Friday, May 29, 2020

මීඩියා Media සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය (නව විෂය නිර්දේශය) සන්නිවේදනයේ කාර්යන් Functions of Communication

                                                  සන්නිවේදනයේ කාර්යන් Functions of Communication

නූතන සමාජය තොරතුරු සමාජයක් ලෙස සලකනු ලැබේ.
මේ නිසා නිරන්තරයෙන් ම තමා අවට සිදු වන දේ ගැන දැන ගැනීමට
පුද්ගලයන් ආශා කරයි. අතීතයේ සිට ම මිනිසා තම පරිසරය පිළිබඳ
ව කුතුහලයෙන් සිටි බව පෙනේ. පුද්ගලයා විසින් ආරම්භ කරන ලද
විවිධ තොරතුරු සැපයීමේ කාර්යය මේ වන විට ජන මාධ්‍ය මඟින්
වඩාත් විධිමත් ව කරනු ලැබේ. එහෙත් පුද්ගලයන් අතර තොරතුරු
හුවමාරු වීම තවමත් අඛණ්ඩ ව සිදු වේ. 



දැනුම ලබා දීම සන්නිවේදනයේ මූලික පරමාර්ථයකි.
අන්‍යෝන්‍ය වශයෙන් ද, පාසලින් ද, ජන මාධ්‍යයෙන් ද අධ්‍යාපනය
ලබා ගැනීම සිදු වේ. නාට්‍යයක් නැරඹීම හෝ ගීතයක් රස විඳීම හෝ
අධ්‍යාපනයක් ලෙස නොසැලකුවත්, එයින් සිදු වන්නේ ද අධ්‍යාපනයකි. 



ුද්ගලයාගේ මානසිකත්වය යහපත් ව පවත්වා ගෙන යාම
සඳහා ප්‍රබෝධයක් අත්‍යවශ්‍ය ය. ඒ සඳහා විවේකය, විනෝදය, හාස්‍යය
හා සැහැල්ලු බව තිබිය යුතු ය. සංවිධානාත්මක ව විනෝදාස්වාදය
ලබා දීම නාට්‍ය හෝ සංගීත සන්දර්ශන හෝ ආදිය මගින් කරනු
ලබයි. විනෝදාස්වාදය ලබා දීමේ දී ගුවන්විදුලිය ද, රූපවාහිනිය ද
ප්‍රමුඛ කාර්යභාරයක් නූතන සමාජයෙහි ඉටු කරයි. එපමණක් නොව
වැඩිහිටියකු විසින් කුඩා දරුවකුට කතාන්දරයක් කියා දෙනු ලැබීමෙන්
සිදු වන්නේ ද විනෝදාස්වාදය ලබා දීමකි. 



ීඩා කිරීම, නාට්‍යයක් බැලීම, ආහාර ගැනීම, විවේක ගැනීම,
ගෙදර වැඩ නිම කිරීම හෝ නිදාගැනීම හෝ එවැනි කුමන ආකාරයේ
කාර්යයක් වුවත් කිරීම සඳහා එක් පාර්ශ්වයක් විසින් තවත් පාර්ශ්වයක්
පොලඹවනු ලැබිය හැකි ය. මෙය සන්නිවේදනයේ කාර්යයකි. වෙළඳ
දැන්වීම් මගින් සිදු වන්නේ ද එවැනි ම පෙලඹවීමකි. එහි දී යම් යම්
දේ මිල දී ගැනීමට පොලඹවනු ලබයි.  

                                                                 Nonverbal communication Nonverbal communication is communication that takes...