකාශනය කරනු ලැබිණි. එපමණක් නොව අධ්‍යාපනය, ආගම , දංස්කෘතිය ආදි විවිධ ක්ෂේත්‍ර සංවර්ධනය සදහා ගුවන් විදුලි නාට්‍ය, ප්‍රවෘත්ති, ගීතය හා සංගීතය ද යොදා ගනු ලැබිණි.
1970 සමගි පෙරමුණු රජය පිහිටුවීමෙන් පසු ඉදිරිපත් කරන ලද ජාතික සංවර්ධනය පිළිබද පස් අවුරුදු සැලැස්ම සමග සංවර්දන සන්නිවේදනය පිළිබදව නව අත්දැකීම් ශ්‍රී ලංකාවට ගැබිණි. මේ වකවානුව වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවා තිබු අතර ආරම්භයේ දී ම ලේක් හවුස් පුවත්පත් ආයතනය රජයට පවරා ගැනීම නිසා රජයේ පුවත්පත් ද බිහිවිය. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ගුවන් විදුලිය හා රජයේ පුවත්පත් රජයේ සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරිමෙහිලා සංවර්ධන සන්නිවේදකයා බවට පත් විය. එසේ වූවත් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පිහිටුවන ලද 1967 වර්ෂයේ දී නිකුත් කරන ලද සංස්ථා ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මෙසේ දක්වා ඇත.
එය රටේ සංවර්ධනයට බලවත් රුකුලක් කර පෙන්වීමටත් බලාපොරොත්තු වන්නෙමු. ගුවන් විදුලියෙන් විනෝදයට දිය යුතු තැන සුළු කොට නොතකා ආධ්‍යාත්මික සහ සංස්කෘතික වටිනාකම් තව තවත් මුවහත් කළ හැකි වන පරිද්දෙන් කටයුතු පළල් කර ගැනීමට ද ජාතික ප්‍රබෝධය ලියලවා හැරීමට ද අපි බලාපොරොත්තු වන්නෙමු.
1973 දී බිහි වූ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රිජ්වේ තිලකරත්න යුගය තළ ගුවන් විදුලිය සම්පූණයෙන්ම යොමු කරන ලද්දේ එවකට ක්‍රියාත්මක කරමින් තිබු වගා සංග්‍රාමය පිළිබද පණිවිඩය ජනයා වෙත ගෙන යාමටය. මේ නිසා ගුවන් විදුලිය රජයේ දේශපාලන ප්‍රකාශනයක් බවට පත් වූ බව කියවේ. එහෙත් ගුවන් විදුලිය විසින් කරන ලද්දේ රජයේ සංවර්ධන ප්‍රයත්නය සදහා ගුවන් විදුලිය යොදා ගැනීමේ සංවර්ධන සන්නිවේදනාත්මක ,කාර්යයකි. එය මාධ්‍යක් වශයෙන් කෙසේ සාර්ථක වූයේ ද යන්න වෙනම විමසා බැලිම යුක්තකි. එසේම වූවත් එකල ප්‍රවෘත්ති, උදා ගී, සංවර්ධනාත්මක පණිඩිඩ රැගත් විවිධ සාකච්ඡා , ප්‍රබුද්ධ ගී, දේශාභිමානි ගී ආදිය ගුවන් විදුලි සමාජ පිහිටුවීත්, ඒවා සමග කෘෂි සංවර්ධ නිලධාරින් හා පුවත්පත් විසින් ද ඉදිරිපත් කරනු ලැබිණි.https://www.myschool.lk/%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92/%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1-%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B6%B1%E0%B6%BA-%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF-%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%93%E0%B6%BA-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8/u58788e387663f3.82991889